Saturday, March 24, 2012

සමලිංගිකයන්ව එල්ලා මැරිය යුත්තේ ඇයි?

1. සමලිංගිකත්වය ස්වභාවික නොවේ. සැබෑ සිංහලයන් දන්තාලේප, යට ඇඳුම්, රූපවාහිනිය වැනි අස්වාභාවික දේට ප්‍රියකරන්නේ නැත.

2. සමලිංගිකත්වය නීති ගත කිරීමෙන් මිනිසුන් සමලිංගිකයන් වීමට අනුබල දෙයි. ඒ කෙසේද යත් උස පුද්ගලයන් සමග රැඳී සිටීමෙන් කෙනෙකුට උස යාමට හැකිවාක් මෙනි.

3. සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් විවිධ ආකරයේ උන්මත්තක හැදියාවන්ට දොර විවර වේ. සතුන්ට නෛතික අයිතියක් හා මානුෂික අයිතිවාසිකම් ඇති නිසා මෙන්ම විවාහයට අත්සන් තැබිය හැකි නිසා සමහර මිනිසුන් තම සුරතල් සතුන් සමග පවා විවාහ වීමට උත්සහ දරනු ඇත.

4. විෂමලිංගික විවාහ රීති කිසිකලක වෙනස් වී නොමැත. කාන්තාව තවම චංචල දේපළකි, කල්ලන් තවම වහලුන් නිසා සුද්දන්ව විවාහ කරගැනීම පාප සහගතය, දික්කසාදය කියා දෙයක් නොමැත.

5. විෂමලිංගික විවහයන්ගේ අර්ථය සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් හීන වේ. දවසින් දෙකෙන් නිමවෙන විවාහ වල ගෞරවාන්විත බවට හානි වේ.

6. විෂමලිංගික විවාහ වලංගු වන්නේ ඔවුන්ට දරුවන් ලැබීමේ හැකියාව නිසා ය. සමරිසි ජෝඩු, වඳ ජෝඩු හා වයසක පුද්ගලයන්ට විවාහ වීමට ඉඩ ලබා දිය යුතු නැත. ලෝකයට තව දරුවන් විශාල ප්‍රමාණයක් අවශ්‍යවන අතර අනාථ නිවාස වල ඉඩ තව ඕනෑ තරම් ඉතිරිව පවතී.

7. පැහැදිලිවම සමරිසි ජෝඩු සමරිසි ළමුන් පමණක් හදනවා ඇත. මක්නිසාද යත් විසමරිසි ජෝඩු හදන්නේ විසමරිසි ළමුන් පමණක් නිසාවෙනි.

8. මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි. සිංහලබෞද්ධයන්ට අනුව සමලිංගිකත්වය කියා දෙයක් නොමැත. ලංකාවේ තිබිය යුත්තේ/සිටිය හැක්කේ සිංහලබෞද්ධයන්ගේ අනුමැතිය ලද දේ/අය පමණකි.

9. දරුවෙකුට සෑමවිටම මව හා පියා කියා පැහැදිලි ආදර්ශමත චරිත දෙකක් අනිවාර්යයෙන් සිටිය යුතු ය. තනි මව තම දරුවා සමග සිටින විට තාත්තලා වීමට සුදානම් පිරිමින් ඕනෑ තරම් ඉන්නේ එබැවිනි.

10. සමලිංගිකත්වය සමාජ සම්මතයන්ට පටහැනිය. අපට කිසිවිටක නවතාවන් බාරගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිට 'රජු' කියා අමතන්නේත්, 'රජු' පසුපස යන වන්දිභට්ටයන් සිටින්නේත්, විවාහයකදී කුලය අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේත්, ස්ත්‍රීවාදය යක්ෂණියන් බිහිකරනවා යැයි සිතන්නේත් එබැවිනි.

38 comments:

  1. "පැහැදිලිවම සමරිසි ජෝඩු සමරිසි ළමුන් පමණක් හදනවා ඇත."

    එහෙම කොහොමෙයි වෙන්නේ? ළමයෙක් හදන්න නම් න්‍යායික විදියට සමරිසි බවින් මිදෙන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. යාළුවා ළමයෙක් ( ප්‍රජනනයට ) හදන්න යෝනියක් සහ ශිෂ්නයක් අවශ්‍යයි. එහෙත් ඔවුන් දෙදෙනාම ලිංගිකව එක් වෙන්න "ඕනෙම" නැහැ කියල ඔබ දන්නවා ඇතිනේ. අනික ළමයෙක් අරන් හදා ගන්නකොට ඔය ප්‍රශ්නේ කොහෙත්ම නැහැ

      Delete
  2. ඔය මාතෘකාව ගැන කතා කරන්න ගියාම අගන්නේ "මොකද උඹත් ...... ද?" කියලා. මේවා තේරෙන්නේ නෑ බං රාමු ඇතුලේ කොටු වෙලා ඉන්න උන්ට!

    ReplyDelete
  3. මේ ගැන නම් අදහස් දක්වන්න යන්නෙ නෑ... :)

    සාතන් කැමතී කොල්ලො ආස්සරේ කරන්න වැඩි වෙලාවක් කොල්ලො එක්ක බයිලයක් ගහල ෆන් එකේ ඉන්න... ඒත් ලිංගිකත්වය කියන තැනදිනම් කෙල්ලො විතරයි :)

    ReplyDelete
  4. Oya 6 veni eka varadiyi. Apita ona vela thiyenne puluvan yharam vayasaka aya adukarala tharuna aya vadikaranna. Janagahanaya vadi karana neme.

    ReplyDelete
  5. "විෂමලිංගික විවාහ වලංගු වන්නේ ඔවුන්ට දරුවන් ලැබීමේ හැකියාව නිසා ය. සමරිසි ජෝඩු, වඳ ජෝඩු හා වයසක පුද්ගලයන්ට විවාහ වීමට ඉඩ ලබා දිය යුතු නැත. ලෝකයට තව දරුවන් විශාල ප්‍රමාණයක් අවශ්‍යවන අතර අනාථ නිවාස වල ඉඩ තව ඕනෑ තරම් ඉතිරිව පවතී."

    දැනටම ජනගහණය ලෝකෙට ඔරොත්තු නොදෙන තරම්. ‍අනේ මන්දා.
    ඕනි එකෙක් ඕනි මගුලක් කර ගත්තදෙන් මට මොකෝ :)

    ReplyDelete
    Replies
    1. [දැනටම ජනගහණය ලෝකෙට ඔරොත්තු නොදෙන තරම්. ‍අනේ මන්දා.]

      මේ මිනිස්සුංට මේව කියන්න යනවට හොඳා ගලේ කට උලාගන්න එක! පෙන්නල කිව්වත් ගනං ගන්නෑනෙ!

      Delete
    2. මොනා උනත් සමලිංගිකේ නං එච්චර ෂුවර් නෑ. සෙනග පිරිච්ච බස් එකක අඩුගානෙ අපටවන් නිවී හැනහිල්ලෙ යන්න වෙන එකක් නෑ!

      Delete
    3. දැනට නම් සෙනග පිරුණු බස්වල පොරවල් අඩුයි. හැබැයි කොළඹනම් ඔය ප්‍රසිද්ධ ස්ථාන වල ඒ කියන්නෙ ෆිල්ම් හෝල්,පොදු වැසිකිළි, පුස්තකාල, බස් නැවතුම් පොළවල්, දුම්රිය නැවතුම් පොළවල් වගේ තැන්වල මේ ගොල්ලො ගොදුරු හොයනව. තම තමන්ගෙ කැමැත්ත අනුව මොන ලිංගික වුණත් අපිට කමක් නෑ. ඒත් තවම ලංකාවෙනම් සම ලිංගික නැඹුරුවක් තියෙන උදවිය අනෙක් උදවියට මළ ඇණයක් වෙනව බොහෝ වෙලාවට. සමලිංගික ගැහැණුත් එහෙමද කියන්න මම දන්නෙ නෑ. සමහර විට එහෙම නැඹුරුවක් තියෙන අය ලංකාවෙ අඩු නිසා වෙන්න ඇති.

      Delete
    4. ඇත්තටම මම අහන්නේ විෂම ලිංගික මිනිස්සු ගෑනුන්ට ඔහොම මල ඇණයක් වෙන්නේම නැද්ද ? ඒ ගොල්ලෝ ඇත්තටම බස් වල හැමෝම බලන් ඉන්දැද්දී ගෑනුන්ට ජැක ගහන්නේ නැද්ද ? පාරේ යන කෙල්ලන්ගේ බලෙන් පුක මිරිකන්නේ නැද්ද ??? ඇත්තටම මේ ඔක්කොම විෂම ලිංගික මිනිස්සු රහත් බව ලබපු අයද? ඔබ ඇතුළුව ...

      Delete
  6. මෙහෙමයි හිරණ්‍ය, මිනිස්සු කැමතියි හැමවෙලාවේම අනෙකාව තමන්ගේ ඔළුව ඇතුලේ තියෙන රාමුවක හැඩගස්වගන්න. පෞද්ගලිකව මම හිතන්නේ, අපිට කිසිම මිනිහෙක්ව විනිශ්චය කරන්න අයිතියක් නැහැ. මම කියන්නේ මතවාදීමය වශයෙන්. මිනිහෙක්ට හෝ ගෑණියෙක්ට තව මිනිහෙක්ට හෝ ගෑණියෙක්ට හෝ ආදරය කරන්න/ලිංගික ඇසුවක් පවත්වන්න ඕනනම්, ඒක මට අදාළ වෙන්න විදියක් නෑ.
    සමලිංගික චර්‍යාවන් නිසා සමාජය පිරිහීමට ලක්වෙනවා කියලා බුදු ටෝක් දෙන සුචරිතවාදීන් අපහරණය සහ ලිංගික චර්‍යාවන් පටළවාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. පැතුම්ගේ කතාවට එකඟයි.

      Delete
  7. සමරිසිඋනහම මොකෝ..රිසි දේ නේ.....

    ReplyDelete
  8. අඬුව තියෙද්දී ඇත පුළුස්සා ගන්නේ මක්කටෙයි.සෝක් එකට එකක් තියෙද්දී මොනවට කක්කා ගාගන්නවද ?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා ගෑනුන්ගේ කක්කා ගා ගන්න කැමති පිරිමි ඕන තරම් ඉන්නවා... කොටින්ම කිව්වොත් තමන්ගේ කක්කා සමලිංගිකයන්ට ගාවන්න කැමති විෂමලින්ගික පිරිමිත් ඉන්නවා. කක්කා ගා ගන්නේ නැතුව වැඩේ කරන්න දැන ගන්න එකත් talent එකක් තමයි

      Delete
  9. සමලිංගිකත්වය අවිහිංසක දෙයක්. එය කරලියට ගත යුතු නැත. මතවාද අවශ්‍ය නොවෙ. ඒවා කරන අය ඒ අයගේ කැමැත්ත අනුව කරගෙන ගියාවෙ. අපි ප‍්‍රශ්නයක් කර ගත යුතු නැත.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ ඒවා කරගෙන යන්න සුද්දගේ වික්ටෝරියානු නීතියෙන් නිදහසක් නැහැ නේ . ඉතින් ඒ ගැන කතිකාවල් අත්‍යවශ්‍යයි

      Delete
  10. ලිංගිකත්වය කියන දේ වර්ගයා පවත්වගැනීම කියන කාරණේට විතරක්ම අදාල වෙන සකල සත්ත්වයන්ගෙත් මිනිස්සු වෙනස් වෙන හේතුවට ඔය සමරිසි විෂමත්වයත් අයිතියි මගෙ හිතේ. ඒත් විෂම ලිංගිකයො හිතන්නෙ "අරුන් ඇවිත් අපටත් වැඩේ දෙයි" කියලා...

    ReplyDelete
    Replies
    1. හරේෂ් අදහස් කළේ සතුන් අතර සමරිසි සම්බන්දතා නෑ කියල කියන්න නම් ඒ අදහස වැරදියි. දැනට හොයාගෙන තියන විදිහට සත්ව වර්ග 1500 පමණ ඔය චර්යා හඳුනාගෙන තියනවා.

      වැඩිදුර කියවනවා නම්,
      http://en.wikipedia.org/wiki/Homosexual_behavior_in_animals

      Delete
    2. සත්තු අතරෙ ඔය සම්බන්ධය තියෙන බව මම දැනගෙන හිටියා මචං. මම කියන්නෙ ලිංගිකත්වය සංස්කෘතියත් එක්ක බැඳිල තියෙන ස්වභාවයට සමරිසි බවත් අයිතියි කියන එක. ඒ කියන්නෙ මිනිස්සුන්ට ලිංගිකත්වය කියන්නෙ තවදුරටත් සංස්කෘතික දෙයක් මිස වර්ගයා පවත්වගැනීම අරභයා තියෙන දෙයක් නෙවෙයි. ඒකෙදි විෂම රිසි හෝ සමරිසි කියන අන්ත දෙක දෙකක් විතරයි. ඔයිට අමතර ඔය දෙක අතරමැද හෝ ඒකට පිටින් තියෙන ලිංගික චර්යා/වන්දනාවන් කොයිතරම් තියෙනවද? ඒවයින් බොහොමයකට බලූ බැල්මට ලිංගිකත්වය ගෑවිල නෑ කියලත් හිතෙන්න පුළුවන්.

      Delete
    3. ඔව් ලිංගිකත්වය කියන කරණයේදී සංස්කෘතිය ලොකු බලපෑමක් කරනවා තමයි. ඒත් මම හිතන්නේ නෑ ජීව විද්‍යාත්මක මිනිසා වඳ වෙලාම යයි කියලා, කොච්ච‍ර කොටු කරන්න උත්සහ කළත් සත්ව චර්යා එලියට පනින වෙලාවල් තියනවනේ. ඒ වගේම සංස්කෘතිය සමග සමරිසි බව පැවතුනා/විකාශනය වුණා කියන කරුණ ගැන නම් තව හිතල බලන්න වෙනවා. ඒත් මට මෙහෙම හිතෙනවා, සංස්කෘතිය නිසා විෂමරිසියන් අතර ඇති වූ තත්ත්ව (විවාහය, පවුල, සමාජගතවීම වැනි) සමරිසියනුත් ලබා ගැනීමට උත්සහ දරනවා. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය කරන්නේ සංස්කෘතිය තුල තමන්ට ඉඩක් සාදා ගැනීම. ඒ වගේම විවිධ සංස්කෘති විවිධ හේතු නිසා නිතර වෙනස් වෙන දෙයක් නිසා ඒ තත්වය තව සංකීර්ණ වෙනවා. එහෙම බලද්දී මම කලින් කියූ දේ අදාල වෙන්නේ වර්තමානයට විතරයි.

      Delete
    4. හිරන්‍ය ... ඔබ කියූ දේ සහතික ඇත්ත... සාමකාමී අයත් ඔය කියන විෂම ලිංගික අයගේ සංස්කෘතික රාමු වලට යන්න කැමතයි. ( විවාහය වැනි ) හැබැයි ඒකෙ ඔබ නොදකින නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ සහකාරයාට අනතුරක් වුනොත් තමන්ගේ රක්ෂණ වන්දි සහකාරයාට ලැබෙන්නේ නැහැ. දේපල ප්‍රශ්නෙදිත් එහෙමයි. ඔබ කියයි මේවා දෙදෙනෙකුගේ ආදරයට ප්‍රශ්නයක්ද කියල. නැහැ ආදරයට නෙමෙයි . එත් ප්‍රායෝගිකව හිතල බලනකොට සාමකාමී යුවලකට නීතිමය පිළිගැනීමක් නැති නිසා ඔවුන් මෙවන් ප්‍රශ්න වලදී අසරණ වෙනවා. මම සදහන් කලේ එම ප්‍රශ්න ස්වල්පයක් විතරයි . මම කියන්නේ නැහැ මේවා නිසා සමලිංගික විවාහ අවශ්‍යයි කියල . හැබැයි නීතිමය පිළිගැනීමෙන් ඕන කෙනෙකුට ලැබෙන වරප්‍රසාද සාමකාමී අයට නැති වෙනවා .

      Delete
  11. හැමෝටම පොදු උත්තරයක් දෙන්නම්.
    මේ ලිපිය ලිවීමේ උත්සාහය වුණේ සමලිංගිකත්වයට විරුද්ධවන්නන් නගන සමහර අතාර්කික හා නිසරු අදහස්/ප්‍රශ්න උපහාසයට ලක්කිරීම මිස සමලිංගිකයන් එල්ලා මැරිය යුතු බවක් කීමට නොවේ. එහෙත් සමහර පාඨකයන්ට උත්ප්‍රාසත්මකව එය කියූ සැටි නොතේරුණු සේයකි (එය මාගේ ලීවීමේ අදක්ෂබව හෝ එය ඔවුන් තේරුම්ගෙන උත්ප්‍රාසයෙන්ම පිළිතුරු දුන්නාද විය හැක.) මෙහි දක්වා ඇති කරුණු ඉතා වැරදි සහගත හෝ/හා සැබෑවට පැවතිය යුතු ඒවා නොවේ.
    සෑම ජන ගහනයකම එක්තරා ප්‍රතිශතයක් (ආසන්න වශයෙන් 6%-8% පමණ) සමලිංගික වන අතර එය තමා හඳුනා නො ගැනීම හෝ හඳුනා ගත්තත් ප්‍රකාශ නොකර සිටීම වැනි අවස්ථා නිසා සමාජය ඔවුන්ව හඳුනා ගැනීමක් සිදු නොවිය හැක. එසේම ලිංගික බලපෑම්/අපහරණය කුමන ලිංගිකයෙකු අතින් සිදු වුවද වැරදිය, එහි තර්කයක් නැත.
    මෙසේ කරුණු දැක්වීමක් මා විසින් කළ යුතු නැතත් ලියුවේ වරදවා වටහා ගැනීම් මා ප්‍රර්ථනා කරන්නේ නැති බැවිනි.

    ReplyDelete
  12. Broakback mountain වගේ චිත්‍රපටියක් බැලුවම සමරිසි ප්‍රේමය ගැන තියෙන රළු අදහස් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු ඒව බලන එකත් දෘෂ්ධිවාදීව මගහරිනවා... :P

    ReplyDelete
    Replies
    1. Hi Haresh! Mama trailer eka baluwa, mata movie eka download karanna link ekak denna puluwanda? Thanks... ;)

      Delete
  13. කිසිම පුද්ගලයෙකු එල්ලා මැරීම යුතු නොවේ. සමලිංගිකයන් එල්ලා මැරීමද යුතු නොවේ. විෂම ලිංගිකයින් සුදු ලෙස හා සමලිංගිකයන් කළු ලෙස වර්ග කිරීම නොකළ යුත්තකි. ප්‍රතික්ෂේප කල යුත්තේ ක්‍රියාවන්ය. සමලිංගික හෝ විශමලින්ගික චෙචා පරස්ත්‍රීන්, පරපුරුෂයන් කාරයාම වැරදිය. පමණට වඩා ලිංගිකව හැසිරීමද වැරදිය. ඒවා වැරදි වන්නේ ආගමික ශාස්තෘ කෙනෙකු කී නිසා, අනොන්‍ය කැමැත්ත නිසා, සම්මතයට පටහැනි නිසා, නීතිය නිසා හෝ නොවේ. එම ක්‍රියාවෙන් අන්‍යන්ට හෝ තමන්ට හානි පමිනුවෙන බැවිනි.

    ඉතා සුළු පිරිසක් හැරුණු විට මම දන්නා සමලින්ගිකයින් පමණට වඩා ලිංගිකව හැසිරේ (Addicted). අන් සමලිංගිකයන් ආකර්ෂණය කරගැනීමට අධික ලෙස මුදල් වියදම් කරයි. මෙය වැරදිය. ඒ ඔවුන් සමලිංගිකයන් නිසා නොවේ. වරද සමලින්ගිකත්වයෙහි නොවේ, පුද්ගල හැසිරිමෙහිය.

    ReplyDelete
    Replies
    1. //පමණට වඩා ලිංගිකව හැසිරීමද වැරදිය.// මෙහි 'පමණ' කුමක්ද? ඒ දෙන්නාගේ කැමැත්තෙන් නම් කොපමණ වාර ගණනක් හැසිරුනත් එහි වරද කුමක්ද?
      ආකර්ෂණය ලබා ගැනීමට නම් පොදුවේ මිනිසුන් කෙතරම් දේ කරනවාද? ඔබ කියූ ලෙසින්ම එම කාරණාවේදී සමරිසි/විසමරිසි භේදයක් මා දකින්නේ නැත.

      ප.ලි. : කිසිවෙකුට සමරිසි බවෙන් මිදීමට හැකියැයි මා සිතන්නේ නැත.

      Delete
    2. "පමනට වඩා" නොකර ඉඳීම ගැන සිත්ගන්නා කතාවක් මතක් වුනා:

      "කෙල්ලනේ පළමුවැන්න කිසිදා දුම් පානය කරන්න එපා. මා කියන්නේ පමණ ඉක්මවා දුම් නො බොන ලෙස යි. මගේ වයස අවුරුදු හැත්තෑ තුන හමාරයි. ඉන් හැත්තෑතුනක ම මම දුම් පානය කළෙමි. ඒත් මං කවදා වත් පමණට වැඩියෙන් දුම් බොන්නේ නෑ. ඒ කියන්නේ මං මඳ පමණට දුම් බොන බව යි. එනම් වරකට එක සුරුට්ටුවක් පමණක් බොන බව යි.

      "දෙවැන්න, බොන්න එපා. ඒ කියන්නේ පමණට වැඩිය බොන්න එපා.

      "තුන්වැන්න, කසාද බඳින්න එපා. මං අදහස් කරන්නේ පමණට වැඩියෙන් කසාද බඳින්න එපා."


      - මාක් ට්වේන් (වජ්‍රායුධ, පරිවර්තනය ජයතිලක ද සිල්වා, 1993, 118 පිටුව)

      Delete
    3. දෙන්නාගේ කැමැත්ත තිබුන පලියට දෙයක් හරි හෝ වැරදි යයි පැවසිය නොහැකිය. අනාචාරයේ හැසිරෙන මිනිසුන්, ගැහැණුන දෙදෙනාගේ කැමැත්ත අනුව ලිංගිකව හැසිරෙ. නමුත් එය සාධාරණ යයි ඔබ පිළිගන්නේද?. "පමණ" ඔබ තීරණය කර ගත යුතුවේ. Any kind of addiction is bad!! Whether it is sex, porn, smoking or eating. Addiction යනු වහල භාවයකි.

      ප.ලි : ඔබ වෙනස් වීමට අකමැති නම් එය ඔබේ කැමැත්ත වේ. මම එයට ගරු කරමි. අනෙක් පුද්ගලයන් වෙනුවෙන් සිතන්න එපා.

      Delete
    4. අනේ QGB ... ඔබට මෙසේ කියන්න තියෙන දත්ත මොනවද ??? ඔබට පුද්ගලික අත්දැකීම් තියෙනවාද නැද්ද කියල මම අහන්නේ නැහැ ... එහෙත් විරුද්ධලින්ගික ක්‍රියාවට ඇබ්බැහි වෙච්ච කට්ටිය නැද්ද ??? ඔවුන් ඒ සඳහා මුදල් වැඩියෙන් යොදවන්නේ නැද්ද ??? මේක සමලිංගිකත්වය කියන "ලිංගික අනන්‍යතාවයට" ( Sexual Orientation ) සන්බන්ධ දෙයක් නෙමෙයි. ඔබ ඔය කතා කරන්නේ "ලිංගික ක්‍රියාව" ( Sex Act ) පිළිබඳවයි. මොකද ඔය දෙකම දෙකක්. සමලිංගික " ලිංගික ක්‍රියාවේ " යෙදෙන විරුද්ධලින්ගිකයොත් ඉන්නවා ... ඔවුන් පිරිමික් සමඟ ලිංගිකව හැසිරුණ පලියට සමලිංගික වෙන්නේ නැහැ. "ලිංගික ආකර්ෂණය " ලිංගික අනන්‍යතාවය තේරුම් ගැනීමේ එක සාධකයක් පමණයි.

      Delete
  14. ඇත්තටම විශිෂ්ටයි හිරණ්‍ය....
    කාලෙකින් දැකපු සුපිරි උත්ප්‍රාසය.

    (උඹ මේක ලිව්වෙ වැරදි තැනකද මන්ද බං :P)

    ReplyDelete
  15. මචන් මට හිතෙන විදියට උඹ නිරීක්ෂණ පරීක්ෂණ නැතුව නිකන්ම නිගමන වලට ඇවිත්.මට නම් උඹ ලිඳක ඉන්න ගෙම්බෙක්.

    උඹ මේ තරම් කරුණු ලිව්වට උඹ සමලිංගිකයෙක් එක්ක ෂුවර් එකටම කතා කරලවත් නැතුව ඇති. උඹ ඔවුන්ගේ සිතුම් පැතුම් ගැන අහල තියනවද...? ආදරය කියන හැඟීම ඔවුන්ට දැනෙන්නේ කොහොමද කියල අහල තියනවද...?. මොකක්ද ඔය ගන්න ආතල් එක කියලා හරි අහපන්...? මොහොතකට හරි සංස්කෘතියක් සදාචාරයක් නැති නිකන්ම නිකන් මනුස්සයෙක් විදියට ඔය කියන සමලින්ගිකයෙක් හොයාගෙන ගිහින් අහපන් , කතා කරපන් ඊට පස්සේ නිගමනයකට එන එක තමයි හොඳම වැඩේ.

    මම කියන්නේ ආගම,සංස්කෘතිය,සදාචාරයට නො ඇලී අතිශයින්ම මානුෂික විදියට මේ ගැන හිතන්න කියලා.සම ලිංගිකත්වය කියන්නේ මානසික රෝගයක් නෙවෙයි ශාරීරික අසන්තුලිතතාවක්.ඒ තත්වය සහිත පුද්ගලයට සාපේක්ෂව එය අතිශයින්ම ස්වාභාවිකයි

    (මම මේ කියන්නේ විෂම ලිංගික ක්‍රියා ගැන නෙවෙයි , නීතිගත කරන්න කියලවත් නෙවෙයි අපි හිතන් ඉන්න ගොඩක් දේවල් ඒ හිතන් ඉන්න විදියම නෙවෙයි කියලයි)

    ReplyDelete
  16. ස්ත්‍රීවාදය කියන්නෙ යක්ෂනියන් බිහිකරන එකක් තමයි.ඔබ ඔවුන්ගෙ ලිපි කියවා නැද්ද?ඔවුන් පිරිමින්ට වෛර කරන බව දන්නේ නැද්ද

    ReplyDelete
  17. ellala maranna dan samalingika kamada ape rata prashna wela tiyenne..kalayath ekke dan wenan wiya yuthui..mona neethiya tibbath kalayath ekka minissa thawa issarahata ona widiyata wensa wewi..

    ReplyDelete