Thursday, March 1, 2012

තමා තුල සිටින දෙවියා | Act of Contrition


http://lonelypierot.deviantart.com/


පහණින් සැදුම්ලත් හදවතේ
ඊයම් කැබලිති සිරව
ගිලීමට තව තවත් පතුලට
යත්ම හඬක් නොනගා ම
කියවෙන මුණු මුණුව,

මාගේ දෙවියණනි,
අයදිමි සමා කළ පාපයන්ට
ඔබට කළ දෝෂාරෝපණයනට
මක්නිසාදයත් මා ස්වර්ගයේ
අහිමිවීමට ශෝකවනවා සේම
අපායේ වේදනා ප්‍රතික්ෂේප
කරමින් මින් මතු ඔබ
ඉල්ලා සිටින දෙය පමණක්
කරනා බවට සපතවෙම්

ආමේන්!

තමන් තමන් තුලින්ම
දෙවියන් සොයා ගත්කල්හි
තමා ම දෙවියන් වී
ශුන්‍ය ප්‍රීතියකින් පවසම්
මම නම් ප්‍රේමය බව

12 comments:

  1. අලුතෙන් ඇඳුමක් එහෙම අන්දල තියෙන්නෙ... මොකක්ද බන් හෙන හිමින්නෙ උඹේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ... සතියට එකක් වගේ ලියපන්කො :)

    මේ පෝස්ට් එක ගැන නම් කියන්න තේරෙන්නෙ නෑ... මට කවි, නිසැඳැස් වගේ ඒව තේරෙනව අඩුයි...

    ReplyDelete
    Replies
    1. අලුත් ඇඳුමක්ම නෙමෙයි, header එකට අලුත් picture එකක් එකතුකළා.

      උඹ ගැන "Act of Contrition" අහල තියනවද? හොයල බලපන්.

      Delete
    2. උඹ කියන්නෙ කවි නිසඳැස් නොතේරෙන එක යම්කිසි පසුතැවීමක් වගේ එකක් හින්ද කියලද?... එහෙම නම් අදහස් කලේ මම ඒක ප්‍රතික්ෂේප නොකර ඉන්නම් :)

      විස්තර ටිකක් හොයල බලන්නම්කො...

      Delete
  2. බ්ලොග් එකත් අළුත් වෙලා එහෙම තියෙන්නේ.. කවියත් නියමයි..

    ReplyDelete
  3. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...........

    ReplyDelete
    Replies
    1. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....

      Delete
  4. තමා තුළින් පමණයි දෙවියන් දැකිය හැක්කේ... මුණිවර දැක්ම එයවේ..

    ReplyDelete
    Replies
    1. ඔව්, විශ්වාසය තියන තාක්...

      Delete
  5. ප්‍රේමය දේවත්වයෙන් සලකනවද? නැත්නම් අනංගයා කවියක් ලියලද? :D

    ReplyDelete
  6. බ්ලොග් ඇඳුම ටිකක් සීරියස් පාටකින් ඇවිත්.....:)))

    ReplyDelete
    Replies
    1. ලිව්වේ ප්‍රේමය දේවත්වයෙන් සලකා තමයි, ඕනෙනම් අනංගයාගේ වැඩක් කියලත් හිතාගන්න පුළුවන්. ;)

      සීරියස්? හ්ම්ම්,,, ඒක හොඳයිද නරකයිද?

      Delete