Friday, May 27, 2011

ආදරණීය දේවදත්ත



ආකාස පර්වතය මත හිඳ
නෙත් යොමුකාරම් ඔබ වෙත 
තවමත් චූල බලාපොරොත්තු මැද 
දඟලන කුහුම්බුවෙකි පැණි හැළියක 


දකින්නේ ප්‍රතිබිම්බයයි ඔබ ඔබේම
හැමතනකින්ම හැමෙකකින්ද
ඔබ ඔවුන්වී ඔවුන් වහලුන් වී
මනෝ රාජධානියක සිරගතව නුඹ


ධවල වස්ත්‍ර හැඳ නෙලුම් අතට ගත්තද 
මඩ තැවරුණ වත අපුල වේ කටත්
ආලෝකයයි සිත අඳුරට යත්ම 
කිසිදාක ළඟා වේද  ශාන්තිය


විලාපදෙන්නේ හර්ද සාක්ෂිය ඉඳහිට
හේමලයා ඔබ පසුපසින් සැමවිට
එහෙත් දේවදත්ත ම සොහොයුර
මෛත්‍රී කරම් උපේක්ෂාවෙන් මම තවම


"අවබෝධය යනු සියල්ලටම සමාව දීමයි."

Wednesday, May 11, 2011

මුකුලිත ආදර ප්‍රර්ථනා


මේ තියෙන්නේ මම කෙනෙක්ට දෙන්න කියල හිතාගෙන ලියපු ලියමනක කොටසක්, එහෙම හිතාගෙන ලිව්වට මොකද මම දුන්නේ නෑ. මේ ලියපු කෙනා දැන් "මම" කියල හඳුන්වන එක කොච්චර සාධාරනද මන්ද. මොකද ඒ මම යි දැන් මම යි සෑහෙන වෙනස් නිසා. ඒ කෙනා තාමත් මට මුණගැහෙනවා කතා කරනවා. එත් ඒ සම්බන්ධය බොහොම විරාගියි, සරලයි. ආපස්සට හැරිලා බලද්දී මම බොහොම බොළඳ වෙලා කියල තේරෙනවා. කොහොම උනත් කියවලම බලන්නකෝ.


".....මම ඔයාට ආදරේ නෑ තියෙන්නේ අනුකම්පාවක් විතරයි. මීට ටික කාලෙකට කලින් නම් දෝර ගලන ආදරයක් තිබුන තමයි. එත් ඒ උල්පතට මහා ගලක් පෙරළලා උපන්ගෙයිම මැරුණ ළදරුවෙක් වගේ කරුත් නොදැනම නොදැනිම වැලලුනා. එත් මළ දරුවාගේ අම්මට කවදාවත් ලමයව අමතකවෙන්නේ නෑ වගේ තමයි මගේ ආදරේ මරල දැම්මේ නෑ. හැබැයි ඒ ආදරේ ස්වරූපය නම් සැලකිය යුතු පරිදි වෙනස් වුණා, ඒ මහා ආත්මීය අනුකම්පාවක් බවට.ඒ කොහොමද කියල අහන්න එපා,ඇහුවත් නිශ්චිත පිළිතුරක් දෙන්න දන්නෙත් නෑ. ආදරය ඇතිවෙන්නේ කොහොමද කියන එකටත් තියෙන්නේ සාපේක්ෂ නිර්වචන විතරයිනේ. ඒ වගේම තමයි මගේ ආදරේ වෙනස් වුනේ කොහොමද කියන දේටත් හරි උත්තරයක් මා ගාව නෑ.
ආදරයයි වෛරයයි අතරේ වෙනස කාසියක දෙපැත්ත වගේ නම් ඒ කිසිම පැත්තක් තෝරා නොගෙන වෙනමම මාවතක මම දැන් ගමන් කරනවා, ලේසි දෙයක් නොවුනත් මමදන් සාර්ථකයි. ඒ ගැන සතුටයි. ඔය ගෙයි මගෙයි බැඳීම අතමීය දෙයක්ද කියන දේට සම්පුර්ණයෙන්ම නිවැරදි පිළිතුරක් දෙන්න මම දන්නේ නැති වුණාට ඔය පළවෙනි වරට දැක්ක මොහොතේ ඇති වුන හැංගීම ඒ සමීප බව නම් අමුතුම අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයාටත් එහෙමමයි කියල ඔයාම කිව්වනේ. සිද්ධාර්ථ-යශෝදරා යුවල වුනත් හැම භවයකම එක්වුණේ නෑනේ. ඒ දෙපටත් සුඛාන්තයක් උරුම වුනාද කියන එක ප්‍රශ්නයක්නේ. කොහොම උනත් සබැ ජීවිතයේදී සුඛාන්තයක් කියනේ දේ ප්‍රයෝගික නැතිව ඇති. 
දැන් මම විරහව රසයක් කියල හිතන්න ඒ දුකතුලම වෙලෙන්න කැමතියි. ඔයාට තියන අනුකම්පාවත් එක්ක එක අමරුදෙයකුත් නෙමෙයි. ඔය වෙනුවෙන්ම වෙන්වුණු මේ අනුකම්පාවත් එක්ක මේ ජීවිතය පුරාම වුනත් ඉන්න මම දැන් සූදානම්. ඔයා නැතිව මට ජීවිතය විදින්න පුවන් වෙයිද කියල මට කියන්න අපහසුයි ඒත් තේරුමක් නැති මරණය කර වුවමනාවෙන් ළඟා නොවී ඉඳීවි....."

Tuesday, May 10, 2011

සමාන්තර (8වන කොටස)

අපි ප්‍රශ්න වලින් පැනලයන්න කොච්චර උත්සහ කරනවද, හැබැයි ප්‍රශ්නවලින් ගැලවෙන්න ඕනේ නම් ප්‍රශ්න වලට මුහුණ දෙන එක ඇරෙන්න තවත් විසඳුමක් නැහැ. අවිශ්ක මාලන් වගේම තව දන්න හැම දෙනාවම මගාරින්න හැදුවට මම මග ඇරලා තියෙන්නේ මාවයි. ඒක තේරුම් ගන්න මට සැලකිය යුතු කාලයක් වැය වුණා. මේ ප්‍රශ්නෙදි මම නිසා කිහිප දෙනෙක්ටම හිත වේදනා වලට භාජනය වෙන්න වුනේ මගේ උවමනාවෙන් නම් නෙමෙයි. තවත් කාවවත් රිද්දන්න ඕන නැති වුනත් කෙලින්ම කියන්න ඕනේ දේ කියන්න ඕනෙනේ. සරල සුන්දර බොළඳ උත්තර දීල ප්‍රශ්නේ මගාරින්න, කල් යවන්න පුළුවන් උනත් එකේ තේරුමක් නෑ. එහෙම කරලා මාවම රවට්ට ගන්න ඕනේ නෑනේ. 


"හ්ම්ම්,,, හරි කෙලින්ම කියනවනම් අවිශ්කයි මමයි ගොඩක් සමීපයි, හැබැයි ඒ මගේ සහෝදරයෙක් වගේ. පොඩිකාලේ ඉඳලම අපි අපිව හොඳට දන්නවා, නොදන්නා දෙයක් නැති තරම්. එත් දැන් හිතනවා මම නොදන්නා දේවලුත් තියනව කියල. කොහොම උනත් මම අවිශ්ක ගැන හිතන්නේ හොඳම යාලුවෙක් ගැන විදිහට මිසක් ඊට වඩා දෙයක් නෑ. අනිත් එක මම ආදරේ මාලන් ට කලිනුත් අදත් ඉස්සරහටත් එහෙමමයි." මම පුළුවන් උපරිම පැහැදිලි කළා.

දෙන්නම අඩුමතරමින් එක්කෙනෙක් හරි මොනවහරි කියයි කියල හිතුවත් කවරුත් තම තමන්ගේ ලෝකවල තනිවෙලා කලපනා කරනවා. මාලන් ගේ මුනේ දන්නා බව පෙන්වන ලා හිනාවකුත් අවිශ්ක ගේ මුනේ කලකිරීමක් එක්ක දුකකුත් මතුවෙලා පෙනුණා.

"එහෙනම් මම යනවා, පස්සේ කතා කරමු" කියල යන්තමින් හිනා වෙලා මාලන් යන්න ගියේ අවිෂ්කගේ පිටටත් තට්ටුවක් දමමින්.
මම 'හා' කියල ඔලුව වැනුවා, හිනාවෙන්න හැදුවත් වුනේ නෑ.

"අවිශ්ක ඉතින් කතා කරන්න, ඔයා මගේ තවම හොඳම යාලුවනේ, කියන්න තියන දෙයක් කියන්න අපි දෙන්නට ඕන දෙයක් කතාකරන්න බැරි කමක් නෑනේ" මම ටික වෙලාවකින් කිව්වේ කරුණාවෙන්.

"අපි දෙන්නගේ යාලු කමේ තේරුමක් නැහැ උත්තරා, දැනට මෙහෙම ප්‍රශ්න තියනව නම් ඉස්සරහට අපි යාලුවෝ විදිහට මුහුණ දෙන්නේ කොහොමද? ඔය වරදවා තේරුම් ගන්න එපා මම ඔයාට ආදරෙයි එත් ඔයා එහෙම නෑ. ඔයා කියනවා අපි තවම යාලුවොලු එත් එහෙම මට හිතෙන්නේ නැහැ. මම ආදරෙන් පැරදිලා ඉන්න දුක ඔයාට තේරෙන්නේ නෑ, තේරුම් කරලා වැඩකුත් නෑ.... ඔයා මට, මම ඔයාට ආදරේ කරන තරම් ආදරේ නෑ ඒකට කමක් නෑ ඒ ඔයාට හිතෙන හැටිනේ මම ඒකට ඔයත් එක්ක තරහ නැහැ. ඒත් තවත් මට ඔයාගේ යාලුවෙක් වෙන්න බෑ." අවිශ්ක කිව්වේ සෑහෙන දුකකින්කියල තේරුණා.

"අවිශ්ක මම ඔයාට ආදරෙයි තමයි, හැබැයි ඒ සහෝදරයෙක්ට වගේ. මට තේරෙනවා ඔයාට දුක ඇති. කමක් නෑ ඔයාට මගේ යාලුවෙක් වෙන්න බැරිනම්. ඒත් මම හිතන්නේ නෑ අපිට අපිව අමතක කරන්න පුළුවන් වෙයි කියල. එහෙම පුළුවන් කියල ඔයා හිතනවා නම් ඔයා ඔයාවම රවට්ටගත්ත වෙනවා."  

අවිශ්ක මගේ මුණ දිහා බලාගෙන හිටියා, කොච්චර වෙලා ගත වුණාද කියල තේරුනේ නෑ. මමත් ඒ දිහාම බලාගෙන හිටියේ සමාධියකට සමවැදිලා වගේ. මට මතක් වුනේ අපි දෙන්නගේ පොඩි කාලේ. එච්චර හොඳ යාලුවෝ වුනේ මේ විදිහට වෙන් වෙන්නද. 
අපේ යාලු කමේ අවසානය මේකද? මාලන් ව ලබාගෙන අවිශ්කව නැතිකරගන්න මට කොහෙත්තම උවමනාවක් නැති උනාට මට නොදැනුවත්වම දෙහ්න්නගෙන් එක්කෙනෙක් තොරගැනීමක් වෙලා.

Monday, May 9, 2011

අනවරත රත



අබලන් නිවස අලුත්වැඩියාවට ඉඩ නැත
ගරා වැටීමට තව සුළු මොහොතක්
බලාසිටින්නේ නෙත් අයා
කුමටදැයි නොදැනම 

මල් පොද පතිතව සැන්දෑ යාමේ
තෙත් කරනුවස් දෙනයන 
පිසදා වැහිපොද, හඬන්නට අවසර 
එනතුරු ඔබ යලිත්

නිශායාමය ආසන්නව 
දැනෙයි ළං ළංවම සිසිලස රාත්‍රියේ 
පොරවනයක්ව එතෙන්න 
මා හා ඔබ ප්‍රේමයෙන්

කඩා වැටින අබලන් නිවස මහා හඬින් 
නැත දුකක් කිසිත් ඒ ගැන ඔබ වෙත මිස
හැරදා යන්නම් සදහටම 
කිසිවක් නොවූ පරිද්දෙන් 


ප.ලි. : ප්‍රමාදයට සමාවෙන්න ඕන, මගේ පරිගණකය ලෙඩ වෙලා. හදන්න ටිකක් කල් යාවි. එතකන් හැමදාම එන්න වෙන්නේ නෑ. හෙට කොහොමහරි කතාවේ ඉතිරි ටිකත් දාන්නම්. දිගටම මාත් එක්ක හිටියට බොහෝ තුති.