කිසිදා නොසිඳෙන පිපාසයක
කිසිදා සුව නොවෙන රෝගයක
කිසිදා නොගැලවෙන ජාලාවක
හසුව සිටින මා
වරදක් නොකළ අපරාධකරු වෙම්
සඳේ පහස දැන දැනම
හිරු උදාවෙන තෙක් බලන
මලක සුවඳ දැන දැනම
සමනළයන් පසුපස යන මා
සම්මතය නොදන්නා මානවයා වෙම්
බල්ලන් උඩුබුරලන විට
අවඥාවෙන් සිනාසෙන හිවලා
ගංගාව මුහුදට ගලනවිට
උඩුගම්බලා පාවෙන පාත්‍රය
මා මඩෙහි පිපුන නෙළුම වෙම්
කෙසේ ඇතිවුනි දැයි නොදැනම
පණමෙන් ඔබටම ප්‍රේම කරන
හිමි නොවනා බව දැන දැනත්
නැවතත් ඔබෙන්ම ආදරය ඉල්ලන
මා ඔබේ රැඩිකල් පෙම්වතා වෙම්