ඔන්න එකමත් එක කාලෙක කොහෙද මන්ද රටක මහා නරකම නරක මිනිහෙක් හිටියලු. ඒ මිනිහගේ නම ප්‍රභා ලු. හැබැයි ඉතින් හැම නරක මිහිහෙක්ට හැමදාම නෝටි වැඩ කර කර ඉන්න වෙන්නේ නෑනේ. ඒ රටේ වීරයෝ එකතු වෙලා ප්‍රභා ව අල්ලා මරල දැම්මලු. වැඩේ කියන්නේ ප්‍රභාට පවුලකුත් හිටියලු. ඔච්චර කැත මිනිහෙක්ට පවුලක් හිටියේ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මේ කතාව ප්‍රභා ගැන නම් නෙවෙයි එයාගේ පොඩි පුතා ගැන, බාලා.
ඔන්න ඉතින් ප්‍රභාව පරද්දපු වීර මාමලා කට්ටියට මේ බාලා ව හම්බවුනාලු. බාලා අවුරුදු දහයක විතර පොඩි දරුවෙක් වුණත් බාලා ගේ තාත්තා මිනිමරුවෙක් අපරාධකාරයෙක් නේ. අපරාධකාරයාගේ පුතත් ඒ අපරාධ වලට වගකියන ඕනනේ නේද? ඒ අභිමානවත් සදාචාරවත් ශිෂ්ට රටේ හැටි එහෙමයි. දන්නේ නැත්තම් ඉගෙන ගනිල්ලා. කෝ ඉතින්, ඔන්න ඒ වීර මාමලා කල්පනා කරන්න ගත්තලු. බාලට දෙන දඬුවම මොකද්ද කියලා. එක එක වීරයෝ එක එක යෝජනා ගෙනාවලු.
1. ඕකව උලතියමු. උල තියද්දී උල පස්සේ ඇනිලා ලේ විසිවේවි. හැම තැනම ලේ ගෑවේවි. ඕකගේ තාත්ත කරවපුව හැටියට ඒක හොඳ වැඩියි.
2. කටට මෝටාර් එකක්! පුකට ක්ලේමෝ එකක්!
3. මම කියන්නේ හතරට පලලා ගස් හතරක එල්ලමු. හා හොඳ නැද්ද ඒක? මාගාව කැමරාවකුත් තියනවා. වීඩියෝ කරන්න බැරියෑ. ආයේ නෑ මාස ගානකට ආතල්.
4. ඕකව තියාගමු. පස්සේ ඕනේ වෙන්නත් බැරි නෑනේ...
5. පිස්සුද උඹට මූත් තාත්තා වගේම තමයි. අනාගත ත්රස්තවාදියා!
කොහොමින් කොහොමින් හරි කාටවත් දෙන දඬුවම ගැන සමතයකට එන්න බැරි වෙලා. ඔයවගේ අවස්ථා වල වෙලාවත් හරි වැදගත් නේ. ඔන්න ඉතින් එක වීර මාමෙක් බාලා ළඟට ගියාලු කතාකරන්න. වැඩේ කියන්නේ ඒ යකා බාලාට බිස්කට් පැකට් එකකුත් දුන්නනේ. ඔන්න ඉගෙන ගනිල්ලා සල්ලිවලට තමන්ගේ රට පාවා දෙන උන් ඒ කාලෙත් හිටියා.
"බාලා, කොහොමද?" දේශද්‍රෝහියා ඇහුවා.
"කෝ අපේ තාත්තා අම්මා?"
"දන්නේ නෑ." බාලා ගොළුයි.
"බාලා බයවෙලාද? බය වෙන්න එපා."
බාලා ඔලුව වැනුවා.
කොහොම වුණත් බාලට මොකද වෙන්නේ කියලා බාලවත් ඒ වීර මාමලවත් දැනගෙන හිටියේ නෑ. ටික වෙලාවකින් කෝල් එකක් ආවලු. රහස් ඇමතුමක්, ඕන්. කෝල් එකින් කිව්වේ බාලව අතුරුදහන් කරන්න කියල. දන්නේ නැද්ද, ඔය රහස් වැඩ එහෙමනේ. ඔන්න ටිකකින් බලද්දී බාලා නෑලු. කොහෙට ගියාද නෑ. කකා හිටපු බිස්කට් පැකට් එක බිම වැටිලා තිබුනලු. වීර මාමලා වැඩේ තේරුම් ගත්තලු. සමහරු නම් දුක් වුණාලු. අතුරැදහන් වීම වීඩියෝ කරන්න බැරි වුණාට.
ඔන්න ඉතින් ළමයි කතාව ඉවරයි. හරිම මානුෂිකයි නේද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සාදු සාදු සාදු!