ලොකු සද්දයක් දාගෙන
රතු පලසක් උඩින් ඇවිදගෙන
දෙලොවටම වැඩක් නැති
කතාවක් පවත්වාගෙන
සම්මානයක් ගන්න
මමත් හරි ආසයි
පැපරාසි පස්සෙන් එද්දී
පත්තරෙන් සාකච්චා තියද්දි
රසිකයන්ට අත්සන් දෙද්දී
සම්මානයක් ගන්න
මමත් හරි ආසයි
සම්මානයක් එක්ක
ලොකු වටිනාකමක්
වටිනාකමත් එක්ක
ලොකු බලයක්
බලයක් එක්ක
ලොකු ශක්තියක්
එතකොට මම
මම, මම, මම
හැමෝටම ඉහලින්
සුළඟට පාවෙන මළ කොළයක් නොවී
රූස්ස ගහක පිපුණු මලක් වෙන්න
වේලුනු පොළවට ලා පොද වැස්සක්
ගොළු වුණු සිතට ආදර සිනහවක්
අනේ මටත් ආසයි
සම්මානයක්,
මටත් සම්මානයක් ලැබෙයිදෝ!