ආකාස පර්වතය මත හිඳ
නෙත් යොමුකාරම් ඔබ වෙත
තවමත් චූල බලාපොරොත්තු මැද
දඟලන කුහුම්බුවෙකි පැණි හැළියක
දකින්නේ ප්‍රතිබිම්බයයි ඔබ ඔබේම
හැමතනකින්ම හැමෙකකින්ද
ඔබ ඔවුන්වී ඔවුන් වහලුන් වී
මනෝ රාජධානියක සිරගතව නුඹ
ධවල වස්ත්‍ර හැඳ නෙලුම් අතට ගත්තද
මඩ තැවරුණ වත අපුල වේ කටත්
ආලෝකයයි සිත අඳුරට යත්ම
කිසිදාක ළඟා වේද ශාන්තිය
විලාපදෙන්නේ හර්ද සාක්ෂිය ඉඳහිට
හේමලයා ඔබ පසුපසින් සැමවිට
එහෙත් දේවදත්ත ම සොහොයුර
මෛත්‍රී කරම් උපේක්ෂාවෙන් මම තවම
"අවබෝධය යනු සියල්ලටම සමාව දීමයි."