Tuesday, October 4, 2011

ඔබට මතකද තවම



වැලි තල මත පතිත
පා සටහන් හමුවන තුරා
බලාසිටින්නේ තවම
මතකයන් අමතක වන තුරුම

නිදහසේ පියඹා යන්න 
ගමන් මග මෙයද
ඔබට මතකද තවම 
ප්‍රේමයේ සටහන් කොහෙද

හමා යන සැඩ සුළඟ 
මුහුදු රළ ද සමග
මැකූ පා සටහන් අපගේ
ඔබට මතකද තවම 

කොළ පැහැය තැවරුණු
ආදරණීය නිම්නයක් 
නැතිව රළු මුහුද ලැබ
නොලැබුණේ ඇයි ද නුඹ 

පා සටහන් දැන් නොමැත 
ඔබෙන් ලද ප්‍රේමයද නැත
ඇත්තේ නිශ්ශබ්දතාව 
පාරවන හද ඉඳහිට

රැඳෙන්නට නොහැක තව මට
පලක් නැති නිසා ආ දුර
සිටිය හැක ආදරය තුලම
ඔබට මතක නම් තවම