වැලි තල මත පතිත
පා සටහන් හමුවන තුරා
බලාසිටින්නේ තවම
මතකයන් අමතක වන තුරුම
පා සටහන් හමුවන තුරා
බලාසිටින්නේ තවම
මතකයන් අමතක වන තුරුම
නිදහසේ පියඹා යන්න
ගමන් මග මෙයද
ඔබට මතකද තවම
ප්‍රේමයේ සටහන් කොහෙද
හමා යන සැඩ සුළඟ
මුහුදු රළ ද සමග
මැකූ පා සටහන් අපගේ
ඔබට මතකද තවම
කොළ පැහැය තැවරුණු
ආදරණීය නිම්නයක්
නැතිව රළු මුහුද ලැබ
නොලැබුණේ ඇයි ද නුඹ
පා සටහන් දැන් නොමැත
ඔබෙන් ලද ප්‍රේමයද නැත
ඇත්තේ නිශ්ශබ්දතාව
පාරවන හද ඉඳහිට
රැඳෙන්නට නොහැක තව මට
පලක් නැති නිසා ආ දුර
සිටිය හැක ආදරය තුලම
ඔබට මතක නම් තවම
