Friday, January 29, 2016

නව සිංහලේ | New Taprobanah

GTA5 ක්‍රීඩාව "සිංහලේ" ඇඳුමක් ඇඳ ක්‍රීඩා කල හැක.
 අහසේ තරු පෙනෙන තරමටම නගරය පුරාවට කොළ සුදු හද තරු කොඩි පිරිලා තිබුණා. ඒ ඇයි කියල මම දැනන් හිටියේ නෑ. පාරවල් වල ලයිට් කණු වල එල්ලී එල්ලී ඒවා හුළඟට ලෙල දුන්නා. ඒ අතරින් පතර සිංහයත් එල්ලිලා හිටියා. පාර දෙපැත්තේ තිබුණු බල්බ වලින් ආව කහ ආලෝකයෙන් ඒවා පෙනුනේ විකෘති රටාවලින්. හෙවනැලි ඒවා අතරින් ගිහින් රාක්ස රූප මැව්වා. මම ආලෝක රස්සයෝ අතර මොහොතක් එකල මෙකල වුණා.

 "මොකද බලන් ඉන්නේ? ගලවමු" සිල්වා ඇහුවා. නහය කට ලේන්සුවකින් වහගෙන හිටය උගේ ඇස් විතරක් දිලිසුනා.

 මම ඔලුව වැනුවා. අපි මේ ගැන කලින් සැහෙන වතාවක් කතා කරලා තිබුණා. එකඟ වෙලත් තිබුණා. ඒත් අත්දැකීම් අඩු නිසා ප්‍රායෝගිකව කරන කොට ඒක ඊට ටිකක් වෙනස්. රණදේව දැනටම එක කණුවකට නැගල එක කොඩි වැලක් ගලවමින් හිටියා. ගහකට නැග ගන්නවත් පුළුවන් කමක් තිබුනේ උට විතරයි.

 "මොකද බං බයයිද?" රණදේව කණුව උඩ ඉඳන් කෑගැහුවා.
 "අපෝ නෑ" මම රණදේව ගලවලා තිබුණ කොඩි වැලක අගිස්සක් වැරන් ඇද්ද. කොඩි වැල ක්‍රමයෙන් ගැලවෙන්න පටන් ගත්තා.

 කොඩි ගලවන එක අමාරු නෑ. ඒත් ඒක කරන්න පෙළඹෙන්න හිතේ ගටක් තියෙන්න ඕන. හේතුව ප්‍රතිපලය බලලා ක්‍රියාකාරීවන්න වුමනාවක් තියෙන්න ඕන. කොටින්ම කීබෝඩ් එක අත් ඇරලා එතනින් එහාට එන්න පුළුවන් කොන්දක් තියෙන්න ඕන. ඕක ගොඩක් අයට කරන්න අමාරුයි, මමත් ඇතුළුව. ඒත් කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. 

 වැඩේ කරන යද්දී වයසක මනුස්සයෙක් (හිඟන්නෙක් කියන්න පුළුවන්) ඇවිත් අපි දිහා ඔහේ බලන් හිටියා. අපි මොනවත් කියන්න ගියේවත් ඒ මනුස්සයා මොනවත් අහන්න ගියේවත් නෑ. ඒත් එහෙම කවුරුවත් බලන් ඉඳීම අමුත්තක්.

 "මොකෝ සීයේ කන්න දෙයක් ඕනද?" අන්තිමට සිල්වා ඇහුවා.

 ඒ මනුස්සයා ඔහේ බලන් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ. කොටින්ම අපිව ඇහුනද කියලවත් විශ්වාසයක් නෑ. ඒ තරමටම ඒ මනුස්සයා ගල් වෙලා හිරිවැටිලා හිටියා. හිඟන්නාගේ කතාවක් හිඟ කමින් හැමෝම ආපහු තම තමන්ගේ වැඩවලට යොමු වෙන්න වුණා.

 "මේවා ගලවලා විතරක් මදි බං. අපේවා එල්ලනත් ඕන." රණදේව ලයිට් කණුවක ඉඳන් බෙරිහන් දුන්නා.
 "අනිවා, වීරකෝන් උඹ මොකද කියන්නේ?" සිල්වා ඇහුවා.
 "ඔව් ඩිසයින් කරලා දුන්නනම් මට හසන්ත අයියට කියල අඩුවට ප්‍රින්ට් කරගන්න තිබුණා." මම උත්තර දුන්නා.
 "හැබැයි කල් ඇතිව කියන්න වෙයි උන්ට මේ ටිකේ ස්ටිකර්ස් ප්‍රින්ට් කරලා ඉවරයක් නෑ."

 ඈත බල්ලෝ බුරද්දී නගරයේ බල්බ නිවී නිවී දැල්වෙද්දී අපි කොඩිවැල් ගලවමින් හිටියා. එක පාරට වාහනයක් වේගයෙන් අපිව පහු කරගෙන ගියා. පොලිසියෙන්? පපුව ගැහෙන්න ගත්තා? අපි කරන වැඩේ නීති විරෝදීද? අපේ රටේ අපිට ඕන දේ කරන එක නීති විරෝදී වෙන්නේ කොහොමද? වැඩිය කලබල වෙන්න වුනේ නෑ. ආපු වාහනය ආපු වේගෙන්ම යන්න ගියා. ඒකෙත් පොඩි ආතල් එකක් නැතුව නෙමෙයි. ඇඩ්‍රනලින් ලේ පුරා ගිහින් ඇගට අලුත් පණක් අවා. ඕන දෙයක් කරන්න පුළුවන් වගේ හැංගීමක්. ඕනෑම දෙයක් කරන්න ශක්තියක් තියනවා වගේ ගටක්. සිංහයෙක් වගේ.

 "මේක අල්ලපන්" සිල්වා ස්ප්‍රේ කෑන් එකක් විසික් කළා.
 "මොකටද මේක?" මම ඇහුවා.
 "මෝඩ ප්‍රශ්න අහන්න එපා බන්. මොකට කියලද උඹ හිතන්නේ? උඹ උඹට හිතන දේ එලියට දාන්න ඕන. පපුවේ හිර කර ගෙන හිටියට වැඩක් නෑ." රණදේව කෑගැහුව.
 "ඔව් බන්, මෙතන තියන ඒවා එලියට දාපන්" සිල්වා පපුවට තට්ටුවක් දැම්මා. "මාර නිදහසක් දැනෙයි."

 ස්ප්‍රේ කෑන් එක හීතලයි. ඇඟිලි හිරිවැටෙන තරමට නැතත් තරමක් එහෙමයි. මම කෑන් එක හෙලෙව්වා. ඇතුලේ ඇති දෙයක් ටක ටක ගලා හෙලවුනා. කරන්න දෙයක් හිතට ආවෙත් ඒ එක්කමයි. අද හවස අහපු රැප් එකක් ඔලුවට ආවෙත් ඒ එක්කමයි.

 "අන්කල් මේක අහල තියනවද?" මම තවමත් හිටන් ඉන්න හිඟන්නාගෙන් ඇහුවා.
 "සිංහලේ තමයි කැරියෝ අපි ඉන්නේ, අපි ගැන තවම නැහැ උඹලා දන්නේ, උටෝපියාව අපි මේක කරන්නේ, කරන්න බැරිවුන් චුත වෙයන්නේ." පුළුවන් විදිහට මම රැප් එක අනුකරණය කළා.
 "තද බ්‍රෝ තද." සිල්වයි රණදෙවයි කෑගැහුවේ එකටම. "කියපන් බ්‍රෝ ඉතිරි ටිකත්."
 "සිංහලයට කියල ඉතිරි වෙලා තියන එකම රට, දෙන්න බෑනෙ කොල්ලෝ මේක වෙන උන්ට හෙට, උඹ හිටියොත් ඇල් මැරිලා බිම තියාන හොට, යන්න වෙන්නේ පිටමන් වෙලා අපේ රටින් අපිට." මේ වතාවේ උන් දෙන්නත් රැපට එකතු වුනා.
 "ජාති බන් උඹ. හදමු බන් අපිත් සින්දුවක්." මට හිනා ගියා.
 "අනේ මන්ද බන් උඹටත් පිස්සු-" මට කියන්න ලැබුනේ නෑ.
 "ඒ ඒ පොලිස් ජීප් එකක් එනවා." රණදේව කණුවකින් බහින ගමන් කෑගැහුවා.
 "යමන් යමන්." සිල්වා කෑගැහුවා.

 අපි දුවන්න ගත්තා. දුවන්නේ කොහෙටද කියල දැනීමක් තිබුනේ නෑ. එතනින් පැන ගන්නයි උවමනාව. කොහොමහරි පොලිසිය මග අරින්න පුළුවන් වුනා. හිඟන්න තාමත් එතන ඉන්නවා ඇති. අපි ගැන මුකුත් නොකිව්වොත් හොඳයි. මම ඒ ගැන නොහිතා ඉන්න උත්සහ කළා. දුවල දුවල මහන්සි නිසා අපි වේගය අඩු කළා.

 "යකෝ මේ අර හන්දියේ කඩේ නානාගේ ගෙදර නේද?" සිල්වා ඇහුවා.
 "ඔව් මම හිතන්නේ." රණදේව ඕනවට එපාවට උත්තර දුන්නා.
 "යමන් ගෙදර. අර හිඟන්න ගම කයිද දන්නේ නෑ. ගෙදර යමන්." සිල්වා කිව්වා.
 "පොඩ්ඩක් හිටපන්. පොඩි වැඩක් තියනවා." මම කිව්වා.

 නානාගේ ගෙදර ගේට්ටුව මම මගේ අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍යක් කරනගන්න අදහසක් පැන නැගුනේ එවෙලෙමයි. ස්ප්‍රේ එක හොලවපු මම අඩ එළියේ රන් අකුරෙන් වැකියක් ලියන්න ගත්තා. අවසානයේ මට මගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. රණදේවයි සිල්වයි ඈත ඉඳන් බලන් හිටියා. පොලිසිය ආවත් කමක් නෑ කියල තමයි ඒ වෙලාවේ හිතුනේ. ලියල ඉවර වෙලා පස්සට ඇවිත් මම, මම ම ලියපු දේ කියවන්න ගත්තා.

 "අපි ඔක්කොම සිංහලේ හුත්තෝ!"

1 comment:

  1. ඔහොම වැඩ කරන්නේ ඉතින් සිංහලේ හුත්තොම තමයි. හරි ඇති එකෙක් කරන්නේ නැහැනේ.

    ReplyDelete