Thursday, April 11, 2013

ඊළඟට ලියන්නේ මොනවද?

මේක අර්ධ-ලිපියක්. ඒ මේක සම්පූර්ණ වෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී නිසා. මා ලවා කතාවක් ලියවා ගන්න නැත්තම් මම එක් ආකාරයක, එක් වස්තු විෂයක කතාවක් ලියන තෙක් බලා ඉන්න අයට අවස්ථාවක් මේ. කරන්න තියෙන්නේ මම ලියනවට ඔබ කැමති දේ කියන එක යි.


උදාහරණයක් විදිහට ඔබට ඕනෑ කරන කතාව මෙහෙම කෙටියෙන් කියන්න.

  • සමරිසි වැම්පයර් කෙල්ලෙක් අපරාධකාරයන්ට දඬුවම් දෙන කතාවක්.
  • අල්ලපු ගෙදර වයසක ආච්චි පිට සක්වල ජීවියෙක් බව අඳුන ගන්න ළමයි දෙන්නෙක් ගැන කතාවක්.
  • සාතන් දවසක් උදේ නැගිටිද්දී තමන් කෙල්ලෙක් වෙලා කියල දැන ගත්තට පස්සේ ආයේ කොල්ලෙක් වෙන්න මොකද කරන්න ඕනේ කියල හොයන ස්වයං සංචාරයක්.
  • පොඩි කුමාරිහාමිගේ ක්ලෝනයක් කුමාරිහාමිව බලෙන් පැහැරගත්තට පස්සේ කුමාරිහාමි එතැනින් බේරිලා එන හැටි.
  • හිරණ්‍ය කියන්නේ මහා බොරුකාරයෙක් කියල ලෝකෙටම එළිවුණාට පස්සේ මිනිස්සුන්ට මුහුණදෙන්න බැරිවෙලා සියදිවි හානි කරගත්තට පස්සේ අවතාරයක් වෙන කතාවක්.

ඔය උඩින් මම ලියල තියන ඒවා ආකාරයේ වෙන්න ඕනේ නෑ, ඔබට කැමැති ඕනෙම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කරන යෝජනාව වඩාත්ම නිර්මාණාත්මක වෙන තරමට, අභියෝගාත්මක වන තරමට මම කැමති යි. එහෙම ලැබුණු කතා සංකල්ප වලින් වඩාත් හොඳයි කියල හිතන යෝජනා තුනකට මම කතා ලියනවා. දැනට හිතන් ඉන්නේ එක් කොටසකින් කෙටිකතාව බැගින් ලියන්න වුණත් ඉදිරිපත් කරන අදහස කොටස් කිහිපයක් තෙක් දික් වෙන විදිහේ එකක් නම් එහෙම ලියන්නත් බැරි නැහැ.



33 comments:

  1. ඈ බන් උඹට මාව කෙල්ලෙක් කරනව ඇරෙන්න වෙන එකක් හිතුනෙම නැද්ද?...

    මම නම් කැමති සිරාම සැලැස්මකට වැඩකරන පුද්ගලයෙක් හරි කන්ඩායමක් හරි ගැන කතාවකට... හරියට කලින් අර රශ්මිගෙ කතාව ඇත්තටම මිනීමැරුමක් වෙලා මිනීමරුවා රශ්මි වෙන විදිහට වුනානම් ඇතිවෙන තාලෙ කතාවකට..

    ReplyDelete
    Replies
    1. උඹ කියන විදිහේ කතාවක් වෙනම ලියාගෙන යනවා, කොටස් සෑහෙන ප්‍රමාණයකුත් එක්ක. ඒ විස්තර පස්සේ කියන්නම්.

      Delete
  2. “සාතන් දවසක් උදේ නැගිටිද්දී තමන් කෙල්ලෙක් වෙලා කියල දැන ගත්තට පස්සේ ආයේ කොල්ලෙක් වෙන්න මොකද කරන්න ඕනේ කියල හොයන ස්වයං සංචාරයක්.“

    මෙන්න මේක ලියන්න පුළුවන්නම් ඇත්තටම ලොකු දෙයක් අයියෝ... එතකොටවත් ඔය උඩ ඉන්න උන්දැට තේරෙන්නැතෑ... අර ඉට්ස් අ බෝයි ගර්ල් තින්ග් ෆිල්ම් එකේ වගේ...;)

    මං ආසයි කෙනෙක් තමුන්ගෙ මරණය සිද්ධවෙන විදිය ශරීරයෙන් එලියට ඇවිත් තුන්වෙනියෙක් විදියට දකින විදියෙ කතාවක්....

    ReplyDelete
    Replies
    1. සමරිසි වැම්පයර් කෙල්ලෙක් අපරාධකාරයන්ට දඬුවම් දෙන කතාවක්.
      අල්ලපු ගෙදර වයසක ආච්චි පිට සක්වල ජීවියෙක් බව අඳුන ගන්න ළමයි දෙන්නෙක් ගැන කතාවක්.
      me deken ekak nam maru

      Delete
    2. /* මං ආසයි කෙනෙක් තමුන්ගෙ මරණය සිද්ධවෙන විදිය ශරීරයෙන් එලියට ඇවිත් තුන්වෙනියෙක් විදියට දකින විදියෙ කතාවක්.... */

      ඒක මං ලිව්වා!
      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      !

      Delete
    3. කකාට ලින්ක් එකක් දාන්න බැරි පෝස්ට් එකක් මේ බ්ලොග් වලල්ලේ තියෙනවා යෑ.

      Delete
  3. ☻ පිටසක්වල ආක්‍රමණයකට "ලංකාව" වගේ රටක් මුහුණ දෙන හැටි..
    ☻ මිනිස්සුන්ගෙ මොළයට චිප් එක් දාලා ඒ මිනිහව අර්ධ රොබෝ කෙනෙක් විදියට පාවිච්චි කරන දොස්තරයෙක්ගෙ ඉරණම
    ☻ සොම්බි ආක්‍රමණයක්.. මිනිස්සු මිනිස්සුන්වම මරං කාලා පැතිරයන වෛරසයක්
    ☻ ලංකාවෙ පුංචි කොල්ලො දෙන්නෙක් ගූගල් හැක් කරල ලෝකයේ සියළුම පද්ධති තමන් අතට ගන්න කතාවක් :P

    ReplyDelete
  4. සුරංගනා කතාවක් ද හොයන්නේ?

    මෙන්ණ අදහසක්.

    ලංකාව කියලා පුංචි රටක් තියෙනවා. ඒකේ අවංක දේශපාලකයෙක් ජනාධිපති වෙලා රට හොඳින් පාලනය කරනවා.

    ඊට පස්සේ එලාම් එක වැදෙනවා ඇහිලා අපිට ඇහෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. අපූරු අදහස.... ඇහැරුණා කිව්වට ඒත් හීනයක්... තාමත් කට්ටිය නින්දෙ....

      Delete
    2. මේ කතාව නම් දැනටම කවුරුත් දන්නවනේ කසූ.

      Delete
  5. උඹ වැඩේ වණ කරගනියිද මන්දා ;-)

    ReplyDelete
    Replies
    1. එහෙම නොවේවා කියල හිතමු.

      Delete
  6. මම නම් වැඩියම කැමති සාතන් කෙල්ලෙක් වෙන කතාවට හී හී...

    මෙන්න මේකත් හොඳයි. හිරණ්‍ය සිය දිවි නහගන්නවත් එක්කම පොඩ්ඩි අතුරුදහන් වෙනවලු. ඉතින් ඔක්කොම සැක කරන්නේ පොඩ්ඩිව. හිරණ්‍යගේ අවතාරය ඒක දැකලා දුක් වෙලා, පොඩ්ඩිගේ clone
    එක හොයාගෙන ගිහින් එයාව බේරගන්නවලු. හරියටම පොඩ්ඩි කවුද කියලා දන්නේ හිරණ්‍ය විතරලු. ඉතින් මේ හන්දා එයාගේ අවතාරෙට ආපහු මේ ලෝකෙට එන්ටත් ලැබෙනවලු. ඉතින් ඊට පස්සේ මේ දෙන්නා lived happily ever after කියලා ඉවර කරමුද? :D:D:D

    මට හරිම දුක පොඩ්ඩි පැහැර ගෙන යන්නේ එයාගේම clone එකක් කීවට. අනේ හැබෑට වෙන කවුරුත්ම හිටියේ නැද්ද එයාව පැහැරගෙන යන්ට? :(

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ලියන්න හොඳම කෙනාත් පොඩ්ඩීම තමයි..

      Delete
  7. මෙහෙම බැරිද?:

    සාතන්ගේ අල්ලපු ගෙදර වයසක ආච්චි පිට සක්වල ජීවියෙක් බව අඳුන ගන්නවා. ඉතින් පිට සක්වල 'technology' වලින් අමතර ආදායමක් හොයාගන්ට පුලුව්නිනේ කියල සාතන් පිටසක්වල ආච්චි ට කියනවා එයා කියන දේ නොකරොත් CIA එකට ඔත්තුව දෙනවා කියලා.
    ඊට පස්සේ සාතන් ආච්චිගේ powers, ebay එකේ විකුනනවා.
    පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකේ කියවල එයා ගැන ප්‍රේමයෙන් බැඳුනු සමරිසි වැම්පයර් කෙල්ලෙක් දකිනවා මේ සාතන්ගේ ebay ad එක.
    එයා සාතන්ට ගෙවලා ආච්චි ගේ alien technology එකෙන් තමන්ටම කියල පොඩි කුමාරිහාමිගේ ක්ලෝනයක් හදාගන්නවා.
    නමුත් හැබෑ පොඩි කුමාරිහාමි ගැන ඉරිසියා කරපු ක්ලොනේ එයාව පැහැර ගන්නවා.

    මේ හැමදේම උනේ සාතන් නිසා කියල පොඩ්ඩි ට අසූ හාර දාහට තද වෙලා එයා සත්‍යක්‍රියා කරනවා මේ අපරාධේ කරපු පුරුෂාධිපත්‍ය සාතන් ගෑණු ළමයෙක් වෙන්ට කියල.

    ඒ ගාවට සාතන් උදේ නැගිටිද්දී තමන් කෙල්ලෙක් වෙලා කියල දැන ගත්තට පස්සේ ආයේ කොල්ලෙක් වෙනවද නැද්ද කියන එක හිතමින් මුදු වෙරළේ ඇවිදින්නට යනවා.
    එහෙදි සාතන් කෙල්ලට හිරන්‍ය මුණ ගැහෙනවා. සාතනී ගේ පැහැපත් මුහුණ, පුළුල් උකුළු තලය, සිහින් ඉන දකින හිරන්‍ය සාතනී කෙරෙහි ආලයෙන් වෙලෙනවා.
    නමුත් පසුව හිරන්‍ය දැනගන්නවා සාතනී කියන්නේ සාතන් කියලා. එහිදී ඇති වන සිත් තැවුල නිසා ඔහු සියදිවි හානි කරගන්නවා.

    [මෙතැන් පටන් පොඩ්ඩි උඩ කියපු කතාව අමුනන්ට පුළුවන්.]
    "ඔක්කොම සැක කරන්නේ පොඩ්ඩිව. හිරණ්‍යගේ අවතාරය ඒක දැකලා දුක් වෙලා, පොඩ්ඩිගේ clone
    එක හොයාගෙන ගිහින් එයාව බේරගන්නවලු. හරියටම පොඩ්ඩි කවුද කියලා දන්නේ හිරණ්‍ය විතරලු. ඉතින් මේ හන්දා එයාගේ අවතාරෙට ආපහු මේ ලෝකෙට එන්ටත් ලැබෙනවලු. ඉතින් ඊට පස්සේ මේ දෙන්නා lived happily ever after"

    :D

    ReplyDelete
    Replies
    1. අය්යෝ අමා මේක දැකලා මම කඳුලු එනකල් හිනා උනා. මේ කතාව හිරණ්‍ය ලීවොත් එහෙම, එයාට Booker Prize for Fiction හම්බවෙනවා sure . හී… හී …හී… හී...

      //එහෙදි සාතන් කෙල්ලට හිරන්‍ය මුණ ගැහෙනවා. සාතනී ගේ පැහැපත් මුහුණ, පුළුල් උකුළු තලය, සිහින් ඉන දකින හිරන්‍ය සාතනී කෙරෙහි ආලයෙන් වෙලෙනවා. //

      මේ කෑල්ල තමා ලස්සනම අමෝ. මට මැවිලා පේනවා සාතනී එයාගේ පුලුල් උකුල ගස්සලා කාරිය ඇවිදින හැටි හී හී....

      Delete
    2. බලන්යනකොට මේ හැමෝම මාවනෙ කන්න හදන්නෙ... :P

      මොනා වුනත් අමා මාර කතාව ඈ.. :)

      Delete
    3. අමා ලිව්ව නං හරිනෙ කතාව... ලස්සනට තියෙයි...

      Delete
    4. කතාව නියමයි අමා, මට වඩා හොඳට අමාට මේක ලියන්න පුළුවන් වෙයි. බලමුකෝ, අමා ලිව්වේ නැත්තම් මම ලියනවා.

      Delete
    5. මට පුළුවන් කතා පටන් ගන්ට විතරයි. අරහේ මම කතාවක් ලියන්ට අරන් ඒක වේලෙනවා... ඔක්කොම හිතේ තිවුනත් ලියන්ට කම්මැලි :( පරිකල්පනේ තිවුනට ලියන්ට දක්ෂතාවේ සහ ඉවසීම මගේ හොඳටම මදි...
      හිරණ්‍ය ටම තමයි ලියන්ට පුළුවන්...!

      Delete
  8. මේ සාතන්ව ගාව ගන්න එපා ඕවට :D

    ReplyDelete
  9. පොඩි කුමාරිහාමි පැහැරගෙන යන එකට මන් කැමතියි .

    ReplyDelete
  10. ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන තැනට රී ප්ලේස් වෙනවා..එතකොට අපිට ඇමරිකාවට පනින්න ලේසියි...

    ReplyDelete
    Replies
    1. අධිරාජ්ය වාදියා.. අමෙරිකාවට කත් අදින්නා. දේශ ද්‍රෝහියා.. වැඩි දෙනෙක් පනින්න හදන්නෙ කැංගරුලන්තෙට හින්දා තස්මේනියාවට රිප්ලේස් වෙන්නයි ඕනෙ..

      Delete
  11. අකුරු නැති මොකක් හරි කතාවක් ලියන්න. හැබැයි මේ පින්තුර හෙම දාල වන කරනව නෙමෙයි.. ඕං පොඩ්ඩි දාපු ලින්කටුවක් අරන් තමා මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. අකුරු නැති? පින්තුරත් නැති?

      Delete
  12. තුන් කොන් ප්‍රේම කතාවක්. two guys and a girl. catch එක තමයි එක කෙල්ලට කොල්ලො දෙන්න පොර කනවා නෙවෙයි. එක කොල්ලට කෙල්ලයි අනික් කොල්ලයි compete කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙයට ගොඩක් සමාන එකක් මීට කාලෙකට කලින් ලිව්වා,

      සමාන්තර

      Delete
  13. මම කැමති සත්තු මේ ලෝකේ මිනිස්සු දකින විදිහ ගැන ලියැවෙන කතාවකට..අපි කරන සමහර දේවල් උන්ට කොහොම දැනෙනවා ඇතිද කියලා දැනගන්න. පූසෝ බල්ලො වගේම කූඹි මැස්සෝ මිනිස්සු ගැන මොනවද හිතන්නේ කියලා බලනන්න පුළුවන් කතාවක්..

    ReplyDelete
  14. මං කැමති මෙහෙම,
    ලංකාව න්‍යෂ්ඨික බලවතෙක් වෙලා. ඇමරිකාවෙන් ‍ඉන්දියාවෙන් ගේම ඉල්ලනව.

    ReplyDelete