එතන ආලෝකයක් තිබුනෙම නෑ. ආලෝකයක් නැති නිසා එතන 'තැනක්' වෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්, අනවශ්‍ය කාරණයක්. ඒත් අනවශ්‍ය කාරණා වලට වැදගත් කමක් ආරෝපණය වෙන, නැත්තම් බලෙන් පටවන අවස්ථා දුලබ නෑ. එහෙම ආරෝපිත 'වැදගත්' කාරණා 'තැන්' නොවන තැන් 'ස්ථාන' බවට පත්කරනවා. මම නටන්න පටන්ගත්තා, මම දිහා බල්ලන්න කෙනෙක්වත් හිටියත් බලන්න හැකියාවකුත් නැති නිසා බාහිර ප්‍රතිචාර ගැන වැඩ වෙන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් නැටුම කියල හඳුන්වන්නේ රිද්මයනුකුල අංග චලනයක් වුනත් මගේ නැටුම කාලයත් එක්ක සමපාත වුනේ නෑ.
එළියක් නැති තැනක එළිය හොයාගන්න අමාරු නෑ. ඒ ආලෝකය හොයාගන්න වෙන්නේ තමා තුලින් ම යි. ඒ හොයාගන්න එළිය කව්‍යත්මකව කියන්නක් නෙමෙයි, භෞථික එකක්. නැටුමත් එක්කම මම එක්තරා සමාධියකට පැමිණියා. ඕනෙමනම් එකට ආවේශ වීමක් කියලත් කිව්වහැකි මම හිතන්නේ. කොහොම වුණත් හඳුන්වන විදිහෙන් වැඩක් නෑ. එහෙම වුණා කියල මම කරන්නේ මොකද්ද කියල මම නොදැනීමක් ඇති වුණේ නෑ. ඇත්තට වුණේ එකේ අනික් පැත්ත මම මම කරන දේ ගැන පූර්ණ අවධානය යොමුකරගෙන හිටියා. තප්පර දශම ගණනක් අතරත් සිදුවන අංග චලනයන් ගැන, ඊළඟට යොමුවන ඉරියව්ව ගැන, සංගීතයේ හැම තාලයක් ගැනම මට යම් කිසි හැඟීමක් තිබුණා. ඒක පාලනය ගැන අත්විඳීමක් නෙමෙයි, පූර්ණ නිදහස තුල අවධානය තබා ගැනීමක්, සමාධියක්.
"මට මාව හොයාගන්න ඕනේ!" මම මාත් එක්කම කතාකරන්න පටන් ගත්තා.
"ඊට කලින් මම මම වෙන එක නවත්තන්න."
"කොහොමද?"
"අත්හැරීම..."
"මම මම වීම අත්හරින්නේ කොහොමද මම මාව දන්නේ නැත්තම්?"
" 'අත්හැරීම' කියන වචනේ තේරුම් අරන් තියනවා වැරදියි."
"එහෙනම්?"
"අත්හැරීම මග ඇරීමක් වත් අමතක කිරීමක් වත් නෙමෙයි. ඒක අවබෝධයක්, උපේක්ෂාවක්."
'මම' කියන්නේ බොරුවක්. තප්පරයක් ගානෙම ඒ බොරුව ජීවත් කරවන්න මම මාව ම මරාගන්නවා. යථාර්තය හා ෆැන්ටසියක් අතර මාව රඳවා තබා ගැනීම තමයි මගේ ජීවිතය. ( කෙනෙක්ට ඒ පරතරය අධි යථාර්තවාදී වීමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්.) ඒක විවේක කාලවලින් තොර සිනමා පටයක්. ප්‍රේක්ෂකයා, නළුවා හෝ අධ්‍යක්ෂකවරයා වගේ කිසිම තනතුරක් මට මම පවරන්නේ නැති වුණත් ඒ චිත්‍ර පටය මගේ. මා වටා ඉන්න පුද්ගලයන්ටත් එහි යම් යම් ප්‍රතිශත වලින් හිමිකාරිත්වයක් උරුමයි. ඒ චිත්‍ර පටයට තිර රචනා ලියන්නාව මුණ ගැහෙන්න සැහෙන කාලයක් බලන් හිටියට එහෙම කෙනෙක් හිටියේ නෑ. සමහර විට ඒ එවන් පුද්ගලයෙක් නැති හින්ද වෙන්න පුළුවන්. මම මට උවමනාවෙන් නොකරන ඒ වුණත් මට බලපාන දේට වගකීම ගත යුත්තෙක් ඉන්න ඕනේ වුණත්, මම තීරණය කළා මම 'මම' වීම වෙන්න ඕනේ මට විදිහට වෙන්න. නැත්තම් සරල විදිහට, මම ඉපදුන වෙලාවේ ඉඳන් කළේ ඒක වෙන්න ඇති. නාට්‍යකාරී වීම, ඇඳුම් අභරණ, හැසිරීම, කැමති/අකමැති දේ පිට කෙනෙක්ට බොරුවක් වගේ පෙනුනත්, (සමහරවිට මට ම ත් බොරුවක් වගේ පෙනෙන) ඒ මම 'මම' වෙනවා වෙන්නත් පුළුවන්.
මම මාව හඳුන්වා ගන්න සංරචක දැන් බොඳ වෙලා ගිහින්. ඒක අතකින් පාර භෞතික සංඥා, නිර්වචන වලින් කිසිවෙක් හැඳින් වීම යථාර්තවාදී නොවන හින්ද ඒකෙ කිසි වැරැද්දකුත් නෑ. මම මාවම හඳුන්වාගන්න කැමතිත් නෑ. කොටින්ම හඳුන්වා ගැනීමක් අවශ්‍යම නෑ. අනන්‍යතාවය කියන්නේ පෞද්ගලික දෙයක්ද කියන එකත් ප්‍රශ්නයක්. මම සිහින දකින මගේ ස්වරූපයයි, මාව කැඩපතකින් පෙනෙන විදිහයි, චිත්‍ර ශිල්පියක් මාව සිත්තම් කරන විදිහයි එකිනෙක අංගසම නෑ. ඒ වගේම ඒ කිසිවක් මගේ හරිවත් වැරදිවත් ප්‍රති නිර්මාණ නෙමෙයි. වැදගත් වෙන්නේ මම මමය කියා බාර ගන්න ස්වරූපය විතරයි. ඒ මම. මම උපන් හැටි. යථාර්තය වෙන්නේ මම මට යථාර්තය කියල හඳුන්වා දෙන දේ.
ඒක සරලයි. මට උවමනා මගේ ෆැන්ටසිය ගොඩ නගන්න මම යථාර්තය භාරගන්න ඕනේ. ඔය විදිහට ෆැන්ටසිය යථාර්තයට හරවන මාධ්‍යය රාශියකින් එකක් තමයි භාෂාව. මේ ලියන්නෙත් භාෂාවකින්, එය ඔය කියවන්නෙත් භාෂාවකින්. මම ලියන භාෂාව ඔබට කියවන්න පුළුවන් වුණා කියල අපේ භාෂාව සමාන වෙන්නේ නෑ, වෙන්න ඕනත් නෑ. හේතුව තමයි; මම. අපි ආයෙමත් මුලට යනවා. මම තවමත් අන්ධකාරයේ නටමින් ඉන්නේ. සමාධියක පිහිටියහම කාලය පරයා යන හින්ද වෙලාව ගැන සඳහනක් හෝ අවධානයක් අවශ්‍ය නෑ. කියපු විදිහටම ආලෝකය හෝ අඳුර කියන්නේ යථාර්තයද කියන එක තීරය වෙන්නේ මට අනුව හින්ද මම ඒ කිසිවක් විස්තර කිරීමෙනුත් වැඩක් නෑ. මම; යථාර්තය තුල සැඟවුණු ෆැන්ටසිය තුල උපදින්න බලන් ඉන්න බොරුවක්.
මේනිසිඛ වෑණිසිඩකට ඈනිසිති ධේනිසියක් නේණිසිවේ. නීනිසිශ්ඵල ප්‍රාණීසියෝගයක් වීණිසිතරයි.
ඔන්න මම සංස්කෘත කතා කළා.
මේනිසිඛ ඛිණිසියෝළා මණිසිඝේ ඕනිසිළුවථ් විනිසිඛාර ඌණිසිණා
ReplyDeleteකෝකටත් ටිකක් කල්පනාවෙන් නටපන්... උඹ මගේ ඇඟේ වැදුනොත් එහෙම :)
ReplyDelete(කොහොමත් දවල් වරුවක තව දෙතුන් පාරක් කියවන්න ඕන)
ඇත්ත මේක වැඩකට නැති දෙයක් නම් නෙමෙයි..
ReplyDeleteසංස්කෘත කියන්නේ මළ භාෂාවක්. ඒකෙන් කතා කරලා පලක් නෑ කාටවත් තේරෙන්නේ නැති හන්දා.:)
ReplyDelete'මම' කියන එක අතරින්ට ගන්න උත්සාහය නම් හොඳයි.
වෙනදා වගේම අපූරු ලියවිල්ලක් හිරණ්‍ය...
මම නම් හිතුවේ මේවට සංස්කෘත වලින්ම උත්තර ලැබෙයි කියලා...:D
ReplyDelete