Sunday, August 28, 2011

ලංකික (ආශ්චර්යයේ?) සිහිනය


නම වෙනස් කළොත් මම තරුවක් වෙයිද
බර අඩු කරගත්තොත් ලස්සනයිද
ඩොක්ටර් වෙන්න ලකුණු ඇතිද 
මේ සපත්තු  දැන් ට්‍රෙන්ඩ් එකද

පාට වෙනස් වෙනකන් බලන් ඉන්න, ඉර පායන්න
අවස්ථාවක් ලැබෙනකම් ඉන්න, හම්බ කරගන්න
එකයි එකයි දෙකයි නෙමෙයි, හතර කරන්න
ලංකික සිහිනය උසිගන්වන්න

ඒකීය රටක එකම සිහිනයක්
එකට වැඩකරන එකම සිතක්
මමත් එහෙම්මමයි 
මගේ උවමනාව දන්නේ ඔබල නේද

බටහිර තරම් අපට කුමන්ත්‍රණ කරන්නේ කව්ද
මේ රටේ නිදහස ඕනවට වැඩිත් එක්ක
ඒ ගැන පැහැදිලි කරන්න වැඩසටහනුත් 
ලංකාවේ අගය ගැන උගන්නන්න 
සංස්කෘතිය උරුම කරන්න
(හැබැයි මගේ පුතා ඉන්නේ ඇමරිකාවේ ඕන්)      

මුන්ට මොන ගාය හැදිලද
මහ ලොකු තරුණ අසහනය
හිතන් ඉන්නේ අපි ඉබේම නාකි වුණා කියලද
තියෙන දෙයක් කාල නිදාගන්න බැරි හැටි

මේ තනිකම නැති කරගන්න යාලුවෙක් හොයද්දි
මට හම්බුනේ ලෝකේ කාල වතුර බිව්ව කුහකයෙක්!

ලොකු රස්සවකුයි, ඇහැට කනට පේන ගෑනියෙකුයි, 
මාලිගාව වගේ ගේකුයි, අලුත්ම අලුත් වාහනේකුයි
තියනවනම් තෘප්තිමත් වෙන්න බැරි කාටද

මගේ ලංකික සිහිනය අංග සම්පූර්ණයි, 
ඉතින් මම තරුවක් වෙයිද?

2 comments:

  1. මේ ලාංකික සිහිනයක් විතරද?

    ReplyDelete
  2. @Outsider: ඔය ප්‍රශ්නේ ඇහුවේ මගෙන් ඇත්තටම දැනගන්න නෙමෙයි නේ? මම හිතන්නේ දැනටමත් සහෝ උත්තරේ දන්නවා.

    ReplyDelete