Wednesday, May 11, 2011

මුකුලිත ආදර ප්‍රර්ථනා


මේ තියෙන්නේ මම කෙනෙක්ට දෙන්න කියල හිතාගෙන ලියපු ලියමනක කොටසක්, එහෙම හිතාගෙන ලිව්වට මොකද මම දුන්නේ නෑ. මේ ලියපු කෙනා දැන් "මම" කියල හඳුන්වන එක කොච්චර සාධාරනද මන්ද. මොකද ඒ මම යි දැන් මම යි සෑහෙන වෙනස් නිසා. ඒ කෙනා තාමත් මට මුණගැහෙනවා කතා කරනවා. එත් ඒ සම්බන්ධය බොහොම විරාගියි, සරලයි. ආපස්සට හැරිලා බලද්දී මම බොහොම බොළඳ වෙලා කියල තේරෙනවා. කොහොම උනත් කියවලම බලන්නකෝ.


".....මම ඔයාට ආදරේ නෑ තියෙන්නේ අනුකම්පාවක් විතරයි. මීට ටික කාලෙකට කලින් නම් දෝර ගලන ආදරයක් තිබුන තමයි. එත් ඒ උල්පතට මහා ගලක් පෙරළලා උපන්ගෙයිම මැරුණ ළදරුවෙක් වගේ කරුත් නොදැනම නොදැනිම වැලලුනා. එත් මළ දරුවාගේ අම්මට කවදාවත් ලමයව අමතකවෙන්නේ නෑ වගේ තමයි මගේ ආදරේ මරල දැම්මේ නෑ. හැබැයි ඒ ආදරේ ස්වරූපය නම් සැලකිය යුතු පරිදි වෙනස් වුණා, ඒ මහා ආත්මීය අනුකම්පාවක් බවට.ඒ කොහොමද කියල අහන්න එපා,ඇහුවත් නිශ්චිත පිළිතුරක් දෙන්න දන්නෙත් නෑ. ආදරය ඇතිවෙන්නේ කොහොමද කියන එකටත් තියෙන්නේ සාපේක්ෂ නිර්වචන විතරයිනේ. ඒ වගේම තමයි මගේ ආදරේ වෙනස් වුනේ කොහොමද කියන දේටත් හරි උත්තරයක් මා ගාව නෑ.
ආදරයයි වෛරයයි අතරේ වෙනස කාසියක දෙපැත්ත වගේ නම් ඒ කිසිම පැත්තක් තෝරා නොගෙන වෙනමම මාවතක මම දැන් ගමන් කරනවා, ලේසි දෙයක් නොවුනත් මමදන් සාර්ථකයි. ඒ ගැන සතුටයි. ඔය ගෙයි මගෙයි බැඳීම අතමීය දෙයක්ද කියන දේට සම්පුර්ණයෙන්ම නිවැරදි පිළිතුරක් දෙන්න මම දන්නේ නැති වුණාට ඔය පළවෙනි වරට දැක්ක මොහොතේ ඇති වුන හැංගීම ඒ සමීප බව නම් අමුතුම අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයාටත් එහෙමමයි කියල ඔයාම කිව්වනේ. සිද්ධාර්ථ-යශෝදරා යුවල වුනත් හැම භවයකම එක්වුණේ නෑනේ. ඒ දෙපටත් සුඛාන්තයක් උරුම වුනාද කියන එක ප්‍රශ්නයක්නේ. කොහොම උනත් සබැ ජීවිතයේදී සුඛාන්තයක් කියනේ දේ ප්‍රයෝගික නැතිව ඇති. 
දැන් මම විරහව රසයක් කියල හිතන්න ඒ දුකතුලම වෙලෙන්න කැමතියි. ඔයාට තියන අනුකම්පාවත් එක්ක එක අමරුදෙයකුත් නෙමෙයි. ඔය වෙනුවෙන්ම වෙන්වුණු මේ අනුකම්පාවත් එක්ක මේ ජීවිතය පුරාම වුනත් ඉන්න මම දැන් සූදානම්. ඔයා නැතිව මට ජීවිතය විදින්න පුවන් වෙයිද කියල මට කියන්න අපහසුයි ඒත් තේරුමක් නැති මරණය කර වුවමනාවෙන් ළඟා නොවී ඉඳීවි....."

7 comments:

  1. මොකද කේස් එක මෙහෙම ලියන්න ...... සෑහෙන්න කලකිරිලා ලියලා තියෙන්නෙ .........

    ReplyDelete
  2. පහු ගිය දවස් වලනම් එන්න බැරි උනා ..

    මගේ පරන බ්ලොග් පෝස්ට් බලනකොට මට හිතෙනවා ඒ මමමද කියලා . අපි දවසින් දවස වෙනස් වෙනවා ..අපිටවත් හිතා ගන්න බැරි විදිහට ..

    ඒ වගේමයි කාලයත් එක්ක පරණ දේවල් අපිට අමතක වෙනවා ..

    ReplyDelete
  3. මේ ලියුම ලියපු අරමුණ හිතා ගන්න පුළුවන්.. ඇයි ඇත්තටම මේ ලියුම දුන්නේ නැත්තේ?

    ReplyDelete
  4. මාර සංකීරණයි නේ.... ඒ වුනත් මාරයි හික් හික්...

    ReplyDelete
  5. මේක නම් දීපු නැති 1 හොඳයි...

    ReplyDelete
  6. @කල්හාර: කවදාහරි මගේ අතින්ම ඒ "කේස්" එක කතාවක් විදිහට ලියවේවි... ස්තුතියි සහෝ

    @හිස් අහස: මේ ලියුම ලියපු "මමත්" ටයිප් කරපු "මමත්" දැන් මේ උත්තර දෙන මමත් එක්කෙනෙක් නෙමේ, ඒ නිසා මම වචනය බලපාන්නේ ඒ මොහොතට විතරයි. ස්තුතියි සහෝ ....

    @Dinesh:මේ විදිහට ආදරේ ඉල්ලන එක තේරුමක් නෑ කියල හිතුණා ඒකයි. ස්තුතියි සහෝ ...

    @මාරියෝ: මේ විදිහට ආදරේ ඉල්ලන එක තේරුමක් නෑ කියල හිතුණා එකයි. ස්තුතියි යාලු....

    @Dilu:එවෙලේ නම් දුකක් දැනුණා දරාගන්න බැරි තරම්, එත් දැන් නම් උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න පුළුවන් වෙලා, ස්තුතියි යාලු....

    @රවින්:ඒකනේ... ස්තුතියි

    ReplyDelete