මගේ අකීකරු හිත කතාවක් ලියන්නම කියල කිව්වා,කෙටිම කෙටි කතාවක්.
එත් ඒක සම්ප්‍රදායික එකක් නම් උනේ නෑ.
කෙනෙක්: ඔයා දන්නවද මම ඔයාට ආදරෙයි.
තවත් කෙනෙක්: අහ් එහෙමද
කෙනෙක්: ඔව් ඇයි අවිශ්වාසද
තවත් කෙනෙක්:දැන් මම ඔයාව විශ්වාස කරන්න ඕනද
කෙනෙක්: ඒක කරන්න අමාරුද
තවත් කෙනෙක්: නැහැ හරිම ලේසි, තව කරන්න අමාරු දේවල් කොච්චර තියනවද
කෙනෙක්: ඒ කිව්වේ ඔයා මට ආදරෙයි කියලද
තවත් කෙනෙක්: මම එහෙම කිව්වද, එහෙනම් එහෙම වෙන්න ඇති
කෙනෙක්:මට තේරෙන්නේ නෑ, ඇයි ඔයා මේ විදිහට කතා කරන්නේ කියල, ඔයාට ඔයාව විශ්වාස නැද්ද
තවත් කෙනෙක්: කාටහරි තමන්ට තමන්ව විශවාස කරන්න පුලුවන්ද
කෙනෙක්:එහෙම අයට කියන්නේ ආත්මවිශ්වාසයක් නැති මිනිස්සු කියල නේද
තවත් කෙනෙක්: මමත් ඒ ගොඩටම වැටෙනවා එහෙමනම්
කෙනෙක්: මම එහෙම හිතල කිව්වේ නෑ
තවත් කෙනෙක්: නොහිතල කිව්වත් ඇත්ත ඒකමයි
කෙනෙක්: ඇත්ත බොරුව වෙන්වෙන තැන තීරණය කරන්නේ කව්ද
තවත් කෙනෙක්: මෙතන දැන් තීරණය කරන්න දෙයක් නැහැ, ඔප්පුවෙලා ඉවරයි
කෙනෙක්:කොහොම උනත් මම ඔයාට ආදරෙයි, එකේ අයෙ පරික්ෂා කරන්න දෙයක් නෑ.
තවත් කෙනෙක්: පරීක්ෂාවකින් තොරව කරන උපකල්පන වල නිවැරදි වීමේ සම්භාවිතාව හරි අඩුයි
කෙනෙක්: කමක් නෑ මම ඒක අභියෝගයක් කියල හිතන්නම්
තවත් කෙනෙක්: ඒ කියන්නේ ඔයාට හොඳ ආත්මවිශ්වාසයක් තියනවා, එතනම නොගැලපීමක්
කෙනෙක්: ඔයා මට කැමති නම් නොගැලපීම් වලින් වැඩක් නෑ
තවත් කෙනෙක්: එහෙමද ඔයාගේ ආත්මවිශ්වාසය හුඟක් ඉහලයි වගේ
කෙනෙක්:ඔයා ඔයා ගැන අවස්තක්සේරු කරලා, හිතන්නෙත් ඍණාත්මකව
තවත් කෙනෙක්: වෙන්න පුළුවන්, එත් මම හිතන විදිහට නම් මම ප්‍රායෝගිකයි
කෙනෙක්: ආදරය ප්‍රයෝගික නැද්ද
තවත් කෙනෙක්: ඇත්තම කිව්වොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ මම තාම හොයනවා
කෙනෙක්:ඉතින් අපි දෙන්නම එකතු වෙලා හොයමු
තවත් කෙනෙක්: එහෙමනම් ඒ ගමන සාර්ථක වෙන්නේ නෑ, ඒක කරන්න ඕනේ තමන් මයි
කෙනෙක්:එකියන්නේ ඔයාට මාව එපා කියලද
තවත් කෙනෙක්: අපෝ නැහැ, කවදාවත් එහෙම කියන එකකුත් නැහැ
කෙනෙක්:වෙලාවකට ඔයාව තේරුම් ගන්න හරිම හරිම අමාරුයි
තවත් කෙනෙක්: අන්න එතැනදී මම ඔයත් එක්ක එකඟයි, මටත් මාව තේරුම් ගන්න ලේසි නැහැ
කෙනෙක්:දැන් මම මොනවද කරන්න ඕන, මට ඔයාව අමතක කරන්න කියලනම් කියන්න එපා
තවත් කෙනෙක්: එහෙනම් මට ආදරේ කරන්න
කෙනෙක්:එතකොට ඔයා තවත් කෙනෙක්: දන්නේ නැහැ, සමහර විට කවදාවත් දැන ගන්න එකකුත් නැහැ,,,