Thursday, February 12, 2015

ජීවිතය ත්‍යාගයකි

  වෙද්දී මා ඇය අවසන් වරට මුණ ගැසී වසර තිහක් ගතවී තිබුනි. වසර තිහ ඇතුලත ඇයව සිහි වුනු වාර ගණන අපමණ වුවත් මට ඇයව මුණ ගැසීමට හැකියාවක් නො වීය. මා ඇයව අප්‍රිය කළ නිසා නොවේ. මා ඇයට වෛර කිරීම නවතා වන විට බොහෝ කාලයක් ගතවී ගියත් ඇය මා හට වෛර නොකරයි කියා සිතීමට හේතුවක් නොවු හෙයිනි . මා හට වෛර කිරීමට ඇයට හේතු අපමණ තිබුනි, විටක තවමත් ඇත. වෛරය හේතුවක් නොමැතිව පහව නො යි. වැඩී දලු ලළනවා මිසක.

  ඇය මාව හඳුනා ගත්තා . ඇගේ වටකුරු හිස කාලයේ තරම්ම පිරිපුන් නැතත් තවමත් ප්‍රසන්න . ස්වභාවයෙන්ම දික් වූ ඇස්, සිහින් දෙතොල්, වක් වූ දිග නහයද, තවමත් රැලි නොවැටුනු සමද ඇගේ රූමත් බව තවමත් රඳවාගෙන තිබිනි. එහෙත් වෙනස් කම් නොවී නැත්තේද නැත. ඇගේ කොන්ඩය සම්පූර්නයෙන්ම අතුරුදන් වී තිබුනේ ඇහිබැමද සමගයි. මා ඇයව දැක පුරුදු ඇඟටම ඇලුනු කලිසම් හා ඕනෑවට වඩා විවිර වුනු කමිස ඇය අත්හර ඊට හාත්පසින්ම වෙනස් ඇඳුමකින් සැරසී සිටියා . බූ ගෑ හිසෙනුත් දවටාගත් දුඹුරු කණ පැහැ රෙද්දෙනුත් ඇය මෙහෙනියක බවට හරවා තිබුනි. ඇය මා හා යන්තමින් සිනාසුනා .

  මම මෙහෙනිය වෙත සෙමින් ගමන් කළෙමි. කීමට කිසිදෙයක් මා සතුව නොවිනි. "මට සමාවෙන්න" යැයි මෙපමණ කාලයකට පසු කීමෙන් ඇති ඵලය කුමක්ද? මේ සමාව ඉල්ලීමට අවස්තාව හෝ වෙලාවද නොවෙ යි. විටක මම සමාව ඉල්ලිය යුතු පුද්ගලයාද නොවිය හැකි යි. එහෙත් මට වරදකාරී හැඟීමක් පැමිණීමට නම් මම කිසියම් ම හෝ වරදක් කර තිබිය යුතු යි නොවේද? මා මෙසේ චිත්ත වාද කරමින් සිටින අතර තුර මාගේ පාද මා ඇය වෙත ගෙනැවිත් ඇත. ඈත දීට වඩා ආසන්නයෙ දී ඇයව මට වඩාත් මහලුව පෙනෙ යි. විටක ඇය මා ගැනත් එසේ ම සිතනවා විය හැක. බෞද්ධ භික්ෂුනියක නිසා ඇය අනිත්‍ය මෙනෙහි කරනවා වන්නට ද පුලුවන.

  "කොහොමද ප්‍රසන්න?" මා වචන සොයමින් සිටින අතර ඇය ඇසුවා . ඇගේ වචන වල වෛරයක් නොවිනි
  "වරදක් නෑ, ඔයාට කොහොමද? ... සොරි මෙහෙනියකට කොහොමද කතා කරන්න ඕන කියල මම දන්නේ නෑ."
  "ඒකට කමක් නෑ දැන්. මම තාම උපසම්පදා ලබලා නෑ. උත්තරා මෙහෙනි කියල කියන්න."
  "හොඳමයි." මම ඔලුව වැනුවෙමි.

  මොහොතක් ගත වුනේ අපි මුකුත්ම කතා නොකරයි. උත්තරා මෙහෙනිය මා දිහා බලන් හිටියාට මට වැටහුනේ ඇය මා හරහා අපි එකිනෙකා ගැටුනු අතීතය දිහා බලන් ඉන්නවා සේ ය. කිහිප වරක් ඇගේ ඇසි පිය ගසා නැවතත් පියවි සිහියට පැමිනියා ය. ඇය එක්වරම අනෙක් පස බැලු නිසා වෙන් මමත් ඇය අනුකරනය කරමින් දෙන මත නිදා සිටින මළසිරුර දෙස බැලුවෙමි. දිලීප මිය ගිහින් තිබුනේ හෘදයාබායකින් බවත් කාලක පටන්ම අධික රුධිර පීඩනය තිබුන නිසා එවැනි අවධානමක් තිබුනු බවයි දිලීපගේ පුතා මට මරණය දන්වන විට කියා සිටියේ. දිලීප රෝග නිසා වෙනස් ව සිටිය යුතු වුනත් මැදිවියට පත්වීම හැර වෙන්කොට දැක් විය හැකි වෙනසක් වී තිබුනේ නැත. මට පුරුදු මා දන්න කඩවසම් පුද්ගලයාම නොවුනත් මේ ඔහුගේම අවස්තාවක් වූ නිසා මා මට ම නොදැනී කම්පාවට පත්වී තිබුනි.

  දිලීප මට පළමු වතාවට මුණ ගැසෙන විට මට වයස 21 ක් වූවා පමණි. මා මාගේ පළමු රැකියාවට ඇතුලත් වූ මුල් දිනය අමතක නොවන දිනයකි. ඔහු නිසා . ඔහු ආයතනයේ මා අයත් අංශයේ ප්‍රධානියා විය. ඔහු එදින මට දිනකට කළ නොහැකි තරම්ට වැඩ පටවමින්, එම ආයතනයට, කොටින්ම රැකියා කිරීමට ආධුනිකයෙක් වූ මාව පීඩනයට පත් කරමින්, එක්තරා ආකාරයකින් මාව බියට පත් කරමින්ද ඔහු දිනය මාගේ මිහිපිට අපායේ ගත කළ දිනයක් කිරීමට වගබලා ගත්තේ . දිනය අවසන් වන විට මට එම ආයතනයමද මුලු වෘත්තීය ජීවිතයද එපා වී තිබුනි. අවසානයේ ඔහු මාට ඔහුගේ කැබින් කාමරයට පැමිනෙන්න යැයි සන් කළේ .

  "මම කතාකළේ ප්‍රසන්න අද හොඳට වැඩ කළා කියන්න." ඔහු කිව් දෙය ප්‍රසංශාවක් විය යුතු වුවත් එය ඔහු කීවේ උපහාසයෙන් වීම නිසා මම ඔහුට ස්තුති කළේ නැත. මම ඔලුව වනා එළියට යන්න සූදානම් වෙද්දී ඔහු මාව නවතා ගත්තේ . "කව්ද ප්‍රසන්නට යන්න කිව්වේ? මම කතා කරල ඉවර නෑ."

  මම කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියෙමි. දිලීප වචනයේ සාම්ප්‍රදායික අර්තයෙන්ම කඩවසම්ය. ගන ඇහිබැමින් යට වුනු තියුනු ඇස් ඕනෑම කෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් . මම ඔහුගේ ඇස් දෙස ඕනෑවට බලා නො සිටීමට උත්සහ ගත්තෙමි. ඔහුගේ අප්‍රසන්න හැසීරීම නොවිනි නම් අපට අඩුම තරමේ යහලුවන් වන්නට හැකියැයි මට එවේලේ සිතුනි. මම ඔහු දෙස බලා නොසිටින්නට උත්සහ ගන්නා බව ඔහු දැන ගත්තේ . එයට ඔහු දැක්වූ ප්‍රතිචරය පුදුම සහගත නම්, ඔහු ඉන් පසු කල දෙය පුදුම සහගත බව සිය දහස් ගුණයකින් වඩා වැඩි විය යුතු . සිනාසුනු ඔහු නැගිට ඇවිත් මාව සිප ගත්තේ . මොහොතක් ගතවන විට මට වැටහුනු දෙය නම් මම මාව පාවා දෙමින් ඔහුව පෙරලා සිපගනිමින් සිටින බවයි.

  ඉන්පසුව මසක් ගත වන තුරු අපි, මමත් දිලීපත් අනුන්ටත් වඩා අපිටම හොරා අපිව හැඳින ගනිමින් සිටියෙමු. දෙවෙනි දිනයේ දැනගත් ඔහුගේ කැමතිම කෑම කුමක්ද යන්නේ සිට දෙවන සතිය වන විට ඔහුගේ යට ඇඳුම් සියල්ලේම පාටත් මාසයක් අවසන් වන විට ඔහු ශාරීරිකව පමණක් නොව මානසිකව වඩාත්ම සංවේදි කුමන ස්ථානද හා ඒවා ස්පර්ශ කළ යුතුතේ කෙසේදැයිත් මට මතකයෙන් කීමට පුලුවන් වී තිබුනි. රාගය රතු සලුවක් නම් මා ඒ මාසය ගත වන විට සිටියේ සලුව සිරුර පුරා දවටා ගෙන . මම දිලීපට වෙද්දි ආදරය කළා දැයි කියා මම නො දනිමි. එහෙත් මම ආදරයත් රාගයත් අතර ඒදන්ඩක අවස්තාවක ගමන් කරමින් සිටියෙමි යැයි කීමට හැකි ය. මම අස්තිර බවට රහසින් ප්‍රේම කළෙමි.

  දිනක් දිලීපගේ කැබින් කාමරයට කෙල්ලෙක් ඇතුල් විය. ඇය කුමන කටයුත්තකට කුමන හේතුවකට පැමිණියාද කියා නොදත්තද මට කිසියම්ම හෝ හේතුවට සැකයක් ඇති වුනි. මා ස්වභාවයෙන් කිසිවක් හෝ කිසිවෙක් සැක කරන්නෙකු නොවේ. එහෙත් තමන්ව සැක කරන්නට හේතු තමන්ම හේතු සාදාගන්නා විට අනුන්ව සැක කරන්නට පටන් ගැනීම මනුශ්‍ය ගතිය යි. මම දිලීපගේ කැබින් කාමරය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියෙමි. තරමක කාලයක් ගතවීමෙන් පසු ඇය පිටව ගියා . ශරීරය වැසෙනවාට වඩා ශරීරය නිරාවරනය වන්නට ඇඳුම් පැලඳ සිටි ඇය ආයතනයේ බොහෝ දෙනෙක්ගේ අවදානය දිනාගෙන ඇති බව පෙනුනි.

  "කව්ද බන් ?" පැණි හලමින් සිටි එකෙක් ගෙන් මම විමසුවෙමි.
  "නියම බාන්ඩේ නේ?" මෝඩයෙක් මෙන් සිනාසුනේ . " තමයි, මේ අපේ දිලීප බොසාගේ වයිෆ්."

  මොහොතකට මා නිසසල . විශාල කුණාටුවක් පැමිනෙන්නට පෙර පරිසරයේ පවතින නිහඬතාව මෙනි. පැණියා ඇය බඩුවක් වන්නේ කෙසේද යන්නත්, දිනක් ඔහුගේ මිතුරෙක් ඇගේ පස්ස මිරිකූ හැටිත් තවත් දිනක ඇය ඔහුට ඇසක් ගැසූ සැටිත් තවත් මොනවාදො දේවලුත් විස්තර කරන්නට පටන් ගත්තේ . කිසිවක් මට දැන ගැනීමට මට උවමනාවක් හෝ සිහියක් නොවිනි. දිලීප බැඳලා යන්න පමණක් මගේ සිතේ රතු එළි දල්වන්නට විය. ලෝහිත පැහැය මගේ සිත වසා පැතිර යන්නට වැඩි වෙලා ගත වූයේ නැත. වෙද්දී ශෝකය හා ක්‍රෝධය යන අඹ යහලුවන් මා සමග අත් අල්ලන් සිටියෝ .

  තවත් වාඩි වී පැණියාගේ මෝඩ කතා අසා සිටීමට අපහසු තැන මම නැගිට දිලීපගේ කාමරයට ඇතුල් වූ වෙමි. කතා නොකර ඇතුල් වීම ගැන දිලීපගේ ඇස් වල කේන්තියක් ඇති වී සැටිත් පැමිනියේ කවුද යන්න දැන ගැනීමෙන් පසුව දෑසම බිය පත් වන සැටිත් මම සන්සුන්ව බලා සිටියෙමි. ඔහුගේ කමිසයේ බොත්තම් ගැලවී ඇත. කම්මුල් වල රතු පැහැ තොල් සායම්ද, මේසය මත වූ දෑ බිම වැටීද තිබුනි. සිදුවී ඇති දෙය වටහා ගැනීම ඇසීරු නැත. අසීරූ වන්නේ ඊලඟ පියවර යි. මම කිසිවක් කීමට කලින් දිලීප කතා කිරීමට උත්සහ කළේ

  "ප්‍රසන්න ප්ලීස්, මට මේක පැහැදිලි කරන්න පුලුවන්." දිලීප ඇයදින්නට පටන් ගත්තේ . ඔහු අඩුම තරමින් සමාව ඉල්ලුවේවත් නැත.

  මට ඔහුගේ බොරු ඇසීමට අවශ්‍ය නොවිනි. ඔහුගේ විස්තර කිරීම මගේ එක් කනකින් පැමින් විත් අනෙක් කනෙන් පිටව ගියේ . මම ඔහුගේ කට සොලවන දෙස අඩවන් වූ දෑසින් බලා සිටියෙමි. දෙතොල්වලින් මාව සිපගත්ත හැටි, මාව වර්ණනා කල හැටි, මම ආදරෙයි කියා නො කියා කියූ හැටි මම නැවතත් මතක් කළෙමි. එයින් කොපමණ ප්‍රමානයක් සත්‍ය දැයි කියා නීරනය කිරීමට මම උත්සහ නොකළෙමි. එසේ මා මාවම ආත්ම අනුකම්පාවකට පත්කර ගැනීමට මට නොහැක. මම අසරණයෙක් නොවෙමි. වීමට උවමනාද නැත. දිලීප ඔහුගේ "පැහිදිලි කිරීම" අවසන් කර තිබුනි.

  "ඉවරද කියවල?" දිලීප මා දෙස ආයචනාත්මකව බලා සිටියේ

  මම වැඩි දුර නොසිතාම ඔහු වෙත ගොස් වැරෙන් ඔහුගේ පපුවට පහරක් එල්ල කළෙමි. ඔහු මට රිදෙවෙවේ නම් මටත් ඔහුට රිද්දවීමට සාධාරණ අයිතියක් ඇත. එහෙත් අභ්‍යන්තරයෙන් හටගත් පපුවේ වේදනාව පිටින් මා ඇති කළ වේදනාවට සමපාත වන්නේ නැත. දිලීපත් එය දැන සිටියේ . මා  පහර දෙන තෙක් ඔහු පහර ලබමින් බලා සිටියේ එනිසා විය හැක. මාගේ ආවේගය මම ඔහු මත මුදාහැර අවසන් වෙද්දි මම කයෙන් නොව මනසෙන් වෙහෙසට පත් වී සිටියෙමි. කොතෙක් මම අවස්තාවට වෛර කළද මා සැබැවින්ම දිලීපට වෛර කිරීමට තබා ඔහුට අකමැති වීමට වත් නොහැක. ප්‍රේමය වනාහි අපූර්ව දෙයකි. එය ඇතිවන තෙක් නොදන්නා අතර, එය අහිමි වෙද්දි එය කුමක් දැයි තමන්ම පෙන්වා දෙයි.

  "තෝ මාව කෑවා," මම කෑගැසුවෙමි. "පර බල්ලා.”

  මම අසල තිබූ පුටුවකින් වාඩි වී අනාගතය ගැන පළමු වරට කල්පනා කරන්නට පටන් ගත්තෙමි. පසුගිය මාසය තුල දිලීප මාගෙ එකම ප්‍රාර්තනාව වී තිබුනත් එය තවදුරටත් පැවතිය නොහැක. අන්සතු වූ වෙකු මට අවශ්‍ය නැත. දිලීප මා දෙස බලා සිටියේ කිසිඳු හැඟීමකින් තොරව . පළමු වතාවට ඔහු මගේ නොවේ යැයි යන අවබෝධය මගේ හදවත කැබලි වලට කඩා දැමීමට සමත් විය. මාසයක් ගතවෙන තැන ඔහු මාගේ හදවත බවට පත්ව සිටියේ . කිසිවක් කියන්නට නොහැකි වූ තැන දිලීප මාව අල්ලා තදින් සිප ගත්තේ . දෙවන වතාවටත් මම ඔහුට අවනත වුනෙමි.

  "තේරෙන්නෙ නැද්ද මිනිහෝ, මම උඹට ආදරෙයි." අපහසුවෙන් උවත් මම කීවෙමි.

  දෙවන මාසය ආරම්ඹ වද්දි දිලීපගේ රහස හෙලිවී එය අපගේ රහස බවට පත් විය. ටික දිනක් ගතවෙත්ම මම දිලීපගේ දෛනික කාල සටහන පමණක් නොව ඉරේශා එනම් ඔහුගේ බිරිඳගේ යෑම් ඒම් ගැනත් සියල්ල දැන සිටියෙමි. දිලීපව මා සමග රඳවා ගත හැකි අවසන් තප්පර දශමය වන තෙක් මම ගණන් සෑදුවෙමි. ඔහු මගේ සැලසුම් පිලිපැද්දේ . මා ඔහුට අනාචාරයේ හැසිරෙන්නට උල්පන්දම් දෙන්නා වීමි, ඔහු මාගේ ශිෂ්‍යායා වී ඒවා පිලි පැද්දේය. මම එයට එක් අතකින් කැමතිද වුමෙනි. ආදරය ක්‍රීඩාවක් නම් මා ක්‍රීඩාවේ යෙදුනේ තහනම් උත්තේජක පානය කරය.

  දිලීප මට ආදරෙයි කියා දවසේ දෙතුන් වතාවක් වත් කීමට අතපසු නොකළේ . 'ඔය කටින්ම ඉරේශාටත් ඔහොම්මම කියනවද?' එසේ මම නො ඇසුවෙමි. එසේ අසනවාට නොව ඔහු ලබා දිය හැකි පිළිතුරටයි මා බිය වූයේ. කෙසේ වුවත් ඔහු නොකියා කියූ දෙයින් මාහට තරම්ම නොවුනත් ඉරේශාට ඔහු තරම්ක් හෝ ආදරය කරයි. එයින් මට තෘප්තිමත් වන්නට විය යුතු විය. රාගය නම් සලුව වෙද්දී මට දෙවෙනි සමක් සේ ඇලී තිබිනි. යාවීමට පහසු වුවත් වෙන්වීම අපහසුය, වේදනා කාරීය. මා දිලීපට මාගේ කෝපය හා දුක නො පෙන්වීමට උපරිම උත්සහ ගත්තෙමි.

  රහස් ප්‍රේමය තෘප්තියක් වන්නේ එය රහසක්ව පවතින තුරු පමණි. රහසේ බාහිර පවුරු බිඳී යන විට රහසේ රස සේදී යි. දිනක් මම ආයතනයෙන් එලියට යද්දි ඉරේශා මා සොයා ආවාය.

  "ඔයා ප්‍රසන්නද?" මම ඔලුව සෙලවීමි.

  එකෙනෙහිම ඇය මාගේ කම්මුලට පහර පිට පහර ගසන්නට වූවා . කම්මුල එල්ලී ගැලවීමට මෙන් රත්වී ඉඳිමී ආවේය. පැලුනු තොලින් යුතුව මා ඇය දෙස බැලුවාය. ඇය මා ගැන, ඇගේ සැමියා ගැන, මා හා ඇගේ සැමියා ගැන සියල්ල දැන ගෙන ඇති බව මට කීවේ ඇගේ දෑස යි. මා කිසි දිනක කිසිවෙකුගෙන් දැක නැති පරිදි ඒවායින් ගින්දර පිටවුනි. බැල්මකට කිසිවක් ගිනි තබන්නට හැකි නම් මා වෙද්දී මා දැවී අලුවී යා යුතු . මම කිසිවක් කීවේ නැත. ඇය කීමට බොහෝ දේ ඇතත් කට වසා ගෙන සිටියා . එහෙත් කිසිවක් නොකීම බොහෝ දෑ කීමට වඩා බලවත් . මම ඇගේ ඇස් මග හරින්නට උත්සහ කළෙමි.

  "මගේ මිනිහ අතැරපන්. වනචරයා!" ඇය වචන දමා ගසමින් යන්නට හැරුනාය.
  "මම දිලීපට ආදරෙයි." මම කීවෙමි.

  ඉරේශා නැවතත් හැරුණා . කලින් ඇගේ නෙත්වල තිබුනේ ගින්දර නම් අවස්තාවේ ඒවා කුඩා කඩු කිනිසි දහසක් බවට පත්ව තිබුනි. අයුධ ලක්ශයෙන් පරිස්සම් වෙන්නට මා සතුව පළිහක් තිබුනේ නැත. මම නිරාවරණය වූ හදවතකින් යුතුව ඇය දෙස  බලා සිට්යෙමි. ඇගේ කේන්තිය පහව ගොස් ඉඩ ශෝකයෙන් පිරවිනි.

  "දිලීපට ආදරේ කරන්න අය ඕන තරම් ඉන්නවා. එයාට කොහෙවත් යන උන් ඕන නෑ." ඇය හැඬුම් බරව කීවාය.

  එය තර්ජනයක් නොවේ. ආයාචනයකි. එහෙත් හිඟන්නෙක්ගෙන් හිගා කෑ ඇති ඵලය කුමක් ? මට කියා දීමට ඇත්තෙ එක් දෙයක් පමණක් නම් එයත් ඇය ඉල්ලන්නේ ඇයි? දිලීප මගේ . මගේ පමණක් නොවන්නට පුලුවනි, එහෙත් මටත් අයිතියක් ඇත. මම ඉරේශාට මුකුත් නොකියා ඇය පසුකර ගියෙමි. නැත. දිලීප ඇයට හිමි වීමට නොදෙමි. ප්‍රේමය සංග්‍රාමයක් නම් සොල්දාදුවා මිය යන තෙක් තමන්ගේ පාර්ශවයට සටන් කළ යුතුය. පාර්ශවය නිවැරදි යන්න අදාල නැත.

  ප්‍රේමය නම් ක්‍රීඩාව කරන්නට තවත් තරඟ කරුවෙක් එක්වී තිබුනි. අභියෝගය අසීරු වන්නට වන්නට ජයග්‍රහනයේ තෘප්තියද ත්‍යාගයේ වටිනාකමද වැඩිවෙයි. දන්න හැම පහරක්ම ගසමින්, ඇති සෑම තුරුම්පුවම දමමින්, පුලුවන් හැම කරනමක්ම ගසමින් මම තරඟ කළෙමි. එහෙත් ඉරේශා හැම වෙට්ටුවකටම වැටුනේ නැත, ලබාගන්නා කිසිඳු ගෝලයකින් සැලුනේද නැත. ඇය පහසු තරඟකාරියක වූයේ නැත. වඩාත්ම ඇය තරඟය අත් හැරියේ නැත. මාස තුනක් ගෙවෙද්දී දිලීප ඇගෙන් වෙන් වීමට සූදානම් වෙමින් සිටියේ . දික්කසාදය අත ළඟ තිබියදි ඔහු මගේ නිවස වෙත් ආවේ මා සමග ජීවත් වීමටයි. සැබැවින්ම ඔහු මට වඩා ආදරෙයි යන්නෙන් මම උද්දාම වුමිනි. ඔහුද කළකට පසු සතුටින් සිටින බවක් පෙනෙන්නට තිබුනි. ජයග්‍රහනයේ හිනි පෙත්තේ සිටි මම මා සතු වටිනාම දෙය මා සතු වීම ගැන ආඩම්බර වුනෙමි.

  එහෙත් සතුටේ ස්වභාවය නම් එහි වෙනස් වන ගුණය යි. කිසිදා ඔබ දුකින් සිටින්නේ නැතුවා සේම කිසිදා ඔබ සතුටින් සිටින්නේ ද නැත. දික්කසාදය සමතයකට පත්වන්නට පෙර දිනයේ ශෝකයේ දෙව්දුව ඉරේශා මාව සොයා පැමිනියා ය. දිලීප ආයතනයේ වැඩකට පිටට ගොස් සිටි නිසා මම ඇයට තනිව මුහුණ දිය යුතුය. ඇගේ මුහුනේ පරාජයේ සළකුනු තිබුනි. ඇය දැන්ම පරාජය බාරගෙන ඇත. මම ජයග්‍රහනයේ සිනාවක් පෑවෙමි. වටින්නේ ක්‍රීඩා කරන ආකාරය නොව දිනුම ලැබීම යි. වංචාවෙන් හෝ වෙද්දීම කුසලානය මා සතුවිය.

  "ප්‍රසන්න මම කියන දේ පොඩ්ඩක් අහන්න ප්ලීස්." ඇය කීවා . මම ඈයට ඇහුම් කන් දිය යුතුද නැත. කෙසේ වුවත් මම ඇය දෙස බලා සිටියෙමි.

  "මම ඔයාට වැඳලා කියන්නම්, දිලීපව අත්තරින්න. ඔයා හැන්ඩ්සම් ඔයාට තව කෙනෙක් හොයාගන්න පුලුවන්නේ." ඇය ඇයදින්න පටන් ගත්තා . "ප්ලීස්, මගේ පවුල කඩන්න එපා. ඔයාට තේරෙන්නෙ නෑ, ඒක කෙල්ලෙක්ට කොච්චර ලැජ්ජාවක් කියල. මම මැරෙනවා ඊට වඩා හොඳයි."

  "ඔයා මට කියන්නේ, ඔයා වෙන කෙනෙක්ව හොයා ගන්නකෝ." මම එසේ නොකීවෙමි, ඇය මට එසේ කී හේතුව මම දනිමි. සැබෑවටනම් මේ ඇගේ ලැජ්ජාව ගැන හෝ ඇගේ පවුල විනශවීම ගැන ගැටලුවක් නොවේ. සැබැව නම් මෙය පරාජය හෝ ජයග්‍රහනය පිළිබඳ . මට ඇගේ චාටු කතා ඇසීමට උවමනා නැත, මම යන්නට හැරුනෙමි.

  "ප්‍රසන්න මම ප්‍රෙග්නන්ට්" ඇය අවසන් මොහොතේ හඬ අවදි කළාය.

  ඉන්පසුව සියල්ල සිදුවූයේ ක්ශනයකිනි. මම එසේ නොවන්නට ප්‍රාර්තනා කළත් ඉරේශා ඇත්තටම මාස හතරක සිට ගැබිනියක වී සිටියා . ඇගේ අන්තිම තුරුම්පුවද යොදා ගෙන තිබුනා . මගේ අතේ වූ කුසලානය අත්හැර දමනු හැර කරන්න කිසිත් මා සතු නොවිනි. මම එය බිම වැටී කුඩා කැබලිනි දහසකට සුනු විසුනු යන අයුරු බලා සිටියෙමි. දරුවෙකු තරඟයට එක් වී තිබුනි. කොතරම් අමානුශික වුවත්, කුඩා දරුවෙකු යටකරන් යාමට මට නොහැක. ඉරේශා හා දිලීප දික්කසාද වූවත් දරුවෙකුට සිය දෙමව්පියන්ගෙන් වෙන් විය නොහැක. එසේ වෙන්න යැයි කියන්නට මට අයිතියක් නැත. අවසානයේ ජයග්‍රහනය ඉරේශා සතු කර ගත්තා .

  මම දිලීපට සමුනොදීම රටට සමුදුන්නෙමි. නැවතත් තනිකඩයෙක් වූ මම අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුවම ආගන්තුක මිනිසුන් ගොඩක් මැද මගේ තනිකම විඳගත්තෙමි. ඇඟට ඇලී තිබුනු රාගයේ සලුව සමත් සමග ගැලවී ඇවිත් රිදුම් දුන්නේය. අවසානයේ තුවාල කැලල් රාශියක් ඇතිවම මම පරාජිතයෙකු වී සිටියෙමි. ජීවතයේ පළමු වතාවට පැරදීම, විරහව විඳ ගනිමින් මම ජීවත්වන්නට ඉගෙනගත්තේමි. තුවාල සුවවුනද තුවාල කැලල් සුව වීමට බොහෝ කල් යයි. විටක සමහර කැලැල් සුව නොවී පරණ මතක මතක් කරමින් ඔබ සමහම සිටියි.

  මා අතීයෙන් නැවත් වර්තමානයට එන විට උත්තරා මෙහෙනිය මා දෙස උපේක්ශාවෙන් බලා සිටියාය. ඇය ඉරේශාගෙන් දුරස් වන්නේ භාහිර පෙනුමෙන් පමනක් නොවේ. ඇය මා දෙස බලා සිටි බැල්මේ වූයේ ශාන්තියකි. මම සමාව නොඉල්ලාම ඇය මට සමාව දී ඇති සැටියකි. මම කිසිත් සිතා ගත නොහැකිව ඇය දෙස බලා සිටියෙමි. ඇය මගේ අත අල්ලා තට්ටුවක් දැමුවාය. එය මිත්‍රත්වයේ සංකේතයකි. දිනක් වෛරයෙන් ඇයගේ අත තදින් මිරිකුවා මට මතක් විය.

  "මට සමාවෙන්න." මම කීවෙමි.
  "ප්‍රසන්නට මම සමාව දීලා ගොඩක් කල්." ඇය කීවා . " වගේම මම දන්නවා දැන් ඔයාට මගේ ගැනත් තරහක් නෑ කියල. ඔයා මට සමාව දෙනවද?"
  මම ඔලුව සෙල්වීමි.
  "ඒක හොඳයි. ඒත් වඩා වැදගත් වෙන්නේ තමන්ටම සමාව දෙන එක. ඒක කරන්න ඔයාට පුලුවන්ද? මට නම් තාම බැහැ." නැවතත් ඇය පරණ මතක අතරේ අතරම් වුනි. ටිකකට පසු සිනා සුනු දෙස බැලුවා . "හෙට මරණේ කටයුතු, එනවා නේද?"
  "එන්නම්."

  මා යන්නට හැරුනි. දිලීප තවමත් නිදා සිටි පරිද්දෙන් දෙන මතය. ඔහු සමග ගතකළ ප්‍රේමණීය රාත්‍රීන්, ඔහු කී ආදරනීය වදන්, ඔහු කල සුරතල් දෑ, ඔහු මා සිනාගැස්සූ සැටි කිසිවක් දැන් ඵලක් නැත. සෑම දෙයක්ම මා ඕනෑ තරම් වාරයක් මතක් කරමින් හඬා ඇත. විටක ඉරේශාද හඬන්නට ඇත. දිලීපද අඩුම තරමේ දුක් වූවා විය යුතුය. මා ඉරේශා හා ඇගේ දරුවාට ඉඩ දී ගියාට ඉන් වූයේ ඔවුන්ගේ වෙන්වීම කල් යාම පමනි. ඔවුන් නීතියෙන් වෙන් නොවුනත් මා ඔවුන්ගෙ ජීවිත වලින් ඉවත් වී වසර කිහිපයට පසු ඔවුන් වෙන් වෙන්ව ජීවත් වුනි.

  දන්නා පරිදි දිලීප වෙන කිසිවෙකුට ආදරය කළේ නැත. ඉරේශා නීතියෙන් වෙන්ව නැතවත් විවාහ වූයේද නැත. මා විදෙස් රටකට වී පරණ තුවාල පාරමින් ඒවා ලෙව කමින් සිටියෙමි. අවසානයේ කිසිවෙක් ජයග්‍රහනය කළේ හෝ පරාජය වූයේ නැත. කුසාලනය කිසිවෙකුට හිමි වූයේ නැත. තරඟ වැදීමෙන් සියල්ලෝම පීඩවකටත් වෙහෙසකටත් පත් සිටියෝ . මම දිලීපට අවසන් වතාවට ගෞරව කොට මරණ ගෙදරින් පිටත් වූයෙමි. දිලීප මා හැර ගොස් ඇති නමුදු මා එක තැනක සිර වී ඇති නමුදු ලෝකය තවමත් කැරකෙයි. ජීවත් වන්නට නම් මම ලෝකය සමග කැරකිය යුතු . සඳහා මම මට සමාව දෙන්නට ඉටා ගතිමි.

6 comments:

  1. වෙනස් නොවුනත් වෙනස් සංකල්පයක් අමුතු විදියකට ලියලා.හිතට ටිකක් අමුත්තක් දැනුනා.අමකතා ශෛලිය නිසා කියවන්න ආස හිතුනා..පොඩ්ඩක් ෆොන්ට් එක ලොකු කරන්න.

    ReplyDelete
  2. හරිම වෙනස් කතාවක් හිරණ්‍ය. මේ වගේ කතා කියවනකොට ඇයි ඔයා හැමදාම ලියන්නේ නැත්තේ කියලා හිතෙනවා.

    ReplyDelete
  3. බ්ලොග් කියවිල්ල අතඇරල දාලම ඉන්න හින්ද දැන් මේව සෙට් වෙන්නෙ නෑ... අදත් නිකමට මතක් වෙලා ඔලුව දාල බැලුවෙ....

    උඹට උත්තරා කියන නමත් එක්ක සෑහෙන බැඳීමක් තියෙනව නේද?... මුලින්ම මම හිතුවෙ කලින් කතාවෙම කොටසක් කියල :)

    ReplyDelete
  4. බ්ලොග් එකක තිබුන මෙච්චර දිග කෙටි කතාවක් කියෙව්වමද මංද. පළවෙනි පේළිය කියෙව්ව වෙලේ ඉඳල නවත්තන්න හිතුනේ නෑ. ලස්සනට ලියලා තියෙනවා. අද මම මේ බ්ලොග් එකට ආපු පලවෙනි දවස. දිගටම එනවා අනිවා‍යෙන්. දිගටම ලියන්න මිත්‍රයා. ඔබට ජය !

    ReplyDelete
  5. මානුෂීය බැඳීම් කියන ඒවා කොච්චර සංකීර්ණද? මානුෂීය හැඟීම් වැටවල් ගහලා පාලනය කරන්න පුළුවන්ද? සංකීරණ වූ මානුෂීය බැඳීම් අස්සේ හරි වැරදි තීරණය කරන්න අපි කව්ද?

    ReplyDelete
  6. හිරණ්‍ය, මේ "ප්‍රසන්න" ගැහැනියෙක් ද මිනිහෙක් ද...?

    ReplyDelete