Sunday, November 17, 2013

ඩොක්සාවට එරෙහිව!


රළ නැගෙයි රළ බසියි
නගින රළ බැසයත්ම තවත් රළක්
රළ මම වන අතර ඔබ මුහුද වෙයි
මම ඔබෙන් වෙන්වීද
ඔබ හට මා ලංවීද
ඔබෙන් තොර වීමක් නැත

රළ වදින තරමට 
බාධක වැඩිවුණු පමණට
වැඩිද සුන්දර බව
වැලි අතර ගල් පතර
සිපගමිනි ස්නේහයෙන්
ලස්සන කරනු වස්

හිරු එළිය පතිත
පෙන මත වර්ණ නංවයි
දේදුනු රටා මත අලුත් වර්ණයක්
නැගෙන රළ අතර
කිසිදා නොකියූ කතාවකින්
මතුවෙයි ඩොක්සාවට විරෝධය

6 comments:

  1. තේරුනේ නම් නෑ යාළුවා.. ඒත් නැවත පැමිණීම ගැන සතුටුයි...

    (මේල් වලට රිප්ලයි කරන්න වෙලාවක් නැති එක ගැන අවුලක් නෑ,. ඒත් පණපිටින් ඉන්නව කියල අඟෝපන්.. පහුගිය ටිකේ බ්ලොගේ වැඩ කලේත් නෑ..)

    ReplyDelete
    Replies
    1. උඹ (සහ කුමාරිහාමි)එව්ව මේල් එක දැක්කා. ඒකයි ආයේ මොනවහරි ලියන්න හිතුනේ. හොයල බලපු එක ගැන සතුටුයි.

      Delete
  2. තේරුණේ නෑ බං සාතන් අයියා කියන්න වගේ.. ඒත් අවුලක් නෑ.. ආයේ ලියන්න ගත්ත එක ගැන සතුටුයි මචෝ.. උඹව හොයාගන්න විදිහක් නැති එකනේ ඉතින් අවුල..

    ReplyDelete
    Replies
    1. සතුටු වීම ගැන සතුටුයි යාළුවා.

      Delete
  3. ඩොක්සා (doxa) කියන ග්‍රීක වචනයේ තේරුම ප්‍රසිද්ධ විශ්වාසය නැත්තම් පොදු මතය කියන එක යි. එක අතකින් සම්මතය කියන එක යි. ඒ අතින් ගත්තම මේ කවිය මේ බ්ලොග් එකේ නම ආයේ කීමක් වගේ, එච්චර යි. වෙන ලොකු දෙයක් නෑ.

    මේ මම කවියක් තේරුම් කළා ම ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ඔය අලුතින් ආව වචන සෙට් එකක් තියෙනවා ඒවට සිංහල වචන නෑ(තනි සිංහල වචනෙකින් කිව්වම අදහස හරියට එන්නෑ මං හිතන්නේ)... කෙලින්ම ඉංග්‍රීසි වචනේ අගට 'ව' යන්න දාලා ගොඩ දාලා තියෙන්නේ. (උදා:- නොස්ටැල්ජියාව)
      කවියේ අන්තිමට ඒ අදාල වචනේ විතරක් තේරුම් කළානම් හොඳටම ඇති වෙන්න තිබ්බා නේද?

      Delete