"ඇයි?" ඇගේ කටහඬ සෞම්‍යයි.
"මම සුසන්ත, ලංකාවෙ ඉඳන් ආවේ. මට නවතින්න තැනක් නැහැ. තැනක් හොයාගන්න සල්ලිත් නැහැ." සුසන්ත පින්සෙන්ඩු වුණා. "අනේ කරුණාකරලා."
"බැහැ බැහැ, අපිට පිරිමි නවත්තගන්න බැහැ."
"එහෙම කියන්න එපා. මම මේ හීතලේ පාරේ නිදාගත්තොත් හෙට උදේ වෙද්දී මැරිලා යාවි. මම ඕනෙම උදව්වක් කරන්නම්."
කන්‍යා සොයුරිය නළල රැලි කරගත්තා. කල්පනා සාගරයක මොහොතක් නිමග්න වුණා. "ඕනෙම උදව්වක්?"
සුසන්ත යුහුසුළුව ඔලුව වැනුවා. ඔහු ඇමරිකාවට පය තියල දවස් තුනකට වැඩියි. බෝට්ටුවට නැගල සති දෙකකකට වැඩියි. වමනේ යන ඔලුව කැරකෙන ගතිය අඩුවෙලා තිබුනට හරි නින්දක් නැති හින්ද ඔහු හිටියේ හරියකට කෙලින් හිටගන්නත් බැරිව. කන්‍යා සොයුරිය වරක් දෙවරක්ම වටපිට බැලුව. ඉඳහිට ඈතින් යන වාහන හැරුණු කොට මිනිස් ජීවයක ලකුණු තිබුනේ නෑ.
"හ්ම් ඇතුලට එන්න." කන්‍යා සොයුරිය හඬ අවදි කළා.
සුසන්තට ලැබුණු කාමරය කුඩයි. අපිරිසිදුම නැති වුණත් කාලෙකින් භාවිතා කරලා නැති නිසා පුස් ගන්ධක් වහනය වුණා. කුඩා කාමරයේ පැත්තකින් ඇතිරිලි රහිත මෙට්ටයක් ඇඳ මත තිබුණත්, කොට්ටයක සලකුණු තිබුනේ නෑ. ශ්‍රී ලාංකික පුරුෂයාට මේ අඩුපාඩු පෙනුනේ නෑ. අතේ තිබුණු ගමන් මල්ල බිමින් තියල ඔහු ඇඳේ වැතිරුණා. එහෙම ඉඳගෙන මතක් කළේ ඇයි ඇමරිකාවට එන්න යෙදුනේ කියල. ගෙවල් ළඟ නිමල් අයියා බෝට්ටුවෙන් ඇමරිකාවට පැනගත්ත හැටිත්, නිමල්ගේ ගෙදර තට්ටු දෙකට හදපු හැටිත්, අලුත් අලුත් ඇමරිකන් ටීවී ෆ්‍රිජ් කැමරා වලින් ගේ පිරුණු හැටිත්, අවුරුද්දකට විතර පස්සේ සුද්දියෙක් එක්ක ලංකාවට ආව හැටිත්, වැඩිකල් නොගිහිම්ම මුළු පවුලම ඇමරිකාවට ගෙන්න ගත්ත හැටිත් සුසන්තට මතක් වුණා.
"කොහෙද උඹට පුලුවන්ද එච්චර වැඩක් කරගන්න. බලාපල්ලකෝ අර අල්ලපු ගෙදර උන් ටික. දැන් උන් ඇමරිකන්කාරයෝ. පුහ්! උඹට වාසනාව නෑ. කාලකන්නි..." නිමල්ගේ පවුල රට ගිය අලුතම සුසන්තගේ අම්ම කිව්වේ එහෙම.
කොහොම වුණත් සුසන්තට බෝට්ටුවේ එන්න සල්ලි හොයල දෙන්න අම්මා සෑහෙන මහන්සි වුණා. තියන රත්තරන් බඩු ඔක්කොම උගස් කරලා දන්න දන්න අයගෙන් ණය අරගෙන ගාන හදාගෙන බෝට්ටු මුදලාලිට ගෙව්වා. පොරොන්දු වුණු හැටියට හැමදේම නොවුණත් සුසන්ත ඇමරිකාවට ගොඩ බැහැල තිබුණා. තමන්ව මුණගැහෙන්න කෙනෙක්, රස්සාවක් ඉන්න තැනක් දෙන්න කෙනෙක් ඉන්නවා කියල කිව්වා පොරෝද්දු කඩ වුණත්, ඇමරිකාවට ආ එක ගැන ඔහු සතුටු වුණා. තමන් අල්ලගනිවී කියන බය සුසන්තට කරදර කළේ සුළු වෙලාවකට විතරයි. ඇමරිකාව කියන්නේ ලංකාව වගේ වගේ දහස් ගණනක් විතර විශාල රටක් බවත්, අඩියෙන් අඩියට හඳුනුපත් පරික්ෂා කරන පොලිස් නිලධාරීන් නැති බවටත් සුසන්තට තේරුණා. සැක හිතෙන්නේ නැති විදිහට ඉන්න හැටිත් මිනිස්සුත් එක්ක ස්වභාවික විදිහට හැසිරෙන විදිහත් ආයාසයකින් තොරවම ඇඟට ඇවිත් තිබුණා.
"අර පැත්තෙන් බාත් රූම් එකට යන්න පුළුවන්. කන්න නම් දෙයක් නෑ. අපි කළා ඉවර වෙලා දැන් ගොඩක් වෙලා." කන්‍යා සොයුරිය කිව්වා.
සුසන්ත කමක් නෑ කියන්න ඔලුව වැනුවා. කොහොමත් මන්සියයි නිදිමතයි එක්ක කන්න ප්‍රියතාවයක් ඔහුට තිබුනේ නෑ. සුසන්ත නාන කාමරයට ගිහින් ජල කරාමය ඇරියා. උණු වතුර මාංශ පේශි ලිහිල් කරලා ගෙනාවේ සැහැල්ලුවක්. ඒ සුවයත් එක්ක විනාඩි ගණනක් ගත කරලා නාල තුවාය දවටගෙන අයෙත් කාමරේට එද්දී කන්‍යා සොයුරිය ඇඳේ වැතිරිලා ඉන්නවා දැකල ශ්‍රී ලංකික පුරුෂයා ගැස්සුනා.
"මේ... මේ මොකද?" සුසන්ත ගොත ගැහුවා.
කන්‍යා සොයුරිය නැගිට ඇඳේ වාඩි වුණා. ඔහුටත් වාඩිවෙන්න වෙන්න කියල අතින් සං කළා. සුසන්ත ඇය පසෙකින් වාඩි වුණේ හිතේ දෙගිඩියාවෙන්. ඇය අගේ හිස් වැසුම අයින් කරලා හිටියේ, ඇඳ හිටි ගවුමත් කලින්ට වඩා ලිහිල්ව පෙනුණා. කන්‍යා සොයුරිය සුසන්තගේ මුහුණ අත ගාන්න පටන් ගත්තා. ක්‍රමයෙන් අත ඔහුගේ බෙල්ල, පපුව, බඩ, යටි බඩ වෙනකම් පහලට ආවා. මහන්සිය නිදිමත නිසාම සුසන්තට මේ ඇත්තක්ද හීනයක්ද කියල හිත ගන්න බැරිව ලත වුණා. තුවාය කඩල අයින් කරන්න යද්දීම තමයි ඔහුට වැටහුනේ මෙය වෙන්නේ සැබෑ ලෝකයේ බව.
"එපා." ඔහු කන්‍යා සොයුරියගේ අත ඇදල විසිකළා.
"එපා? මට ඔයාගේ වීසා එක පෙන්නන්න කිව්වොත් ඒකටත් ඔයා එපා කියනවද? පොලිසියට කියනවා කිව්වොත්? එතකොට ඔයා මොකද කියන්නේ?" සුසන්ත ගල් ගැහුණා. පොලිසිය ඇවිත් කුදලාගෙන යනවත්, මාස ගණනක් හිරේ ඉන්නවත් හිස් අතින්ම ආයේ ලංකාවට යනවත්, බලාපොරොත්තු කඩ වුණු මවගේ මුහුණත් සුසන්ත ඉදිරියේ දිස් වෙන්න ගත්තා.
කන්‍යා සොයුරිය හයියෙන් හිනා වුණා. "ඒක තමයි මාත් හිතුවේ. අපි එපා නොකිය ඉමු. අනික ඔයා කිව්වනේ ඕනෙම උදව්වක් කරනවා කියල. මේක දෙවියන්ට කරන උදව්වක් කියල හිතන්න."
ඇය සුසන්තව ඇඳේ පෙරලලා ඔහුගේ ඇඟ උඩ නැග්ගේ ගවුම ගලවලා විසිකරන ගමන්. ටික වෙලාවකින් ඇය පොඩි කාලේ වගේ අස්සයා පදින්න ගත්තේ ශබ්ධ නගන ගමන්. අගේ වැහැරුණු පියයුරු ඉහල පහල යද්දී ගෙල මත පැළඳි කුරුසයත් රටාවකට නැලවුණා. සුසන්ත පියාගෙන මේ ඇත්තක් නෙමෙයි කියල හිතාගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා. දෙවියන් වෙනුවෙන් කළ උදව්ව අවසන් වෙද්දී සුසන්ත සිහිසුන් වෙලාද නින්ද ගිහින්ද කියල හිතාගන්න කන්‍යා සොයුරියට අපහසු වුණා.
* * * * *
සුසන්ත මැදියම් රාත්‍රියේ එක් වරම ඇහැරුණා. තමන් කොහෙද ඉන්නේ, මොකද්ද වුණේ කියල මතක් වෙන්න ඔහුට මොහොතක් අවශ්‍ය වුණා. කන්‍යා සොයුරිය පෙනෙන මානයක නොහිටි හින්ද ඔහුට යම් සහනයක් හිතට දැනුණා. අලුයම වෙන්න තව වෙලා තිබුනත් ඔහු යන්න සුදානම් වුණා. කලින්ටත් වඩා ඇඟට තද අපහසුවක් දැනුනත් තව මොහොතක් වත් රැඳී ඉන්න සුසන්තට උවමනා වුණේ නෑ. කිලිටි ඇඳුම් නැවතත් ඇඟලා ගත ඔහු කුඩා කාමරයෙන් එළියට ආවේ හැරිලාවත් බලන්නේ නැතිව.
කන්‍යාරාමයෙන් එළියට යද්දීම තමයි ඔහුට මතක් වුණේ තමා අත මුදල් නැති බව. කාර්යාල කාමරයට සීරුවෙන් ගිහින් අගුල කඩල ඩොලර් නෝට්ටු ගණනක්ම සාක්කුවේ දාගන්න ශ්‍රී ලංකික පුරුෂයාට හැකි වුණා. සුසන්ත ඒ පවුකාර ගොඩනැගිල්ලෙන් පිටවෙද්දී වත් හිරු එළියේ සලකුණු මතුවෙලා තිබුණේ නැහැ. තව දවස් කිහිපයකට සරිලන්න මුදල් තිබුනත් ඉක්මනින් රස්සාවක් හොයගැනීමේ අවශ්‍යතාවයකින් ඔහු පෙලුනා. නැවත වරක් දෙවියන්ට උදව් කරන්න නම් කිසි උවමනාවක් ඔහුට තිබුනේ නෑ. ඒ මතක හිතේ අඳුරු කොනක අගුලු දමන්න උත්සහ කරමින් ශ්‍රී ලාංකික සංක්‍රමණික පුරුෂයා සුස්මක් හෙලුවා. පරිසරයේ අධික සිසිලස ඔහුට අපහසුවක් බව ඔහුට අමතක වෙලා තිබුණා.
ප.ලි.: මේ ''ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන තැනට රී ප්ලේස් වෙනවා..එතකොට අපිට ඇමරිකාවට පනින්න ලේසියි...'' කියල අමිල ඉදිරිපත් කල අදහස වෙනුවෙන් ලියු කෙටි කතාව. කොහොමද අමිල?
ප.ලි.: මේ ''ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන තැනට රී ප්ලේස් වෙනවා..එතකොට අපිට ඇමරිකාවට පනින්න ලේසියි...'' කියල අමිල ඉදිරිපත් කල අදහස වෙනුවෙන් ලියු කෙටි කතාව. කොහොමද අමිල?