Thursday, February 21, 2013

අපි හරි මානුෂිකයි! | Boo you barbarians!

ඔන්න එකමත් එක කාලෙක කොහෙද මන්ද රටක මහා නරකම නරක මිනිහෙක් හිටියලු. ඒ මිනිහගේ නම ප්‍රභා ලු. හැබැයි ඉතින් හැම නරක මිහිහෙක්ට හැමදාම නෝටි වැඩ කර කර ඉන්න වෙන්නේ නෑනේ. ඒ රටේ වීරයෝ එකතු වෙලා ප්‍රභා ව අල්ලා මරල දැම්මලු. වැඩේ කියන්නේ ප්‍රභාට පවුලකුත් හිටියලු. ඔච්චර කැත මිනිහෙක්ට පවුලක් හිටියේ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මේ කතාව ප්‍රභා ගැන නම් නෙවෙයි එයාගේ පොඩි පුතා ගැන, බාලා.

ඔන්න ඉතින් ප්‍රභාව පරද්දපු වීර මාමලා කට්ටියට මේ බාලා ව හම්බවුනාලු. බාලා අවුරුදු දහයක විතර පොඩි දරුවෙක් වුණත් බාලා ගේ තාත්තා මිනිමරුවෙක් අපරාධකාරයෙක් නේ. අපරාධකාරයාගේ පුතත් ඒ අපරාධ වලට වගකියන ඕනනේ නේද? ඒ අභිමානවත් සදාචාරවත් ශිෂ්ට රටේ හැටි එහෙමයි. දන්නේ නැත්තම් ඉගෙන ගනිල්ලා. කෝ ඉතින්, ඔන්න ඒ වීර මාමලා කල්පනා කරන්න ගත්තලු. බාලට දෙන දඬුවම මොකද්ද කියලා. එක එක වීරයෝ එක එක යෝජනා ගෙනාවලු.

1. ඕකව උලතියමු. උල තියද්දී උල පස්සේ ඇනිලා ලේ විසිවේවි. හැම තැනම ලේ ගෑවේවි. ඕකගේ තාත්ත කරවපුව හැටියට ඒක හොඳ වැඩියි.

2. කටට මෝටාර් එකක්! පුකට ක්ලේමෝ එකක්!

3. මම කියන්නේ හතරට පලලා ගස් හතරක එල්ලමු. හා හොඳ නැද්ද ඒක? මාගාව කැමරාවකුත් තියනවා. වීඩියෝ කරන්න බැරියෑ. ආයේ නෑ මාස ගානකට ආතල්.

4. ඕකව තියාගමු. පස්සේ ඕනේ වෙන්නත් බැරි නෑනේ...

5. පිස්සුද උඹට මූත් තාත්තා වගේම තමයි. අනාගත ත්‍රස්තවාදියා!

කොහොමින් කොහොමින් හරි කාටවත් දෙන දඬුවම ගැන සමතයකට එන්න බැරි වෙලා. ඔයවගේ අවස්ථා වල වෙලාවත් හරි වැදගත් නේ. ඔන්න ඉතින් එක වීර මාමෙක් බාලා ළඟට ගියාලු කතාකරන්න. වැඩේ කියන්නේ ඒ යකා බාලාට බිස්කට් පැකට් එකකුත් දුන්නනේ. ඔන්න ඉගෙන ගනිල්ලා සල්ලිවලට තමන්ගේ රට පාවා දෙන උන් ඒ කාලෙත් හිටියා.

"බාලා, කොහොමද?" දේශද්‍රෝහියා ඇහුවා.
"කෝ අපේ තාත්තා අම්මා?"
"දන්නේ නෑ." බාලා ගොළුයි.
"බාලා බයවෙලාද? බය වෙන්න එපා."
බාලා ඔලුව වැනුවා.

කොහොම වුණත් බාලට මොකද වෙන්නේ කියලා බාලවත් ඒ වීර මාමලවත් දැනගෙන හිටියේ නෑ. ටික වෙලාවකින් කෝල් එකක් ආවලු. රහස් ඇමතුමක්, ඕන්. කෝල් එකින් කිව්වේ බාලව අතුරුදහන් කරන්න කියල. දන්නේ නැද්ද, ඔය රහස් වැඩ එහෙමනේ. ඔන්න ටිකකින් බලද්දී බාලා නෑලු. කොහෙට ගියාද නෑ. කකා හිටපු බිස්කට් පැකට් එක බිම වැටිලා තිබුනලු. වීර මාමලා වැඩේ තේරුම් ගත්තලු. සමහරු නම් දුක් වුණාලු. අතුරැදහන් වීම වීඩියෝ කරන්න බැරි වුණාට.

ඔන්න ඉතින් ළමයි කතාව ඉවරයි. හරිම මානුෂිකයි නේද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සාදු සාදු සාදු!

28 comments:

  1. මම නම් ඔන්න මානුෂික නෑ... :)

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕනෙත් නැද්ද? :(

      Delete
    2. අද හැමතැනම දකින්න තියෙන විදිහට මානුෂික වෙන්න නම් ඕන නෑ බන්... මාකට් කරන්න පුළුවන් තැනදි විතරක් ඇති වෙන මානුෂිකත්වය මට කිසි වටිනාකමක් නෑ... ඊට වඩා සතෙක් තිරිසනෙක් කියල ලැබෙන බැනුමක් වටිනව :)

      Delete
    3. මානුෂික නම් මානුෂිකයි, හැමතැනම තිබීම හෝ නොතිබීම අතිරේක කාරණයක් නේ. වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය (පිලිගන්නවා නම්) වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටීම. ඒක පෞද්ගලික දෙයක්, තමන් මාකට් කරන්නේ නැත්තම්, තමන් හරියැයි හිතන දෙයක් වෙනුවෙන් නැගීසිටීම වරදක් මම දකින්නේ නැහැ.

      Delete
    4. මානුෂිකයි කියන්නෙ මොකක්ද කියන එක ගැන මට හරි අදහසක් නෑ හිරණ්‍ය... මම විස්වාස කරනව මං අමානුෂිකයි කියල...

      Delete
    5. "මනුෂ්‍යත්වය යනු කිම?" කියන ප්‍රශ්නෙට නිරපේක්ෂ උත්තරයක් තියනව කියල මම හිතන්නේ නෑ. මට අනුව මනුෂ්‍යත්වය; තමන්ටම කියල සිතීමේ හැකියාව, යමක හරි හෝ වැරැද්ද තේරුම් ගැනීමේ පුළුවන්කම, අනෙකෙකු වෙනුවෙන් දයාව කරුණාව ආදරය දැක්වීම වගේ දෙයක්.

      //මම විස්වාස කරනව මං අමානුෂිකයි කියල// මම නම් එහෙම විශ්වාස කරන්නේ නෑ.

      Delete
  2. what the hell is this hiranya...?

    ReplyDelete
  3. ස්තූතියි හිරන්‍ය.. ඔබේ මනුෂ්‍යත්වයට...

    ReplyDelete
    Replies
    1. ඕක ස්තුති කරන්න තරම් දෙයකුත් නෙමෙයිනේ මාතලන්. කොහොම වුණත් ඔබටත් ස්තුතියි මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවාට.

      Delete
  4. හැමතැනම මේ කතාව. ඇයි දැන් මේ කතාව ඇදිලා තින්නෙ? හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. ඇදිලා තියෙන්නේ කලින් පිට නොවුණු පින්තුරයක් දැන් පිටවෙලා තියන හින්දා. විස්තර දන්නේ නැත්තම් මෙතනට යන්න,

      http://www.w3lanka.com/2013/02/blog-post_4447.html

      Delete
  5. //Boo you barbarians!//

    Anyone can be a barbarian; it requires a terrible effort to remain a civilized man. :D:D:D

    ReplyDelete
  6. අනුන්ගෙ දරුවන් බල්ලන් බළලුන් වගේ මරණ මිනීමරුවන්, තමන්ගෙ දරුවන් ඒ මැරිච්ච උන්ගෙ දෙමාපියන්ගෙ මනුෂ්‍යකම නිසා බේරෙවි යයි හිතනවා නම්, ඒක සැබෑවෙන්නෙ හීන ලෝකෙ විතරයි.

    සමහර සොහොන් පිල්ලි අස්සේ ළඟින මලපෙරේතයන් එදා වේළ පිරිමහගන්න පච කෙළල මොලේ කචල් වෙලා අඬන අය ඇස් ඇරල බැලුවා නම් හොඳයි. අනුන්ගෙ වේදනාව දැනෙන එකම විදිය ඒකම තමන්ටත් වුනොත් විතරයි. සිංහලයන් ප්‍රභා වැනි උන්ගෙ ජාතියට අණුකම්පා කරයි නම් උන් සිංහලයන් නොව සිඟාලයන් ය. මිනීමරුවන් බිහිකරන්නේ ද මිනී මරුවන් ය. පියාගේ ගති නැති පුතුන් අවජාතකයන් ය.

    මිනීමරුවන්ට, උන්ගෙ දරුවන්ට, මනුෂ්‍යකම පෙන්විය යුතුයි කියනවාට වඩා, අනෙක් උන් මේ සිදුවීම පාඩමකට ගෙන, තමන්ගෙ දරුවන්ගේම යහපතට, අනුන්ගෙ දරුවන් ඝාතනය නොකල යුතු ය යන මතය සම්මතයෙන් ඔබ්බට යන එකෙකුට වඩා උචිත කීමකි. සියලු දෙමළ ත්‍රස්තයන් අතු ගෑවී ගියේ දෙවියන් කෝප වූ නිසා යයි කියමි. මිනිසුන්ට දේව අණට පිටු පා ගිය හැකි ද?

    ReplyDelete
    Replies
    1. How enlightening! Want a cookie for your wise words?

      Delete
    2. "සියලු දෙමළ ත්‍රස්තයන් අතු ගෑවී ගියේ දෙවියන් කෝප වූ නිසා යයි කියමි. මිනිසුන්ට දේව අණට පිටු පා ගිය හැකි ද?"

      කතාවට කියන්නෙ ලෝකෙ ලොකුම භෞතික විද්‍යඥයොත් පල්ලි ගිහින් දෙවියන්ගෙන් සමාව ඉල්ලනවලු. එහෙව් එකේ...

      Delete
  7. මේ මෙය කියවන අගක් මුලක් නොතේරෙන අයටයි,

    මෙය ලිවීමට ආසන්නම හේතුව වුණේ එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ පුතා (වයස 12) බාලචන්ද්‍රන් අවසන්වරට පෙනී සිටින්නේ යැයි සැක කෙරෙන චායාරූප කිහිපයක් එළිවීම නිසා ඒහා බැඳුනු ප්‍රසිද්ධ උපකල්පනයක් (මේ උපකල්පනය සැබෑ වීමට හෝ නොවීමට ඕනෑ තරම් ඉඩ ඇත) වන 'එම දරුවා හමුදා අත්අඩංගුවට පත්වී හමුදාව අතින් මරණයට පත්වූයේය' යන්න, සැබෑවට එසේ වුයේ නම් එය එසේ සිදුවීම සාධාරණිකරණය කරන බ්ලොග් කියවන/ලියන පිරිසක් සිටීමයි.

    ඔවුන් එසේ බාලචන්ද්‍රන් මරාදැමීම සාධාරණ බව කියන ප්‍රධාන හේතු 2 කි.
    1. ඔහු ජීවත් වුයේ නම් ඔහුත් තම පියාගේ අඩිපාරේම ගොස් ත්‍රස්තවාදියෙකු වන බව හා ඒ නිසා ඊට පෙරම අවධානාම නැති කළ යුතු වග.
    2. ඔහුගේ පියා නිසා මරණයට පත් වූ දරුවන් ඕනෑ තරම් සිටින නිසා ප්‍රභාකරන්ගේ දරුවාටද එවැනිම අකල් අමානුෂික මරණයක් අත්විය යුතු බව.

    මෙසේ කියන ඔවුන්ගේ මම දකින වැරදි කිහිපයක් නිසාවෙන් මා මෙය ලියුවෙමි.

    1. රටක නීතිය හා ඒහා බැඳුනු ක්‍රියාදාම නොසලකා ත්‍රස්තවාදීන්ගේ දරුවන්ට ත්‍රස්තවාදීන් මෙන් සැලකීම එකම කාසියේ අනෙක් පැත්ත මිස අපි ත්‍රස්තවාදීන්ට වඩා උසස් වන්නක් නොවන බව ඔවුන් අමතක කරයි. ඇසට ඇසක් න්‍යාය ශිෂ්ට රටකට තරම් නොවන බව නොදනියි.
    2. සෑම අවස්ථාවකදීම රටක පිළිගත් නීතියට අනුකුලව කටයුතු කළ යුතු බව ඔවුන් නොසලකා හරියි. එක් අවස්ථාවක කඩ වූ නිතිය තවත් වරක කැඩීමට ඉඩ ඇති බව නොදකියි.
    3. බාලචන්ද්‍රන් දෙමළ නොවී සිංහල වී නම් ඔහුට අත්වන ඉරණම හා එයට දක්වන ප්‍රතිචාරය මීට වෙනස් බව ඔවුන් දනියි, ජාතිවාදය නිසා එය අතපසු කරයි.
    4. අවස්ථාව අනුව දරුවකුගේ ජීවිතය නැතිකිරීම සාධාරණය කිරීමට තරම් අමානුෂික වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්ව තේරෙන්න මස්තිස්කය කියන මස් වැදැල්ල විතරක් තිබුණට මදි!

      Delete
    2. කතන්දරට කමෙන්ට් කළ ඇනෝටයි,

      මම කෙනෙකුගේ අදහස් වාරණය කරන්න අකමැතියි. ඒත් ඔබේ කමෙන්ට් එක අයින් කළේ ලිපියට ප්‍රතිචාර දැක් වූ අයෙක්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කළ නිස යි, පුද්ගලික මඩ ප්‍රහාර නැතිව අදහස් ප්‍රකාශ කරමු නේද?

      Delete
    3. හිතවත් හිරණ්‍ය,

      ඔබ කියනා දේ පැහැදිලි මුත් ඔබට පැහැදිලි නොවූ දේ නම් එකී කතාව කතන්දරේගේ වත්මන් අදහස්වලට හේතුව වන බවයි. ඕනෑම අයකුට තම මතයන් ඇති වීමට හේතුපාදක වූ කරුණු ඇත. මා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ එකී හේතු පාදක වු කතාවය. එහිදි හුකනවා යන වදන වෙනුවට ලිංගික සංසර්ගයේ යෙදෙනවා යන වදන් යෙදුවා නම් ඔබ එය පල කරනවාද? ඒ වැනි වදන්වල හැර එම අදහස් දැක්වීමේ වෙන කිසිදු වරදක් නොවන බවත්. එකී කතාව සම්පූර්නයෙන්ම සත්‍ය බවත් කියමි. එමතුද නොව නුදුරේදීම සිංහල බ්ලොග් අවකාශය තුලත් මුහුණු පොත තුලත් මෙම කතන්දරගේ දියණිය හා සම්බන්ධ කතා පුවත ගෙන හැර දැක්වීමට මේ වන විට අප විසින් කටයුතු සම්පාදනය කර ඇත. මදක් ඉවසන්න. එසේම අදහස් දැකීවිමේදී එය කතාවට අදාලව කෙරුනේ නම් ඒවා මැකීමට උත්සහ නොකරන්න.

      Delete
    4. හිරණ්‍ය,

      මේ මෝඩ ඇනෝකාරයා

      එක්කෝ

      1. හිතා මතා මාව නිහඩ කරවන්නට බොරුවක් ගොතා කියනවා.

      නැතිනම්

      2. වෙනත් පුද්ගලයෙකුට මා යැයි සීරියස්ලි රැවටිලා

      ඔවුන් ගේ දේශපාලනයේ නිරුවත් කමයි ඒ මොකෙන් වුනත් එලිදරව් වෙන්නේ.

      Delete
  8. අපිට අමානුශිකයි කියලා ඇගිලි දික් කරන අය කොච්චර මානුශිකද කියලා හිතන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ කිව්වේ මටද දිනේෂ්? ඔව් නම් උත්තරේ; මම හිතලා බලනවා මානුෂික නොවෙයි නම් වෙන්න උත්සහ කරනවා.

      Delete
  9. මං දැකපු විදියට මිනිසුන් නොමිනුසුන් වෙන්කර හඳුණාගන්න මෙය හොඳම අවස්ථාවක්. කට ඇරිය ගමන් තේරෙනවා. කට නොඅරින උන් ඊටත් වඩා කට්ටයෝ වෙන්න පුළුවනි.

    ReplyDelete
  10. ආදරයේදීත් යුද්ධයෙදීත් වෙන දේවල් වලට අටුවා ලියන එක පලක් නැති වැඩක් ............

    ReplyDelete
  11. මේක ඇදුනෙ ජිනීවා එකට සමගාමීව.සිංහල ගම්මාන වලට පැනල පොඩි දරුවො මරපුව සාධාරණීකරනය කරමින් එක් හුදකලා සිද්ධියක් හුවා දක්වන්න්නේ 30 අවුරුදු ත්‍රස්තවාදය සාධාරණීකරනය කරන්නයි

    ReplyDelete