මුළු ඇඟම පිච්චිලා යන සංවේදනයක් එක්ක හීන් හිරිවැටීමකින් ඇස් වැහුණා. සහනය, ඒ තමයි පූර්ණ තෘප්තිමත් බව. ඇස් අරින්න කිසිම වුවමනාවක් ඇති වුණේ නෑ වගේම අමුතු සුවදායක බවක් අවකාශයේ පැතිරෙන්න ගත්තා. ළා සිසිලසක් වගේම හිත පොපියවන ස්වභාවය ඇඟෙව්වේ සුරඟනගේ ආගමනය. මම හිමින් ඇස් ඇරියේ කම්මැලි කමට, මට ඒ සනීපයෙන් මිදෙන්න බැරි බවක් දැනුණා. ඇස් අරිනවත් එක්කම මම තේරුම් ගත්ත මම දැන් ඉන්නේ ඇස් පියවෙද්දී හිටපු තැන නොවන බව. එතැන කැලයක්. නැහැ අත්හැර දමන ලද උයනක්. කාලෙකට කලින් ඉතාම පිළිවලකට හා සුන්දරව පවතින්න ඇති බවට සාධක තවමත් ඉතිරි වෙලා. මම හිටියේ මල් වල එතිච්ච ආරුක්කුවකට හේත්තුවෙලා. පරිසරය පුරාවට විහිදිලා තිබුනේ සැන්දෑ රන් පැහැ ආලෝකය.
ඒ ආලෝකයෙන් ඇගේ වත දිදුලන්න ගත්තා, ඇය තමයි හරිත සුරඟන. ඇය ඇඟලාගෙන හිටි ඉතා දුහුල් සළුව අතරින් ඇගේ සම දිලිසුනේ ලුමිනස් පැහැයකින්. දීප්තිමත් ආලෝකය ඇගේ ලාලිත්‍යමය සිරුරේ ආකර්ශනීය බව තව තවත් ඔපවත් කළා. වෙනත් විදිහකට කිව්වොත් මිනිහෙක් ගැහැනියක ගෙන් බලාපොරොත්තුවන වන සෑම දෙයකටත් වඩා වැඩි දෙයක් ඇය සතුව ඇති බව පෙනුණා. සුරඟනගේ සුන්දරත්වය විඳින අතරේ ඇය මා ළඟටම ඇවිත් (ඇත්තම කිව්වොත් එය ඇවිදීමකට වඩා පාවීමක්) ළඟින් වැඩි වුණා. මම හිනා වුණේ ඉබේටම යි, ඇය මගේ ඇස වලට එබුණා. ඒක මගේ සිරුර ඇතුලට කිඳා බැහැල මුළු ආත්මය ම කිති කැවීමක්. ඒ ප්‍රහර්ෂයේ සන්සුන් වෙන්න මම ඇස පියාගත්තා.
නැවත ඇස් අරින්න අවස්ථාව උදාවුනේ ඇය ඇගේ හිස මගේ උකුල උඩින් තියාගත්තට පස්සේ. මම ඇය දිහා බැලුවම ඇය හිනාවුනේ මගේ හදවතත් එක්ක.
"ඔයා ලස්සනයි..." මම මිමිණුවා.
ඇයගේ නේත්‍රා දිලිසුනා.
"ඇත්තම යි කිව්වේ, ඔයා ඇයි මෙහෙ? ඇයි මාව බලන්න ආවේ? මම බලාපොරොත්තු වුණේ නෑ."
"ඔයා කතාකලහම නෑවිත් ඉන්නේ කොහොමද, මට ඕනේ වුණා ඔයාව පුදුම කරවන්න."
"ම්ම්ම්,,, අපි දැන් මොකද කරන්නේ?"
"අපි දැන් කායිකව එක්වෙනවා."
"නෑ, මේ අපි කතාකරනවනේ?"
"ඉතින් රමණය කියෙන්නෙත් කතාවක් තමයි, ඒක සිරුරු දෙකක් අතරේ කතාවත්, ආත්ම දෙකක් අතරේ මිමිණුමක්."
"ඔයා ඔය කියන්නේ කාව්‍යාත්මකව?"
"නෑ, ඒක එක දෘෂ්ටිකෝණයක්. තමන්ට හිතෙන විදිහට නිර්වචනයක් හදාගන්න නිදහස කාටත් තියනවා." ඇය ඒ කොටස හිමිහිට කිව්වේ මගේ කනට ලංවෙලා.
ඇය නැගිටලා නැවත වරක් මගේ ළඟට ඇවිත් මගේ උකුල උඩින් වාඩිවුණේ මට මුහුණලා. අපේ ඇස් හමුවෙලා නැවත කතාවකට එකතුවුණා. ඒ සුහද සංවාදය අවසන් වුණේ මම ඇගේ කම්මුල සිපගැනීමකින්. ඇය හඬ නැගල හිනා වුණාම මටත් හිනා නොවී ඉන්න බැරි බැරි වුණා. ඇයත් මගේ කම්මුල සිපගත්තේ ඒ අතරෙදි යි. නැවතත් ඇස් පියාගැනීමක්. ඊළඟ වතාවේදී හාදුව ලැබුනේ මගේ දෙතොලට. ඇයගේ තොල් සඟල අසාමාන්‍යය විදිහට සුමුදු යි වගේම හිත කලඹවන සුළුයි. මට ඒ සුවයේ තව තවත් ගිලෙන්න ඕනේ වුණා. මම ඇගේ බැඳ වටා අත දාල මට තුරුළු කර ගත්තා. ඇයත් මගේ පපුවටම එතුනේ ආයාසයකින් තොරව යි.
සිප ගැනීම අවසන් කළ සුරඟන මගේ ඇස් එක්ක හිනා වුණා. මම ඇගේ සිනිදු කෙහෙ රැලි අතරින් ඇඟිලි යැව්වා. ඇය මගේ උරහිසින් ඔලුව තියල තවත් මට ම තුරුළු වුණා. ඇගේ පිරුණු පයෝධර අපි දෙන්න අතරේ තෙරපුනා. මම ඇගේ බෙල්ලට හාදු දුන්නේ හිතෙන් වාරගණන ගණන් කරන ගමන්. සිපගන්නා වාරයක් පාසා සුරඟනගේ සම වඩවඩාත් දීප්තිමත් වුණා. ඉතාම සොදුරු මිනිත්තු කිහිපයකට පස්සේ ඇය ඔලුව ඔසවල මගේ දිහා බැලුවා. ඒ වතාවේ ඒ නයන කතා කළේ නෑ, නොකළෙත් නෑ. කොහොම වුණත් ඇය කියන දෙය මට දැනුණා. හැම ආරම්බයකට ම අවසානයක් තියනවා. එක කොච්චර සතුටුද/දුක්මුසුද කියන දේ වෙනම කතාවත් තමයි වුණත් ස්වභාවය දැනගැනීම එක්තරා සහනයක්.
"මට යන්න වෙනවා."
"තව ටිකක් ඉන්න..."
"බැහැ."
"එහෙනම් යන්න කලින් අවසාන හාදුවත් දෙන්න."
"හොඳයි, හැබැයි මේ අවසාන වතාවද නැද්ද කියල කියන්න පුළුවන් ඔයාටම විතරයි."
ඇය අවසාන වරටත් මාව සිපගනීමත් එක්කම ඇය අවකාශය තුලින් අතුරුදන් කළේ මාව පියවි සිහියට ගෙන එමින්. ඒත් මට සැබෑ ලෝකය අවශ්‍ය වුණේ නෑ. සැබෑ ලෝකය මාව වෙහෙසටත් කම්පාවටත් පත්කරන්න සමත් වුණාට හරිත දෙවඟන ඒ හැම දුකක්ම මගෙන් ඉවත් කරලා පූර්ණ සන්තුෂ්ටියක ඔබ්බවන්න සමත් වුණා. අහා! එය තමයි, සැබෑව විය යුත්තේ. ඒ තෘප්තියේම සැඟවීමේ ආශාවෙන් මම නැවතත් ඒ අධි සාන්ද්‍රීය පානය නැවත වරක් තොල ගාල ඇස් පියාගත්තා.
සැරයක් මට කෙනෙක් කිව්ව නිර්මාණය සාර්ථකයි නම් ඒ ගැන වෙන කෙනෙකුට ආපහු කතා කරන්න දෙයක් ඉතුරු නොවෙන්න ඕන කියල..
ReplyDeleteඒ වගේ මට නම් ලියල තියෙන එක විදිනව මිසක් ඒ ගැන කියන්න දෙයක් නම් ඔලුවට එන්නෙ නෑ..
සාතන් කිවුවා හරි හිරණ්‍යගේ ලිපි වල අපිට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. නිදහසේ කියවලා රස විදින්න විතරයි තියෙන්නේ..
ReplyDeleteචහ්... කෝ මේ බොන උන් සෙට් එක... වහාම ඇබ්සින්ත් එකක් හොයාගන්න වෙනව...
ReplyDeleteමොකක් කියන්නද මංදා..මේ විදියට හිතන්න පූළුවන් නම් මටත්...........
ReplyDelete