සිසිර තුහින සමග නග්නව මුත්
සම මත පතිතව රශ්මි තරංග,
මාගේ අත්ල'හි ඇති ඔබේ හදවත
නොවෙනු ඇත කිසිවෙකුගේ
අනිත්‍ය නම් සදාකාලික බව
ඇතුලත ගිලී ඇති තාක් විශ්වය
හාදුවක් තබා සපථ කරන්නම්
නොවන බව කිසිවිටක ඔබ මාගේ
දුරින් හිඳ විඳගන්නට සතුට
තාවකාලික අවස්ථාවක් අත'තිවත්
අවසානයේ සියල්ල නිස්සාර හෙයින්
ඉතිරිව මෛත්‍රී ශාන්තිය පමණක්ම
අග්නි චක්‍රයෙන් මිදී අවුත්
බලත්ම අප අපම දෙස
හිමි වූවත් නො ඇලෙමි නුඹහට
අත්හල බැවින් මා මාවම
අත්අරින්න පුළුවන් නම් කොයිතරම් ලේසිද....?
ReplyDeleteඅත්හැරීමේ හැකියාව ලැබෙන්න නම් සෑහෙන්න අමාරු වේවි, ඊට පස්සේ ලේසි/අමාරු කියල සාපේක්ෂ බැලීමක් නැති වේවි...
Deleteඋඹ කියන්නෙ 100%(සියලු දේ) අත්හැරීමේ හැකියාව ලබාගන්න එක වෙන්න ඕන...
Deleteඅත් හරින්න කොච්චර උත්සාහ කලත් ඒක කරන්න බැරි හැටි..
ReplyDeleteහිරණ්‍ය මොකද මේ දවස් වල වැඩිය පේන්න නැත්තේ??
මේ යන්තරේ ලෙඩ වෙලා තිබුණානේ. :)
Deleteමෙහෙම ඉන්නවා නම් ලොකු සහනයක් දැනේවි ...
ReplyDeleteඔව්, අනුන්ට කෙසේ වෙතත් තමන්ට...
Delete