Friday, July 19, 2013

සප්ත පාප: මානය



විදුලි ආලෝක දහසක් ඒ සුරූපී මුහුණ ඉදිරියේ නිවෙමින් පත්තු වෙන්න පටන් ගත්තා. රිදී තිරයේ දකිනවාටත් වඩා දිව්‍යමය ස්වරූපයක් ඇයට උරුම වෙලා තිබුණේ. ඇය වාහනයෙන් එළියට බැහැල රසික රසිකාවියන්ට අතවනමින් රතු පලස මතින් ගියේ බළල් ගමනින්. අමාට පුදුමයි මේ අවස්ථාව ගැන. ප්‍රවීනා පලිපාන කියන ජනප්‍රිය නිළිය කවදාවත් පෞද්ගලිකව මුණ ගැහෙන්න ලැබෙයි කියල අමා හිතුවේ නෑ.

අමාට ප්‍රවීනා රඟපෑ සිනමා පටයක් ඇස ගැසුනේ අහම්බෙන්. දවසක් අමා සැක කාරයෙක් පස්සෙන් ඇවිත් ඇතුළු වෙලා තිබුනේ සිනමා ශාලාවකට. සැකකරයා පෙනෙන මානයෙන් වාඩි වුණු අමාගේ අවධානය ගන්න තිරයේ හැසිරුණු  ප්‍රවීනාට ගතවුනේ මොහොතකටත් අඩු කාලයක්. අමාගේ හද ගැස්ම සාමාන්‍ය එකක් වුණානම් හද ගැස්ම ඉහල යන්න ඉඩ තිබුණා. කොටින්ම කිව්වොත් දශක ගණනාවකට පස්සේ දැකපු ආකර්ශනීයම කෙල්ල තමයි ප්‍රවීනා. අමා ප්‍රවීනාගේ තාත්වික රඟපෑම දිහා ඇසිපිය නොහෙලා (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) බලා හිටියා. සැකකාරයා චිත්‍රපටය ඉවර වෙනකම් හිටියේ නැති හින්ද අමාටත් නැගිටලා යන්න වුණා. ඒත් සිනමා ශාලාවෙන් එලියට එද්දී 'ප්‍රවීනා සින්ඩ්‍රෝමයෙන්' අමා ආතුර වෙලයි හිටියේ. කොහොම හරි සතියක් ඇතුලත අමා ප්‍රවීනා රඟපාපු ච්ත්‍රපටි හැම එකක්ම කිහිපවතාවක් බලල තිබුණා.

ඔය අතරේ තමයි චිත්‍ර පටයක මංගල දර්ශනයකට ප්‍රවීනා සහභාගී වෙනවා කියල දැනගන්න ලැබුනේ. ඉතින් මේ වගේ අවස්ථාවක් පැහැර හරින්නේ කොහොමද. රසිකයන්ගේ බෙරිහන් දීමත් මාධ්‍ය වේදීන්ගේ නොනවතින ප්‍රශ්නත් අතරින් ප්‍රවීනා ශාලාව ඇතුලට ඇදුනේ ලොකු පිරිවරකුත් එක්ක. අමාත් කලබල අතරින් ශාලාවේ කෙළවරකට රිංග ගත්තා. සිනමා පටය දර්ශනය කරන්න කලින් පවත්වන්නට යෙදිලා තිබුණේ ප්‍රවීනාගේ මාධ්‍ය සාකච්චාව.

"ප්‍රවීනා, ප්‍රවීනා, අපිට ඔයාගේ අලුත්ම ෆිල්ම් එක ගැන කියන්න!" රසික ඝෝෂාව හා කැමරා ක්ලික් ශබ්ධ අතරින් එක මාධ්‍යවේදියෙක් ඇහුවා.

"මේ කතාව මගේ යාළුවෙක් ලියපු කතාවක්. හිරණ්‍ය කතාව ලියද්දි මට කිව්වේ එයා රන් මැණිකාගේ චරිතය නිර්මාණය කළේ කාටවත් රඟපාන්න බැරි විදිහටයි කියල. ඉතින් මම මේක භාරගත්තේ අභියෝගයක් විදිහට. ඒත් මට රඟපාන්න බැරි චරිතයක් තියනවද. නේද?" ප්‍රවීනා සිහින්ව  හිනාවුණා. "හිරණ්‍ය වැරදියි කියල පෙනන්න මට ඕනේ වුණා."

"රන් මැණිකා මොන විදිහේ කෙනෙක්ද?" ඒ ඊළඟ ප්‍රශ්නය.

"රන් මැණිකා සම්ප්‍රදායික ගැමි ගැහැනියක් නෙවෙයි. රන් මැණිකා කලාකාරිනියක්, විප්ලවකාරියක්, සමාජ සේවිකාවක්, වෛද්‍යවරියක් ඒවගේම රන් මැණිකට මන්තර ගුරුකම් එහෙමත් පුළුවන්. කතාවේ රසය නසන්නේ නැතුව කිව්වොත් එක අවස්ථාවක රන් මැණික අඬනවා තමන්ගේ ප්‍රේමවන්තයා තමන්ට වංචා කළා කියලා දැනගත්තම. සාමාන්‍යයෙන් නම් ඊළඟ පියවර හැටියට වෙන්නේ මේ චරිත ලක්ෂනත් එක්ක රන් මැණිකා මොනවහරි මන්තර බලයෙන් අවැඩක් කරන එකනේ. ඒත් රන් මැණිකා කරන්නේ සාමාන්‍යයෙන් හිතන දේට සම්පූර්ණ විරුද්ධ දෙයක්. එයා අඬ අඬම ලොකු දානයක් දෙනවා හිටපු පෙම්වතා වෙනුවෙන්. අන්තිමට වෙන දෙයක් හිතාගන්න බැරි වුණ ඒ මිනිහ අන්තිමට රන් මැණිකාගෙන් සමාව ගන්නේ වැඳ වැටිලා. ඔය වගේ ගුණාංග හින්ද මේ චරිතය විශේෂයි."

රැස් වුණු පිරිස ටික වෙලාවක් යනකම් නිශ්ශබ්ධ යි. ප්‍රවීනා වටපිට බලලා හිනා වුණාම ආයෙත් ඝෝෂාව නැගී හිටියා.

"ප්‍රවීනා ජනප්‍රියම නිළියයි හොඳම නිළියයි හින්ද දැන් හරි ආඩම්බරයි කියල කියනවා."

"ඇත්තට?" ප්‍රවීනා ඇස් පුංචි කරලා බැලුවා, ඊට පස්සේ හිනා වුණා. "ආඩම්බර වෙන්න දේවල් තියෙද්දී ආඩම්බර වෙනවා තමයි."

එහෙම කියල ප්‍රවීනා යන්න හැරුණා. අමාට පියවි සිහිය ලැබුනේ එතකොටයි. අමා ඔලුව ගසල සෙනග පීරමින් ප්‍රවීනා වෙත ඇදුනේ පෙනෙන නොපෙනෙන වේගයෙන්. තමන්ගේ වැම්පයර් ගතිගුණ පුළුවන් තරමින් රහසක් හැටියට තියාගන්න ඇය උත්සහ කළාට මේ අවස්ථාවේ අමාගේ පරිස්සම අතපසු වෙලා තිබුණා.

"ප්‍රවීනා!" අමා තම හඬ අවදි කළා. ප්‍රවීනා ආපසු හැරිලා බැලුවෙත් සිනමාත්මක විලාශයෙන්. ඇත්තටම එහෙම නැතත් අමාට පෙනුනේ එහෙමයි.

"ඔව්?" ප්‍රවීනා ඇස් පුංචි කළා.

"මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද?" අමා ඇහුවා.

"කියන්න දෙයක් තියනවා නම් ඉක්මනට කියන්න." මාධ්‍ය සාකච්චාවේදී තිබුණු මිත්‍රශීලි ස්වභාවය ප්‍රවීනාගේ වචනවලින් කොහෙටද මන්ද අතුරුදන් වෙලා තිබුණා.

"මෙහෙම නෙමෙ යි. පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද?"

ප්‍රවීනා අමා දිහා බැලුවේ 'ඔයාට පිස්සුද?' කියල අහන්න වගේ. තප්පර කිහිපයක් ඇය එහෙම බලන් ඉඳල නැවත හැරුණා.

"ප්‍රවීනා!" අමාට කියවුණා.

ඊට පස්සේ වුණේ හිතාගන්නත් බැරි දෙයක්. ප්‍රවීනා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට සඥා කරනවත් එක්කම ඔවුන් අමා වෙත ඇවිත් අමාව ශාලාවෙන් එලියට ඇදලා දැම්මා. වැම්පයර් බලයන් පාවිච්චි කළා නම් පහසුවෙන්ම නිලධාරීන්ව පරද්දන්න තිබුනත් අමාට එහෙම කරන්න උවමනාවක් තිබුනේ නෑ. ප්‍රවීනාගේ සැහැල්ලු මිත්‍රශීලි ප්‍රතිරූපය බිඳීමෙන් ඇය අතාර්කික විදිහට කම්පාවට පත්වෙලයි හිටියේ.

ශාලාව දෙස එක වරක් නැවතත් හැරිලා බලපු අමා තමන්ගේ හුරුපුරුදු අන්ධකාරය වෙත නැවතත් එළැඹුණා.

* * *
කලින් වුණු සිද්ධියෙන් ප්‍රවීනා කනස්සලටත් කලබලයටත් පත්වෙලා හිටියා. ජනප්‍රිය වීමේ යහ විපාක වගේම දුර් විපාකත් මේ වෙනකොට හොඳට අත්විඳින්න පුළුවන් අවස්ථා ගණනාවක් ඇය පසු කරගෙන ඇවිත් තිබුණා. ඒ ගැන වැඩිය වදවෙන්න ඉඩ ලැබෙන්නේ නැතිවම චිත්‍ර පටය පටන් ගත්තා. සැබෑ ප්‍රවීනා ඉදිරියේ රිදී තිර ප්‍රවීනා විසල්ව වැඩ හිටියා.

ප්‍රවීනා කවදාවත් තමන් රඟපාපු චරිතයක හරි වැරදි හොයන්නේ නෑ. එක, එහෙම කරලා වැඩක් නෑ. තමන් තෝරාගන්න චරිත එකිනෙකට වෙනස් නිසා එකක වැරදි හඳුනාගැනීම තව එකකට උදව්වක් වෙන්නේ නෑ. දෙක, ප්‍රවීනාට තමන්ගේ රංගනය උපරිම විශ්වාසයක් තිබුණා. තුන, ඒක මහා කම්මැලි වැඩක්.

ප්‍රවීනා සිනමා පටය අවසන් වෙන්නත් කලින්ම ශාලාවෙන් පිටතට ආවේ හිරණ්‍යට කතා කරන්න හිතාගෙන. ඇය ඔහුගේ අංක ඇමතුවා. හිරණ්‍ය ඇමතුම බාරගත්තේ කිහිප වරක්ම නාද වුණාට පස්සෙයි.

"කුමබකර්ණ නිදගෙනද හිටියේ?" ප්‍රවීනා කාර් එකට හේත්තු වුණා.

"හ්ම්..."

"මොකද ආවේ නැත්තේ? පුරුදු කම්මැලි කමටද නැත්තම් මම චැලේන්ජ් එක දිනනවා දකින්න අකමැති හින්දද?"

"හපොයි, මට තමුසෙගෙ ඕව ඇක්ටින් බලන්න ඕනේ නෑ. ශුව එකටම නාගෙන ඇති."

"හෙහෙ දැන්ම පරාජය බාරගෙන වගේ.ඒයි!" රථගාලේ එක පැත්තකින් එළියක් ඇතිවෙලා නැතිවෙලා ගියා. ප්‍රවීනා එකපාරටම ගැස්සුනා. "කව්ද එකෙක් ෆොටෝ ගන්නවද කොහෙද? මේ පැපරාසියෝ මහා වාතයක්."

"නිකම් බොරු කරන්න ඕනේ නෑනේ, ඔයා ඒකට කැමතියිනේ."

"මැට්ටා. මම තියනවා."

"ලොකු දෙයක්."

ප්‍රවීනා වටපිට බැලුවත් කවුරුවත් පෙනෙන්න හිටියේ නෑ. පැපරාසි ගිහින් වෙන්න ඇති. තවත් වදවෙන්නේ නැතිවම ප්‍රවීනා වහනයට නැගල තමන් කැමති විදිහට වේගයෙන් රිය පදවන්න පටන්ගත්තා. ඒ යන අතරවාරයේ තමයි ඇයට චිත්‍රපටය වෙනුවෙන් ප්‍රදර්ශය කළ විසල් දැන්වීම් පුවරුව දකින්න ලැබුණේ. ඇය ගාම්භීර ගැමි පෙනුමකින් නැගී හිටියේ දේශපාලන නායිකාවක් වගේ. හිරණ්‍යට කියල ඒවගේ කතාවකුත් ලියවගන්න ඕනේ කියල සිතුවිල්ලක් එක්ක ඒ වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් ලැබෙන්වත්. සම්මානය අතැතිව පාවඩ මැද ගුවන්තොටුපලෙන් එනවත් සිහින ගැන්විලා, ප්‍රවීනාට මන්දස්මිතියක් පහළ වුණා.

ඉතිරිය මතුවට. 

ප.ලි. : කුමාරිහාමි ඉදිරිපත් කළ පසුව අමා අතින් තවත් දීර්ග වූ කතාව මේ ලියන්නේ අපි නිතර දකින බ්ලොග් ලියන්නන් ලියන්නියන් ගේ නම් ඇසුරින් වුණත් ඔවුන් හා මේ චරිත අතර කිසිඳු ඍජු සම්බන්ධයක් නැහැ වගේම ඔවුන්ට අපහාසයක්/උපහාසයක් බලපොරෝත්තු වන්නෙත් නෑ. මෙය හුදු විනෝදය සඳහා ලියන්නක් පමණයි.

19 comments:

  1. හෙහ් හෙහ්.. මරු ඈ.. හැබැයි යාළුවා උඹ මගේ චරිතෙට උඹේ නම දාගත්තු එක කැතයි ඈ?.. අර හිරණ්‍ය කියන දෙබස් ටික මම පාවිච්චි කරන එව්වනෙ... ;)

    ඉතුරු ටික ඉක්මනට දාපන්.. (ඊට කලින් මේල් චෙක් කරල බලපන්..)

    ReplyDelete
    Replies
    1. නම්වල වෙනසක් කළේ නෑ, මේ 'හිරණ්‍ය' 'මම' හැටියට ම යි ගත්තේ. උඹේ චරිතේ ඉදිරියට එන්න තියන එකක්. එහෙනම් අපි කතා කරන විදිහ සමාන ඇති. :)

      හරි බලන්නම්.

      Delete
  2. ප්‍රවීනා පලිපාන කියන නිලිය මහ අහංකාර, විකාර නිලියෙක්.. මම දන්නව නේ.. මගේ ඔටෝග්‍රාප් එක අත්සන් කරන්නත් බෑ කියල එයාගේ “හොණ්ඩා ජුලෝලා“ බයික් එකෙන් ගස්සගෙන ගියේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. පව්, මම ඉල්ලලා දෙන්නම්.

      Delete
  3. හුටා අමා වැම්පයර් රහස් පරීක්ෂකවරියක් ද? :D

    @සාතන්:
    අර සාතන් සාතනී වෙන එක කොහොම ලියයිද දන්නේ නෑ නේද?

    නියමයි හිරණ්‍ය! ඉතිරිය කියවන්ට බලාගෙන ඉන්නේ...

    ReplyDelete
  4. වැම්පයර් කියන්නෙ තටු තියෙන ජාතියක් නේද? අපරාදෙ අර ගෑනිගේ කොන්ඩ කට්ට ගවලා විසික් කරලා ෆැෂන් අවුට් කරන්න තිබුනෙ.. අපරාදෙ..සික්..

    ReplyDelete
    Replies
    1. ඔව්, වැම්පයර් කියල සතුන්ගේ ලේ බොන වවුල් විශේෂයක් ඉන්නවා. මෙතන කියවෙන්නේ ඒ ඇසුරෙන් නිර්මාණය කරගත් අත්භූත අමනුස්ස ජීවියෙක් ගැන.

      Delete
  5. මේ පිලිතුරු දෙන්නේ ජනප්රිය චිත්රපටි නිළි ප්රවීනා පලිපාන මිස පොඩි කුමාරිහාමි නෙවේ. අපේ චරිත අතර කිසිදු සම්බන්ධතාවයක් නැතිවාක් මෙන්ම මෙය ලියන්නේ හුදෙක් හුදු විනෝදය සඳහා පමනක් බව කරුණාවෙන් සලකන්ට..

    @ හිරණ්ය,

    මොනවද මැට්ටෝ මේ ලියලා තියෙන්නේ?...කිසි කමකට නැති තිර රචනයක්. මමම රඟ පෑවා ඇර වෙන කිසිම නිළියකට කල හැකි දෙයක් නෙමේ...මේ චරිතේ. අනෙක අර අමාගේ චරිතේ ඔයිට වඩා උලුප්පලා දාන්ට තිබුනේ නැද්ද? එයාගේ වැම්පයර් දේහ ලක්ෂන කාරිය විස්තර කරලා. එතකොට මගේ සුකුමාල බව තව ටිකක් වැඩිවෙලා පේනවනේ. හී හී ….

    @සාතන්,

    මොනාද අනේ එකපාරක් කෝල් කරනකොට ෆෝන් එකට ආන්සර් කරන්ට ඉගෙන ගන්ටකෝ මෙයා? මොනවද ඔයා ඔය හොරෙන් හිරණ්යට කියන්ට යන්නේ ? මම ගැන කේලමක් නේද? :D:D

    @ දේශකයා,

    මම ඒ පරන බයික් එක විසි කරලා අලුත් එකක් ගත්තා ඔයා දැක්කේ නැද්ද ? එදා ඔයාගේ ඇඟේ මඩ පාරක් විදගෙන ගියේ...:D:D

    @අමා,

    කොහොමද මගේ ඇක්ටින්? :D:D

    ReplyDelete
    Replies
    1. මේ උත්තරේ දෙන්නෙත් ඒ මහ ලොකු නිලියට,

      වෙන නිලියෝ නැත්තන් හොඳයි. බලන් ඉන්නවකෝ මීට පස්සේ මට කියල පිටපත් ලියවගන්න. තමුසේගෙන් මට ලියන හැටි ඉගෙනගන්න ඕනේ නෑ.

      Delete
  6. ප.ලි කෑල්ල තනි වචනෙන් ලියන්න තිබ්බා නේද? "මාර්කටින්!"

    ReplyDelete
    Replies
    1. බලාගෙන මෙයා ඔයාවත් මේකේ චරිතෙකට ගනීවි!
      දැන් ප්‍රවීනා තමයි සප්ත පාපයෙන් 'මානය' හෙවත් pride. අමා තේරෙන හැටියට lust. හිරන්‍ය (sloth??) සහ සාතන්(greed??) මොන මොන පාප නිරූපනය කරයිද කියල බලන්ට ඕනේ...
      පුසා ටත් පාපයක් දේවි සමහර විට!! :D

      Delete
    2. 'සෙල්ෆ් ප්‍රොමෝටින්' වඩා ගැලපෙයි.

      Delete
    3. බයවෙන්න එපා අමා පූසටත් ගරු රඟපෑමක් තියනවා.

      අමාගේ උපකල්පන හරි වගේ.

      Delete
    4. "බයවෙන්න එපා අමා පූසටත් ගරු රඟපෑමක් තියනවා"
      මම කිසිසේත්ම කැමති නැති උනත් ඔබට කියන්න පුළුවන් 'ඒ වෙන පූසෙක්' කියලා. ඉතිං මෙතනදී මට ඔබට කිසිවක් කියන්නට බෑ.

      Delete
  7. මේක කියවද්දී මට මොකද්දෝ හේතුවකට Blade Runner ෆිල්ම් එක මතක් උනා

    ඒ ඇයි කියාල හිතන්ට ගත්තම මේකෙත් 'noir' ගතියක් තීනවා වගේ හිතුණා. හිරණ්‍ය ට රූප මවන්න ලොකු දක්ෂකමක් තීනවා... ලියන්ට බැරිද චිත්‍රපට පිටපතක් ? (ප්‍රවීනා පලිපාන රඟපාන්ට කැමති වේවි!)

    ම්ම් සප්ත පාප කීවම ඊළඟට ඉතුරු wrath, greed, sloth, lust, envy, සහ gluttony...හෙනම් තව කොටස් 6 ක්ම යාවිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්, noir වගේ තමයි. එහෙම වෙලා තියෙන්නේ නිලියක් ගැන කියල කතාව පටන් ගත්ත හින්ද මම හිතන්නේ. හොලිවුඩ් ගතියක් එක්ක රහස් පරීක්ෂක කතා කියන්න ගියහම කොහොමත් noirනේ. Marilyn Monroeගේ කලුසුදු පින්තුරෙත් එකට තව උදව් වෙන්න ඇති. ස්තුතියි. බලමුකෝ. :)

      එහෙම තමා හිතන් ඉන්නේ.

      Delete
  8. හිරණ්‍ය මම දිග කමෙන්ට් එකක් ලීවා. ඒක ස්පෑම් වෙලා. කරුණාකරලා ඒක ගිය තැනකින් හොයලා දෙනවද? :)

    ReplyDelete
    Replies
    1. දැන් හරි. නිලියට බ්ලොග් එක කැමති නෑ වගේ. :D

      Delete