Friday, July 13, 2012

බ්ලොග් ගෝත්‍රිකයා | Not even mad!

එකමත් ඒක කාලෙක ඈන් රයිස් ලියපු කතාවක් ගැන ලියන එක අත්තරලා දැම්මේ කවුරුවත් කියවන එකක් නෑ කියල හිතාගෙන. සිංහල සාහිත්‍යයේ ශානර බෙදිමක්වත්, ප්‍රබන්ධ ගැන සැලකීමක්වත්, යථාර්තවාදී නවකතාවලින් ඔබ්බට ඇති ලිවීම් ගැන සලකා බැලීමක්වත් නැති හින්ද ඒකෙ කොහොමත් වැඩක් නෑ. ඒ වෙනුවෙන් මාටින් වික්‍රමසිංහට හිතෙන් බැන බැන ඉන්නකොට තමයි මතක් වුණේ බ්ලොග් පාටිය, තීම් එක ට්‍රයිබල්. තීම් එකට ගැලපෙන ඇඳුමක් කල්පනා කරද්දී හිතුනා ඇඳුමක් නැතුවම ඇඟේ මොනවහරි කලර් කරන යන්න. ඒත් අන්තිමට බෑ කියල හිතිලා නම දන්නේ නැති ගහකින් කොළ කඩාගෙන ඉන වටේට එල්ල ගත්තා.

පාටිය තිබුනේ බත්තරමුල්ලේ පැත්තේ ඔයක්ද වැවක්ද ළඟ. නම කියන එක හරි නෑ, ඒක හින්ද කියන්නේ නෑ. ඒක සරසල තිබුනේ දෙවෙනි වරම කියල කට්ටියක්. වැඩේ නම් අවුලක් නෑ. කැලයක් වගේම තිබුණා. වැඩේ කියන්නේ හෝල් ඒක මැද්දේ ගිනි ගොඩකුයි පැත්තකින් ගුහාවකුත් තිබුණා. කොළ ඇඳුම අස්සේ හංගන් හිටපු මගේ අයිෆෝන් ඒක කොහොම හරි එළියට අරන් ෆොටෝ එකක් අරන් ට්වීට් කරන්න යනකොටම එතනට කව්ද මන්ද එකෙක් කඩාපාත් වුණා.



"උඹ හිරණ්‍ය නේ?" මම නෑ කියන්න ඔලුව වැනුවා.
"නැත්තේ මොකද උඹ හිරණ්‍යම තමා, මේ මම සාතන්!" ඒ පාර මම ඔලුව වැනුවේ ඔව් කියන්න.

අපි දෙන්න අඟහරු ජීවීන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන බරපතල සාකච්චාවක යෙදිලා ඉඳිද්දී කව්ද මන්ද කෙල්ලෙක් එතෙනට අවා. එයාගේ ඇඳුම ගැන විස්තර කරන එක සෑහෙන අමාරුයි, ෆොටෝ එකක් ගන්න තිබුණා ඒත් අමතක වුනානේ.

"මම ඔයාලව දන්නවා. ඒත් මම කියන්නේ නෑ. :D" එයා කිව්වා.
"ඒ ඇයි, ඔයා ඇනොනිමස් ද?" සාතන් ගොයියා ඇහුවා.
"අනේ නෑ අනේ, අර ඉන්නේ ඇනෝල... :D" එයා අත දික්කරල එකෙක්ව පෙන්නුවා. ඒ ඇනෝල අර වී ෆෝ වැන්ඩෙටා මූවි එකේ වගේ වෙස් මුණක් දාගෙන හිටියේ. මම එක ඇනොවෙක්ට අත වැනුවා, ඒත් ඌ ඒක නොදැක්ක වගේ හිටියා. 

"ඉතින් ඔයා කව්ද කියල කිව්වේ නෑනේ?" මම ඇහුවා. ඒත් එයාගෙන් උත්තරයක් ගන්න ලැබුනේ නෑ. එකපාරටම කව්ද මන්ද කෑගහන සද්දෙකුත් එක්කම බල්ලෙක් බුරන්වත් ඇහුණා. අපි තුන්දෙනා එතනට දුවල ගියා. යද්දී මොකුත් වෙලා තිබුනේ නෑ. කෑගහපු කෙනා බල්ලවත් වඩාගෙන හුරතල් වේවි හිටියා.
"හරී කි-යු-ට්. :D" 

අපිත් එක්ක හිටපු කෙල්ල හුරතල් බලන්න එතන නැවතුණා. මමයි සාතනුයි ආයේ පැත්තකට වෙලා අනාගතේදී අපේ ගෝත්‍රික සංස්කෘතිය රැකගන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ බාරසාර සාකච්චාවක් ආරම්භ කළා. සාතන්ගේ යෝජනාව වුණේ නීති රීති මාලාවක් හදන්න ඕනෙයි කියන කාරණය. 'අනිවා' මම එකඟ වුණා. ඊට පස්සේ අපි නීති එකින් එක පෙළගස්වමින් ඉන්නකොට ඇනොවෙක් ආවා. හැබැයි මුකුත් කිව්වෙත් නෑ. අපි දෙන්නගේ කට දිහා බලාගෙන හිටියා.

"ඉතින් මොනවත් කියන්නේ නැද්ද?" මම ඇනොගෙන් ඇහුවා. ඇනෝ ඔලුව වැනුවා.
"හරී කි-යු-ට්!" මට කියවුණා.

ඊළඟට බ්ලොග් ගෝත්‍රයේ වංශය කබල් ගෑම, සමුහ ගී ගායනය, හොඳම මඩ වගේ පොඩි පොඩි තරඟ කිහිපයකුත් තිබුණා. සැඟවුණු අමුත්තා කව්ද හොයන තරඟයක් නැද්ද කියල මට දැනගන්න ඕනේ වුණහම මේ අවුරුදු උත්සවයක් නෙමෙයි කියල සාතන් මට මතක් කරලා දෙන්නත් වුණා. ඔය තරඟයක් අතරේදී කව්ද මන්ද කැමරාවක් උස්සගෙන එහාටයි මෙහාටයි පැන පැන වීඩියෝ කරන්න පටන් ගත්තා. නිකන් හිතන්නකෝ ගෝත්‍රිකයෙක් වගේ ඇඳගෙන කැමරාවකුත් අරන් ඉන්න කොට, ගොනයි මීමටයි වැඩිය වෙනසක් නෑ. අපරාදේ මගේ අයිපෑඩ් එක අරන් ගියේ නෑනේ නැත්තම් ඒ වෙලාවේම පොස්ට් එකක් ලියල දානවා.

තරඟ ඉවරවෙලා දිනපු අයට තෑගිත් දුන්නා. ඊට පස්සේ එළඹුණේ හොඳම බ්ලොග් එකට තෑගි දෙන අවස්ථාව. හැමෝම හිතුව වගේම ඒ තෑග්ග ලැබුනේ මට. මමත් ඉතින් පුදුම වෙලා වගේ ගිහින් සම්මානය ගත්තා. කට්ටියව නිදිකරවන්නත් එක්ක පැයක ස්තුති කතාවකුත් කරලයි නැවතුනේ. ඒ වුණාට කාටවත් නින්ද ගිහින් තිබුනේ නෑ. හැමෝම කම්මැලි කමින් හිටියේ. අවොර්ඩ් එක ගොඩක් උස ගහක අත්තක් හින්ද මගේ ලේක්සස් කාර් එකේ අරන් යන්නත් අමාරුයි, මම කැබ් එකකට කෝල් කළා. ඒ අස්සේ අර ලොකු ඇඩ් එකක් දාපු එකා ඇවිත් අපේ වීඩියෝ පෙන්නන්න පටන්ගත්තා. මම සාතන්ට ඇහැක් ගැහුවා, ඌ හිනාවුණා.

පාටිය ඉවරයි, කොහොමත් සැරසිලි කාලයක් හින්ද යද්දී පරිසරය එද්දී පරිසරයට වඩා වැඩි වෙනසක් නෑ. සාතන් මට ටටා කියල යන්න ගියා. මාත් බායි කියල කැබ් එක එනකන් හිටියා. මේ වෙද්දී ඉන වටේ තිබුණ කොළ ගැලවෙන්න ඔන්න මෙන්න. බොහොම අමාරුවෙන් ඒවා හැලෙන්න නොදීමේ අසාර්ථක උත්සාහයක යෙදෙද්දී වැස්සක් වහින්න ගත්තා. හෝල් එක අස් කරන හින්ද ආපහු යන්න පුළුවන් වුනෙත් නෑ. සම්මානේ පැත්තකට විසි කරලා මම ගෙදර ගියා. ඔය විදිහට සම්මානේ සති දෙක තුනකට අමතක වුණා. ආයේ අවොර්ඩ් එක මතක් වෙලා ගිහින් බැලුවහම ඒක පැල වෙලා. අපේ පොළවේ වටිනාකම ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන මම ආපහු ආවා. ඉතින් ඊට පස්සේ මමයි මගේ බ්ලොග් එකයි හැමදාටම සතුටින් ජීවත් වුණා.




ප.ලි. - මේ කතාවක් හින්ද මගේ නමයි මගේ යාළුවා, සාතන්ගේ නමයි (නම පාවිච්චි කළේ අහලනම් නෙමේ, අකමැත්තක් නෑ කියල හිතනවා.) ඇරුනම අනික් හැම කොටසක්ම මනඃකල්පිතයි. සැබෑ සිද්ධීන් හෝ පුද්ගලයන් අතර කිසිම සම්බන්ධයක් නෑ. 

12 comments:

  1. මනඃකල්පිතයි නේ? :D

    ReplyDelete
  2. ඇඬේනවා තනි ඇහැට.....:D

    ReplyDelete
  3. මට යන්න බැරි උනානෙ සම්මාන උලෙල බලන්න..සැහ්...

    ReplyDelete
  4. පොඩ්ඩිද බන් බල්ලා වඩාගෙන හිටියේ...

    ReplyDelete
  5. ඇස් පියාගෙනද මන්ද විදල තියෙන්නෙ

    ReplyDelete
  6. මේ වීඩියෝ පින්තූර ටිකනම් මරේ මරු

    ReplyDelete
  7. ඇල්පෙනෙත්තක් වගේ... එල ;)

    ReplyDelete
  8. අපරාදෙ සම්මානෙ පැලවෙන්ඩ දුන්නෙ...
    (සිරාවට පින්තූර ටික එල...)

    ReplyDelete
  9. හෙන ඉස්සර කියවපු කෙටි කතාවක් මතක් වුණා. පාරම්පරික නැට්ටුවෙක්ට කතා කරල පත සම්මානයක් දෙනවා. සම්මාන රාත්‍රිය දවසෙ මිනිහට ගෙදර යන්න සල්ලි නැතිව සම්මානෙත් තුරුල් කරන් බස් ස්ටෑන්ඩ් එකක් නිදාගන්නවා...

    ReplyDelete
  10. Nicely written.. Congratulations!!! :)

    ReplyDelete