Friday, June 8, 2012

අස්ථාවර සුඛාන්තය | Happy Endings


ගලමත නලියන පෙණ බුබුලක් මත
සුළඟට සෙලවෙන පිහාටුවක්
සුසිනිදු එය මත ඉඩ ඇත්තේ නැත
ඇහි පිල්ලමක් යලි අහුරන්න

පිහාටුවට ගිනි තබමි මම
හානි නොවෙන්න බුබුලට
පාවී යන භෂ්ම තනිකරයි
දිය බුබුල තුල අවකාශය

හිස්කම අතරින් මතුව දිස්වන
බුබුල මත හිරු එලියෙන් දිදුලන
සිටගනිමි සීරුවෙන් සැනසෙන්නට
අස්ථාවර බව තුල ස්ථායිව

අප්‍රාණික බුබුල තුල වාතය
මුසුවේ පිටතට හනික
පර්වතය අසල තනිව මම
මාගේ සුඛාන්තය සමගම

4 comments:

  1. ඔයා නම් හරි අමුතුම කවි කාරයෙක් හිරණ්‍ය... වෙනස්ම වෙනස්..

    අර පිංතුරේට නම් මම හරි ආසයි

    ReplyDelete
  2. සිරා මචං.. දෙපාරක්ම නිවී සැනසිල්ලේ බලලයි අයිඩියා එකක් දා ගත්තේ..

    ReplyDelete
  3. අස්ථායීබව තුල ස්තායීබවක් රැකගෙන සැපක් ලබන්ට හදනවද? :)

    ReplyDelete
  4. මට නම් තේරුනේ නෑ බන්... මේ වෙලාවෙ ඕක කල්පනා කරන්නත් බෑ :)

    ReplyDelete